Saturday, December 31, 2011
Saturday, December 24, 2011
මම TV එකේ චිත්‍රපටියක් බැලුවෙමි

මේ දෙන්නා ආදරෙන් වෙලිලා හිටියේ.....
මේ ගෑණු ළමයට වහා ගිනි ඇවිලෙන සුළු මල්ලි කෙනෙකුත් හිටියා.....
තව මෙයාලට හොඳ යාලුවෙක් හිටියා හිපෝ කෙනෙක් වගේ
මේ අතරේ ලෝකෙම ගිලින්න බලාගෙන නපුරු සතෙක් එනවා.
Surfing board එකක් උඩ වැඩ පෙන්නන ඩයල් එකකුත් මේ නපුරාගේ හෙල්ප් එකට එනවා.
කොහොම කොහොම හරි දිවි පරදුවට තියල මේ සෙට් එක සටන් කරනවා ලෝකෙම බේරගන්න.
ගෑණු ළමයා මැරෙන්නත් යනවා.
ඒ අස්සේ අන්තිමට අර surfing board කාරයගෙත් උදව් අරන් නපුරාව එලවනවා.
අන්තිමට ලෝකෙම බේරෙනවා.
යන්තම්, මැරෙන්න ගිහින් අනූ නමෙන් බේරුණ අර ගෑණු ළමයා සිහිය ආවට පස්සෙ මුලින්ම තමන්ගෙ මල්ලිව දැක්ක ගමන් වැළඳ ගන්නවා.
ඊට පස්සේ කොටු කොටු වගයක් පේන්න ගත්තා....
_(&$*@_@$*$@%#!#3131(!!!!
ශික් විතරක්.....
අක්කට තමන්ගෙ මල්ලිව බදාගන්නවත් දෙන්නෙ නැති හැටි මුන්
ඒකටත් දානවනේ කොටු කොටු
Friday, December 16, 2011
මාලු පාන්

ලේසියට පහසුවට උදෑසන ආහාරයට, උදේ තේ වෙලාවට , හවස තේ වෙලාවට සහ අවේලාවට යන මෙකී නොකී සියලුම අවස්ථා වල ආහාරයට ගන්නා මාලු පාන් වල මාලු කෑල්ලක් දැකීම ඉතා දුර්ලබ අවස්ථාවකි.
ඇත්තෙන්ම කියනවා නම් මාලු පාන් එකක මාලු කෑල්ලක් දැකීමට කලින් ආත්මයක මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් කර තිබිය යුතුය. ඉතින් මාලු නැති, අල බතල දෙල් සෝයා මීට් වලින් පුරවා ඇති මේ පාන් (බනිස්) ගෙඩියට මාලු පාන් කියා නම වැටුනේ කෙසේදැයි ඔබ කිසි දිනක කල්පනා කර තිබේද?
ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජන වහර වෙනස් වෙයි. එක ප්‍රදේශයකදී එළවලු ව්‍යංජන යනුවෙන් නම් කරන දෙය තවත් ප්‍රදේශයකදී මාලුව යනුවෙන් හදුන්වයි. මාලු පාන් යන කෑම වර්ගය මුලින්ම සාදන්නට ඇත්තේ මෙසේ පිසූ එළවලු වලට මාලුව යනුවෙන් ආමන්ත්‍රණය කරන ප්‍රදේශයක බේකරියක වන්නට ඇත. මාලු( පිසූ එළවලු) දැමූ පාන් නිසා මාලු පාන් යනුවෙන් මෙය නම් වන්නට ඇත.
එහෙත් ලංකාව පුරා මේ කෑම වර්ගය ව්‍යාප්ත වූ පසුවත් මේ කෑම වර්ගය "මාලු පාන්" යනුවෙන් හැදින්වුන නමුත් මාලු යන වචනයේ තේරුම වෙනත් ප්‍රදේශ වලට යද්දී වෙනස් වුන නිසා මාලු පාන් වල තෝර මාලු මෝර මාලු ඇති කියා මිනිසුන් සිතන්නට පටන් ගත්හ. ඒ නිසා තෝරු මෝරු ඇති සිතමින් මිනිස්සු තවමත් මාලු පාන් කන නමුත් හම්බ වෙන මාලුවෙක්ද නැත. එහෙත් මේ මාලු පාන් කෑම නවතින්නේද නැත.
Wednesday, December 14, 2011
Thursday, December 8, 2011
ලාබයි ඇපල්.......

පන්තියෙ උගන්වන ගමන් කම්මැලි කම යන්නත් එක්ක රස කතාවක් එහෙම කියන සිරිතක් සර්ට තිබුණා. දැන් ඉතින් ඒ සේරම කතා නම් මතක නෑ, පන්ති ගිහිල්ලත් අවුරුදු අටක් වෙනවනේ. ඒත් කතා දෙක තුනක් තාමත් හොඳට මතකයි. අද කියන්න යන්නේ ඒ විදියට මම අහපු කතාවක්.
Tuesday, November 29, 2011
Monday, October 24, 2011
Anti-හකා
ඊයේ ගොඩාක් අය බලාපොරොත්තු වුන විදියටම නවසීලන්තය ශූරතාවට හිමි කම් කීමත් සමගම රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමා වුනා. මං හිතනවා හැමෝම වගේ අවසන් මහා තරඟය බලන්න ඇති කියලා. මේ තරඟය ගැන විචාර ඕන තරම් වෙලා ඇති. ESPN scrum සයිට් එක පැත්තේ ගියා නම් ගොඩක් දේවල් කියවන්න පුළුවන් රග්බි ගැන. ඒ නිසා රග්බි පාපන්දු ගැන ලාවට දන්නා මම ඒ ගැන විචාරයක් කරන එකේ තේරුමක් නම් නැහැ. ඒත් ඊයේ මැච් එක බලද්දි විශේෂ දෙයක් මම දැක්ක නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි ලෑස්තිය. සුපුරුදු පරිදි තරඟයට කලින් නවසීලන්තය හකා නර්තනය ඉදිරිපත් කරද්දි ප්‍රංශය ඒ සඳහා දැක්වූව ප්‍රතිචාරය ඔයාලට මතකද?
Tuesday, October 18, 2011
මියැසි , The Final Year Project
මෙච්චර කල් කරපු ෆන් වැඩ ගැන බ්ලොග් එකේ පෝස්ට් දාපු මම academic පැත්තෙ දෙයක් ගැනත් ඔයාලට කියන්න ඕන කියලා හිතුවා. මොකද නැත්නම් කට්ටිය හිතයි මම කැම්පස් එකේ සින්දු කිය කියා ඉන්න එක විතරයි කියලා කරන්නෙ.ඒ නිසා අපේ Final Year Project එක ගැන විස්තරයක් කියන්න තමයි මම අද ඔන්න ලෑස්ති වෙන්නේ. මීට අවරුද්දකට විතර කලින් පටන් ගත්ත Project එක දැන් නම් demonstration , viva සේරම තියල ඉවරයි. මේ ටිකේම අපි මේ Project එක විවිධ තරඟ වලට , ප්‍රදර්ශන වලට අරන් යන එක තමයි කරන්නෙ. ඒ නිසා හිතුනා බ්ලොග් අවකාශයෙත් Project එක ගැන පොඩි ඇඩ් එකක් දාන්න කාලෙ හරි කියලා.
Saturday, October 15, 2011
කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව II
ඔන්න මං කියපු පින්තූර කතාවේ දෙවැනි කොටස. මීට කලින් මං මේ සවාරිය ගැන ලියපු පෝස්ට් ටික බලන්න මේ ලින්ක් වලට යන්න...
කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...
කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I
Thursday, October 13, 2011
කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I
මේ දිග හැරෙන්නේ අපේ කඩුගන්නාව-කඩිගමුව හයික් එකේ පින්තුර කතාවයි......
අපි කඩුගන්නාවට වෙනකන් එක්කගෙන ගිය පොඩි මැණිකේ දුම්රිය කොටුවෙන් පිටත් වෙන්න සුදානමින් එදා දුම්රිය අරන් ගියේ M6 පන්තියේ 792 එන්ජිම.
උදේ පාන්දර කෝච්චි පිස්සො එක්ක 5.55 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වුන පොඩි මැණිකේ කඩුගන්නාව දිහාවට ඇදෙන්න ගත්තා.
Monday, October 10, 2011
කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...

Wednesday, October 5, 2011
උපන්දින සටහන....
කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරි වුණා...
කොහෙද අර ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ වගේ තමයි. පහුගිය ටිකේ මූණු පොතේ වත් වැඩි වෙලා ඉන්න ලැබුනේ නෑ තිබ්බ වැඩ රාජකාරි වල හැටියට. වැඩ කිව්වේ ඉතින් project එක අරගෙන එහෙ මෙහෙ දුවන එකයි music practice යන එක තමයි වැඩියත්ම.
ඊයේ මගේ උපන්දිනේලුනේ....
ඉතින් රෑ 12 ඉඳන් ෆෝන් එකට වැඩ ගොඩයි. මූණු පොතට ඇවිත් බැලුවම මගේ තාප්පෙ කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් කුරුටු ගාලා ගිහිල්ලා. තාප්පෙ පිරිලා සුභ පැතුම් වලින්.
ඉතින් රෑ 12 ඉඳන් ෆෝන් එකට වැඩ ගොඩයි. මූණු පොතට ඇවිත් බැලුවම මගේ තාප්පෙ කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් කුරුටු ගාලා ගිහිල්ලා. තාප්පෙ පිරිලා සුභ පැතුම් වලින්.
තාමත් ඒ සුභපැතුම් වලට reply කරනවා මම. :D
අවුරුද්දකින් මම වයසට ගියපු නිසා පොඩි දුකකුත් නැතුව නෙමෙයි. ඒත් මෙච්චර යාලුවෝ තොගේකට මාව මතක් වෙනවා නේද කියල හිතුනම ගොඩාක් සතුටුයි.
අවුරුද්දකින් මම වයසට ගියපු නිසා පොඩි දුකකුත් නැතුව නෙමෙයි. ඒත් මෙච්චර යාලුවෝ තොගේකට මාව මතක් වෙනවා නේද කියල හිතුනම ගොඩාක් සතුටුයි.
ඉතින් ඒ හැම යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි....
ඔන්න එහෙනම් මේ රසම රස කේක් ගෙඩිය ඔයාල හැමෝම වෙනුවෙන්...
හැමෝම රණ්ඩු නොවී බෙදාගෙන කන්න ඕන හොඳ ළමයි වගේ...
Thursday, September 22, 2011
කෝච්චි සහ මම

ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකමට නෙමෙයිනේ.එක එක මිනිහගේ ආසාවන් එකිනෙකට වෙනස්. එකම දේ දිහා මිනිස්සු බලන්න විවිධ පැති වලින්. වැඩිය ඕනේ නෑ.....
බ්ලොග් අවකාශය අරන් බැලුවොත් ඇති ඒක තේරුම් ගන්න.
එක එක ජාතියේ බ්ලොග් තියෙනවා විවිධ විවිධ මාතෘකා ගැන කතා කරන. පොඩි දේකට කට්ටිය දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා වෙලාවකට.
ලෝකය ලස්සන වෙලා තියෙන්නෙත් මේ විවිධත්වය නිසා කියලයි මට හිතෙන්නේ
මමත් ආසකරන, පිස්සුවක් කියල අනිත් අයට පේන මට්ටමට ගියපු දේවල් කීපයක්ම මගේ ඔලුවේ තියෙනවා
music, ක්‍රිකට්......
music, ක්‍රිකට්......
ඒ අතරේ මට තියෙන තවත් පිස්සුවක් ගැන ඉඟියක් මම මේ බ්ලොග් එක ආරම්භ කරද්දීම දීලා තියෙනවා.
Friday, September 16, 2011
කුමාරියෝ..............
රුහුණු, ගාලු, සාගරිකා, රජරට ලෙස නම් දරුවෝ
හැමදා හිමිදිරි උදයේ අපව කොළඹ අරන් ගියෝ
සවස් කලට නැවතත් අප ගමට ගෙනත් ඇරලූවෝ
පා පුවරුවෙ වාඩි වුනත් සැප අසුනක සුව දැනුණා
එන්න ටිකක් පමා වුනත් නැහැ අපි වූයේ තරහා
පමා වෙලා ආවත් බස් එකට කලින් කොළඹ ගියා
ඔබ ආවේ නැති දවසට මගතොට අපි දුක් වින්දා
Friday, September 9, 2011
Monday, September 5, 2011
යාත්‍රාවේ අපේ අයිටම් එක
මතකද මං අපේ යාත්‍රා ප්‍රසංගය ගැන පහුගිය දවස් වල ලොකු පුරාජේරුවක් ඔයාලා ඉස්සරහ දිග ඇරිය හැටි?
ඒ පෝස්ට් දෙක නොබලපු අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
දවසක් අපේ තරිඳු සහෝදරයා එහෙමත් නැත්නම් අපි හැමෝම කියන විදියට චූටි කතා කරලා කිව්වා "යාත්‍රා එකට අපේ batch එකෙන් item එකක් කරනවා, වරෙන්" කියලා. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. මමත් “හරි මචන් අනිවා එන්නම්” කියලා ඒ වෙලාවෙම වැඩේට සෙට් වුණා. බොරු කියන්නේ මොකටද..
මල්ලිලා නංගිලා යාත්‍රා එකට පුහුණු වෙද්දි මෙදා පාර යාත්‍රා එකට සහභාගී වෙන්න බැරි වෙයි කියන සිතිවිල්ල ඇති වෙලා තිබුනේ. ඇත්තටම හිතට දුකක් දැනුණා මේ වගේ දේකට දායක වෙන්න බැරි වෙයි කියන බය නිසාමද කොහෙද. කොහොමත් ඉතින් පොඩි කාලේ ඉඳන් ඇඟේ තියෙන සංගීත උණේ හැටියට එහෙම දුක හිතෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ බලාගෙන ගියාම. ඉතින් චූටිගේ මේ කතාවත් එක්ක ඒ දුක හිතෙන් පහ වෙලා ගියා,
හරියට ඉරු එලිය දැක්කම අතුරුදහන් වෙන පිනි බින්දු වගේ.
Friday, September 2, 2011
තොප්පිය වැටෙන වික්‍රමය ,Hat Tricks.

මට මේ එක පිට පන්දු තුනක විකට් තුනක් ගන්න දක්ෂතාවයට කියන නම හැදුන හැටි ගැන ගොඩක් කාලෙකට කලින් අහපු කතාවක් මතක් වුණා.
ඉස්සර කාලෙ මේ දක්ෂතාවය පෙන්නුව ක්‍රීඩකයන්ට තොප්පියක්( හැට් එකක්) තෑගි විදියට ප්‍රදානය කරන සිරිතක් තිබුනාලු. හැට් එක ගන්න දාපු ට්‍රික් එක නිසා HAT TRICK වුණා කියල තමයි මම අහල තිබුනේ. මට ඉතින් නිකමට හිතුණා මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න.බැලින්නම් කතාව ඇත්ත තමයි . විකිපීඩියා උන්නැහේ කියන විදියට මේකයි වෙලා තියෙන්නෙ,
1858 වසරේදී මේ දක්ෂතාවය දක්වපු HH Stephenson කියන ක්‍රීඩකයාට හැට් එකක් තෑගි විදියට දීලා තියෙනවා. එතනින් තමයි මේ නම හැදිලා තියෙනවා කියන්නෙ..
Tuesday, August 30, 2011
Sunday, August 28, 2011
පන්සිල් පද පහ ටැපලිලා :o
අද මූණු පොතේ අපේ යාලුවෝ කට්ටියක් කරපු කතා බහක් දැකල මට හිතුනා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න. ශෙලාන් සහෝදරයා තමයි මේ කතා බහට අදාල පොටෝ එක මූණු පොතට අප්ලෝඩ් කරලා තිබුනේ. මේ කතාව අපේ රටේ මාධ්‍යවේදියෙකුට පන්සිල් පද පහ වැරදුන සිද්ධියක් ගැන. මුලින්ම මේ පොටෝ එක බැලුව නම් හොඳයි කියල හිතෙනවා. එතකොට ඔයාලටත් තේරෙයි මං මේ කියන්නේ මොකක් ගැනද කියල.
ඔයාල මොකද මේ සීන් එක ගැන කියන්නේ?
අත් වැරදීම් වෙන්න පුළුවන්, ඒත් මේවයෙ proof බලන අයවත් නැද්ද? මමත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානකොට වෙන කාට හරි කියල චෙක් කොරවල තමයි දාන්නෙ.
අත් වැරදීම් වෙන්න පුළුවන්, ඒත් මේවයෙ proof බලන අයවත් නැද්ද? මමත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානකොට වෙන කාට හරි කියල චෙක් කොරවල තමයි දාන්නෙ.
හැබැයි නිසංස කියන විදියට දැන් ස්කොල වලට ළමයි දාගන්න ගියාම ඇත්තටම පලවෙනි සිල් පදේ කැඩෙන තත්වයක් එන්නත් බැරි නෑලු. හී හී.....
Sunday, August 21, 2011
ක්‍රිකට් සහ අපි

මචං හෙට මැච් එකක් තියෙනවද? කීයටද?
ඔය වගේ ප්‍රශ්න කෝටියකුත් තව එකක්,
විද්වත් කතා බහ ඇහෙනවා හැම තැනම.
මීට පෙර තතු විත්ති විශ්ලේෂණ කරයි
මේ ground එක මුලින් බැට් කරන්නට හොඳයි
අපේ දඟ පන්දුවට ෂුවර් එකට විකට් යයි
පොන්ටින් ව කැඩුවොතින් මැච් එකම ගොඩ තමයි
මේ පාර පැරදුනොත් ranking පහල යයි
match එකට පැයකට කලින්:
කොල්ලො විස්සක් විතර ඇවිත් කාමරෙ පුරා
කොල්ලො විස්සක් විතර ඇවිත් කාමරෙ පුරා
පිරෙනවා ඇඳන් උඩ මේස උඩ හැමතැනම
කව්ද අද මැච් එකට ගහන එකොලොස්දෙනා
හපොයි අර ඩයල් එක අදත් ඉන්නව නේද?
තේරීම් කමිටුවට දෙස් දෙවොල් කෝටියයි
මෙයා නැති team එකක් හදනු බැරි ඇයි අසයි
පොඩි උන්ට චාන්ස් ඒක දෙන්නේම නැති හැඩයි
මෙහෙම ගියොතින් ක්‍රිකට් නැති වෙනවා සහතිකයි
පටන් ගන්නත් කලින් කොල්ලොන්ගෙ හිත රිදෙයි
ඒත් නෑ යන්නෙ නම් හැර දමා team එක
අවසාන පන්දුවත් යවා අවසන් තුරුම
සටන වෙත හිත යොමා සීරුවෙන් බලන්නෙමු
මැච් එක ආරම්භ වී පැය පහකට පමණ පසු:
ක්‍රිකට් එපා වෙන තැනට වැඩ සිදු වෙලා නේද?
අපේ සිංහයො රැළට කුමක් සිදු වී ඇත්ද?
නිවා tv කබල ඇදෙයි එක එකා තම
කාමරය වෙතට වැඩ ආරම්භ කරන්නට
නිකමට වගේ යනවා cricinfo දිහාවට
ඉන්දියා එංගලන්තයෙ තරඟ වදිනවා
අමර කෑමක් කන්නෙ ඇඩ්රසුත් නැති වෙන්න
ලෝක ශූරයො දන ගහයි සුද්දා ඉදිරිපිට
සේවාග් අවුට් වී තඩි බින්දු ගෙඩියකට
තාම නෑ 300 ගහල මැච් තුනකටම
සුද්දො ටික නෙලනවා උන්ගේ බෝලර්ස් ලාට
3ක් දිනු සුද්දන්ට ඉතුරු එක කජ්ජක්ද
මාර ආතල් අපිට මේ සීන් දකින විට
අපේ දුක නිවී යයි සතුට ඇත ඉතිරෙන්න
අපේ උන් දිනන්නෙම නැති නිසා තියෙන දුක
නැති වෙනවා ඉන්දියා කන විදිය දැක්කාම
ඉන්දියාවේ උනුත් මේ විදියටම ඇති
කන්ගරුන් දිනන විට උන්ට ඇති මාර ජොලි
කමක් නෑ තව මැච් එකක් තියෙනවා නේද
ඒකවත් ගහමු අපි කන්ගරුන් කුඩු වෙන්න
Monday, August 15, 2011
CGR එක කලාකාමී වූ වගයි.....

මොරටුවේ රුහුණ නවත්තන්නෙ නැති නිසා කළුතරින් බැස්සා. කළුතරින් තියෙනවා මොරටුවේ නවත්තන කෝච්චියක්. ඒක මං යද්දි flatform එකට අරන් තිබුනෙ නෑ. යාර්ඩ් එකට ගිහින් කෝච්චියට නැග්ගා විතරයි, මට දැනුනේ නිකන් දේවාලෙකට ගියා වගේ. නැත්නම් මහනුවර යුගයේ නිෂ්පාදනය කරපු කෝච්චි පෙට්ටියකට නැග්ගා වගේ. දොර ඉස්සරහම ටොයිලට් එකක්. ඒකෙ දොර නියම කලාකාමී ස්වරූපයකට නිර්මාණය කරලා තිබුනේ. වැඩිය සෙනගත් හිටියේ නැති නිසා මං ඉක්මන් කරලා ගත්තා පුළුවන් විදියට පොටෝ කෑල්ලක්.
Thursday, August 11, 2011
එක්තරා රැයක්

සැතපෙන්න කාලයයි තනි යහන මට සුවයි
ඇස් වසාගතිමි මා ඇරයුම් කරමි නුඹට
නිදි දෙව් දුවේ එන්න මා සොයා මා සොයා
සිහින ලොව සැරි සරන අතර තුර මා යසට
තව කෙනෙක් වෙර දරයි බිඳින්නට මගෙ නින්ද
අවසර නැතත් ඇයට මා අසල දැවටෙන්න
මද සුලඟෙ දැවටිලා එනවා ඈ මා වෙතට
සවනතට ලංව ඈ රහස් කොඳුරන විටක
නිදි දෙව් දුවද මා හැර දමා යයි දුරට
මගේ ගත සලිත වී යයි ඇගේ පහස ලැබ
සිතේ තෙරපෙන හැඟුම තවත් බෑ ඉවසන්න
හිතුනි මට කෑ ගසා කියන්නට මුළු ලොවට
ඇසෙන ලෙස මේ ලෙසින්
|
|
|
|
|
\ /
\/
මොන මගුලක් ද මේ?
නිදා ගන්න දෙන්නෙවත් නෑ..
අම්මේ......., මදුරු කොයිල් ගෙනාපුවා නැද්ද?
මේ මදුරුවො කනවා...
Sunday, August 7, 2011
රටක් කැළඹූ නර්තන විලාසය!

(මීට පෙර මෙම සිදුවීම නොදුටු අය ඇත්නම් මෙම ලින්කුව මගින් දැක බලා ගත හැක.)
මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට විරෝධය දැක්වීම සඳහා පසුගිය දිනක නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී විසි පහක් පමණ වූ අධික ජනකායකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වුණා. විරෝධතා කරුවන් අදහස් දක්වමින් මෙවැනි සිදුවීම් වහාම නතර කල යුතු බව ප්‍රකාශ කල සිටි අතර නැටුම් සංගායනාවක් කිරීමට කාලය එළඹ ඇති බව පෙන්වා දෙනවා.
Tuesday, August 2, 2011
අපි නොදන්න Dancing

අද වෙනස්ම දෙයක් දෙන්නයි ලෑස්තිය.
මේක මගේ FB friends ලට නම් අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් බ්ලොග් එකෙත් දාන්න ඕනෙ කියල හිතුන.
මේකයි කතාව.
මාව ස්කොලේ කාලෙ ඉඳන්ම රෙජිස්ටර් වෙලා තිබුනෙ සින්දු කියන්නයි ගිටාර් ගහන්නයි තමයි. ස්කොලේදී මොන function එක තිබ්බත් ඒකෙ සින්දු කියන වැඩ කටයුතු ටික බාර සෙට් එකට මගේ නමත් වැටෙනවා නිකන්ම වගේ.
මුලින්ම ස්කොලේ සංගීත අංගයකට stage නැගලා දැන් අවුරුදු එකොළහක් වෙනවා. ඒ අපි සමස්ත ලංකා සංගීත තරඟ වලට මුලින්ම සහභාගි වුන අවුරුද්ද. ඊට කලින් ඔය ස්කොලේ රැස්වීම් වල එහෙම සින්දු කියපුව අත ඇරලා තමයි ඔය ගාන හැදුවෙ හොඳේ. එදා ඉඳන් ඉතින් මමයි ගිටාර් එකයි කියන්නෙ ස්කෝලෙ අයට "cow boy සහ අශ්වයා" ගානටම හුරු පුරුදු දර්ශනයක් තමයි.
Wednesday, July 27, 2011
නිර්වාණ ස්වර්ණ.........
2600 වන සම්බුද්ධ ජයන්තිය යෙදී තිබුන පහුගිය වෙසක් මාසයේ මොරටු සරසවියේ අපිත් සම්බුද්ධ ජයන්තිය සමරන්න විවිධ දේවල් සංවිධානය කළා.
සීල ව්‍යාපාර, වෙසක් පහන් කූඩු තරඟ , සව් දන්සැල
ඒ අතරේ පැවැත්වුන බැති ගී සරණිය සඳහා මමත් සහභාගී වුණා ගිටාර් වාදනය කරන්න.
එක ගීතයක් ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා.
මමත් කසුන් අල්විස් සහෝදරයත්, සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් ගායනා කරන නිර්වාණ ස්වර්ණ ගීතය තමයි ගායනා කරේ.
කැමරාවක් අරන් ඇවිත් තිබුන අපේ යාලුවෙක් බැති ගී සරණිය වීඩියෝ කරලා තිබුණා. ලඟදි තමයි ඒ වීඩියෝ එක හම්බුනේ.
අද මම හැමෝටම බලාගන්න බ්ලොග් එකේ දානවා අපි ගායනා කරපු සින්දුව.
එහෙනම් අහලම බලන්නකෝ...
Monday, July 25, 2011
පැය දෙකහමාරකින් කිලෝ මීටර දෙකහමාරක්! ලොවෙත් නැති ලොවි ගහෙත් නැති bike ride එක!

මම "නෑ තාත්තේ, හෙට හවස යන්න හිතාගෙන ඉන්නෙ" කියල උත්තරේ දීලම ඇහුව නිකමට වගේ එහෙම ඇහුවේ ඇයි කියල. මුකුත් විශේෂ වැඩක් එහෙම තියේද දන්නෙ නෑනේ.
ඒ වෙලේ තාත්තා කිව්වමයි මතක් වුනේ.. අපේ පන්සලේ හිටපු හාමුදුරුවන් වහන්සේලා දෙනමක් උපසම්පදාව ලබපු සිද්ධිය. උන් වහන්සේලා පන්සලට වඩම්මන්න පෙරහැරක් තියෙනවලු. ඒ පෙරහරේ යන්න මෝටර් සයිකල් විසි පහක් හොයනවලු අපේ නිශාන්ත අයියා. එයා දවසක් ගෙදරටම ඇවිත් අහලා මම ඉන්නවද කියල ඉරිදා හවසට.
කාලෙකින් පන්සලේ වැඩකට යන්න බැරි වුණා නිසාත්, නිශාන්ත අයියයි තාත්තයි පෙරහැරේ සංවිධායක කමිටුවේ ඉන්න නිසාත් ඔන්න ඔහේ ඒකට ඉඳලම යනවා කියල හිතාගත්තා.
Wednesday, July 20, 2011
ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ, යාත්‍රා !
ඔයාලට මතක ඇති මං පහුගිය වතාවේ පෝස්ට් එකෙන් අපේ CMS එක ගොඩ නැගුන විදිය විස්තර කරන්න උත්සාහ කරපු හැටි. ඒක බැලුවේ නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා බලන්න. එදා මං පොරොන්දු වුණා ඊළඟ දවසේ යාත්‍රා ගැන කතා කරනවා කියලා. පොරොන්දුව ඉටු කරන්න ටිකක් කල් ගිය එක ගැන නම් ඇත්තටම දුකයි. ඒත් late is better than never කියනවනේ.
ඒ නිසා ඔන්න අද ආවා බ්ලොග් එක පැත්තෙ.
එදා ලිපියේ මං කිව්වා වගේ අපේ MUSICK කාරයන්ට show එකක් කරන්න ලොකු උණක් ඇවිත් තිබුනේ. ඒ වෙද්දී CMS එකේ සභාපති හිටිය අපේ 07 කණ්ඩායමේ තරිඳු ඇතුළු පිරිස මේ කටයුත්ත වෙනුවෙන් මූලික අඩිතාලම යොදන්න ගන්නවා. තරිඳු කියන විදියට මුදුන්කොටුව ශූරින් , ජානකී ප්‍රේමරත්න ගුරුමෑණියන්, ජගත් ප්‍රේමචන්ද්‍ර සහ කිත්සිරි සමරසිංහ ගුරු පියවරු මේ කාර්යය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දීල තියෙනවා.
Monday, July 11, 2011
යාත්‍රා ,ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ! පූර්විකාව....
මොරටුව සරසවිය කොයි වගේ තැනක්ද කියල ඇහුවොත් ගොඩක් අය හිතන්නේ තාක්ෂණය එක්ක ඔට්ටු වෙන්න උපන් හපන්කම් තියෙන , පොත් ගුල්ලන් පිරිසක් සිටින තැනක් විදියට කියන එක රහසක් නොවේ. අපේ සරසවියේ තියෙන faculty (Engineering, Architecture, Information Technology) දිහා බැලුවම කෙනෙකුට එහෙම හිතෙන එකත් පුදුමයක් නොවෙයි. අනිත් එක ඕකට එන්නෙත් ලංකාවේ උසස් පෙළ හොඳම ප්‍රතිපල ගත්තු පිරිස කියන එකත් මේ මතයට හේතුවක් වෙන්න ඇති.
මමත් උසස් පෙළ සමත් වෙලා මුලින්ම සරසවි බිමට පා තබද්දී හිතාගෙන හිටියෙ ඒ විදියටම කිව්වොත් තමා නිවැරදි. ඒත් මගේ මතය වැරදි බව මට මුලින්ම තේරුම් ගියේ අපි කඩ්ඩ group එකෙන් හන්තානට ට්‍රිප් එකක් ගියපු වෙලාවේ. ඒ දවස ඇතුලත හොඳ ගායකයෝ වාදකයෝ කීප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා නේද කියල තේරුම් ගියා.
Thursday, June 30, 2011
Printouts Without Computers!

Sunday, June 26, 2011
ගුරුන්ටත් අකුරු වරදී: Doppler Effect
අද මම ඔයාලට කියන්න හදන්නෙ ස්කොලේ අකුරු කරන කාලේ අපේ සර් කෙනෙක් අපිට කියපු කතාවක්. අද ගෙදර ඉඳන් හොස්ටල් එකට එද්දි කටුබැද්ද හන්දියෙ පාර මාරු වෙන්න ඉන්නකොට color lights දැකලා තමයි මේක මතක් වුනේ. මට මතක විදියට මේක කිව්වේ අපේ combined maths කරපු විජේපාල සර්. හැබැයි මේක physics පැත්තට තමා බර. ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ. තේරෙන්නෙම නෑ වගේ නම් කුචි කවාගෙන වත් හිනාවෙන්නකෝ.

"සර් මේක දඩයක් කාලා බේරගන්න ලෑස්ති නැත්නම් මං උසාවි දානවා. උසාවි ගිහින් බේර ගන්න" කියල කිව්වලු.
මහාචාර්යතුමත් කිව්වලු "හරි, ප්‍රස්නයක් නෑ අපි උසාවියේදී බලාගමු" කියලා.
Saturday, June 18, 2011
මල් වෙඩි @ New Ho(s)tel

ඒ නිසා ඔන්න කට්ටියගෙ හිත හැදෙන්නත් එක්ක මට වුණ වැඩක් ගැන කියන්නයි යන්නෙ අද.
මේක වුනේ අපේ හොස්ටල් එකේ(new ho(s)tel) ඉද්දි. අපේ කාමරේ බැල්කනි එක තමා හොස්ටල් එකේ තියෙන අවට සිරි නරඹන්න හොඳම තැන. World Trade Center එක ඇතුලු කොළඹ නගරය , බොල්ගොඩ ගඟ ආදී සියලුම දේ මේ බැල්කනි එකට පේනවා.
Thursday, June 2, 2011
නිකන් ඉන්න බැරි කමට ගැයෙන ගී.
ඉස්සර ඉතින් දැන් වගේ කොම්පියුටර් එහෙම අපේ ගෙවල් වල නැති කාලයක් තිබුණනේ. ඒ කාලේ facebook යන්න වත් Fringe, Stargate, The Big Bang theory වගේ tv series ගොඩ දාන්න වත් විදියක් නැහැනේ. ඉතින් දැන් අහන්න එපා මගෙන් නිවාඩු වෙලාවක් හම්බුනාම මොකද කරේ කියලා. ඒ වෙලාවට පිහිටට හිටියෙ අපේ ගෙදර තියෙන ගිටාර් එක තමයි. මං ඉතින් කාමරේට වෙලා ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් දාගෙන ඉන්නවා. ප්‍රේක්ෂකයන් වෙන්නෙ කාමරේ කණ්ණාඩිය ඇතුලේ හිටපු මං වගේම කොල්ලෙක් විතරයි. හී හී...........
Saturday, May 28, 2011
මම අම්බලන්ගොඩයෙක්මි.
කොළඹ නගරයේ සිට මාතර දෙසට 80km පමණ එන විට සුන්දර නගරයක් හමු වන්නේය. එක පසෙකින් මහා මුහුද හා යාවී පිහිටන ඒ නගරයේ නම අම්බලන්ගොඩ වන්නේය. මා හැදුනු වැඩුණු මගේ ගම. අතීතයේ දවසක එක්තරා නාවිකයන් පිරිසක් මුහුදේ අතරමංව සිටිනා විට ගොඩ බිමක් දිස් වූයෙලු. එවිට එහි සිටි එක පුද්ගලයෙක් ප්‍රීති ප්‍රමෝදයට පත් වී " ආන් බලන් ගොඩ" කියා කෑ ගැසුවේලු. අපේ ගමට නම ලැබුනේ එලෙසින් යයි පාසල් කාලයේ ඉගෙන ගත්තා මතකය. තවත් මතයක් වන්නේ අම්බලම් රාශියක් එක තැනක තිබූ නිසා අම්බලන්ගොඩ නම සැදුනු බවයි.
Wednesday, May 11, 2011
Mobile Communication at its Best!

මේ දවස් වල අපේ ජංගම දුරකථන සමාගම් යුද්දෙට බැහැලා. 3.75G 4G 21mbps 100mbps වගේ දේවල් හැමතැනින්ම ඇහෙන්න කියවන්න ලැබෙන කාලයක් මේක. දකුණු ආසියාවේ මුල්ම LTE network එක හැදුවේ අපි කියල දෙගොල්ලෙක්ම කෑ ගහනවනේ. ප්‍රස්නේ කව්රු ඇත්ත කියනවද කියල හිතාගන්න බැරි එකයි. advertisement වල නම් ලොකුවට කියලා තියෙනවා අලි දෙනවා කොටි දෙනවා කියලා. ඔය මොන දේ කිව්වත් අපි ඩොන්ගල් එක ගහගෙන නෙට් යන්න ගියාම තමයි තේරෙන්නේ වැඩේ කියන තරම් සුන්දර නෑ කියලා.
Thursday, April 28, 2011
Definition for Joker... :D

දැන් හතර දෙනෙක් සෙට් වෙලා සෙල්ලම් කරනවා. අපිත් ඉතින් වට වෙලා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න පිරිස අතරේ හිටියා ඇවිදින විශ්වකෝෂයක් බඳු වූ ඩයල් එකක්. ඔයාල දන්නවනේ ඕමි ගහනකොට ජෝකර් කොලේ ඕන වෙන්නේ නෑනෙ . ඒක තිබුන අපේ කව්රු හරි අතේ .කෝමත් අර සුපුරුදු ජෝක් එක "මචන් මෙන්න උඹේ අයිඩෙන්ටිය" කියල කාට හරි ඕක දෙනවනේ තියාගන්න මුලින්ම.
Wednesday, April 20, 2011
සිව් රඟ(DICF 2011 Theme Song)

මං පහුගිය දවස් වල හැමෝම එක්ක කිය කියා හිටියෙ 20 වෙනිදට කලින් සුබ ආරංචියක් අරන් එනවා කියල.
මේ ලෑස්ති වෙන්නෙ ඒ පොරොන්දු වුන විදියට සුබ ආරංචිය ඔයාල එක්ක බෙදා ගන්න.
පහුගිය දවස් වල මං පොඩි වැඩකට අත ගහල තිබුනේ. අපේ ස්කොලේ පළමු වරට පවත්වන අන්තර්ජාතික චෙස් තරඟාවලිය වෙනුවෙන් theme song එකක් හදන්න කියල මට ආරාධනාවක් ලැබුන මීට මාසෙකට විතර උඩදි.
Thursday, April 14, 2011
සුබ අලුත් අවුරුද්දක්!
උදාවෙන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල AUDiOnline කියවන බලන සියලුම දෙනාටම මං සුබ පතනවා!
මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අද දවස වගේ මුළු අවුරුද්දම හිනා වෙලා ඉන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි!
ආහ්! මේ අවුරුද්දේ ඔයාලට කියන්න සුබම සුබ ආරංචියකුත් තියෙනවා. වැඩක් පටන්ගෙන සාර්ථක වේගෙන එන බව දැනෙනකොට හිතට එන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?
තව සතියක් ඇතුලත ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අද දවස වගේ මුළු අවුරුද්දම හිනා වෙලා ඉන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි!

තව සතියක් ඇතුලත ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
එහෙනම් දැනට මං නවතිනවා. නෑදෑ හිත මිතුරන් එක්ක කාලය ගත කරලා අලුත් අවුරුද්දේ සතුට අත්විඳින්න!
Monday, April 11, 2011
Local X Files......

X files බලල තියෙන අය අත උස්සන්න බලන්න......
මං හිතන්නේ මං සුපුරුදු පරිදි ගොන් ප්‍රශ්නයක් ඇහුවේ.
"generation y" එකට අයිති අපි වගේ අය අතරේ ඕක නොබලපු කෙනෙක් නැතිව ඇති නේද?
දැන් ඉතින් මේ "generation y" කියන එක අහල උඩ බිම බලන්න ඕනේ නැහැ.
"generation y" කියන්නේ 1980 ගණන් වලින් පස්සේ ඉපදුන අය කියල මමත් දැනගත්තේ ලඟදි virtusa එකේ introductory session එකකට සහභාගී වුන වෙලාවේ.
මේ දවස් වල careers day, job interviews එහෙම තියෙන නිසා ලොකු ලොකු කොම්පැනි එක්ක තමයි ගනු දෙනු.
අවරුදු ගානකට හරි යන්න කඩ්ඩෙන් කතා කරා පහු ගිය දවස් ටිකට.
Friday, April 1, 2011
තෝසේ බුදින්නන්ගේ නිල ගීතය!

ස්ථානය : World Trade Centre, East Tower 36th floor.
අවස්ථාව : CS & ES AGM.
හැම අවුරුද්දකම වගේ CSE Dpertment එකේ ශිෂ්‍යයෝ ඉදිරිපත් කරන නාට්‍යය වේදිකාව මත රඟ දැක්වෙනවා. සුපුන් දසනායක නොහොත් සුප්පා තමයි drama එකේ නිර්මාතෘ.
නාට්‍ය ජවනිකාව : අනාගතයෙන් වර්තමානයට පැමිණි බුවෙක් තමන්ගෙ music player එක ක්‍රියාත්මක කරලා ඒකෙ play වෙන සින්දුවකට අනුව නැටුමක් ඉදිරිපත් කරනවා.
ගීතයේ තනුව සහ වචන සුපුන්ගෙන්. ගිටාර් වාදනය අපේ ජීවන්ත සහෝදරයාගෙන්. ගායනය.......
වෙන කව්ද ඉතින්, මම තමයි. හික් හික්!
මෙන්න මේ විදියේ ගීතයක් තමයි ඇහුනේ.
Tuesday, March 22, 2011
Wedding කතා අංක 2.
අද මං ඔයාලට කියන්න යන්නෙ එකදාස් නමසිය බර ගණන් වල කතාවක්. පහුගිය දවස් වල බ්ලොග් අවකාශයේ කරක් ගහනකොට මගුල් කතා කීපයක් කියවන්න ලැබුණා. මේ කතාවෙත් පොඩි මගුල් connection එකක් තියෙන නිසා හිතුන ඔන්න ඔහේ මේකත් කියල දාන්න . අනේ මන්ද ඉතින් හිනා යාවිද කියල.
මුලින්ම කියන්න ඕනේ, අපේ අම්මා තමයි මට මේ කතාව කිව්වේ. අද කාලෙයි ඉස්සර කාලෙයි fashion ගැන කතාවක් පටන් ගත්ත මමයි අම්මයි tv එකේ මොකක්දෝ program එකක් බලන ගමන්. ඒ වෙලාවේ තමයි අම්මා මේ කතාවත් කිව්වේ. එහෙනම් කියවලම බලන්නකෝ...
Monday, March 14, 2011
නින්දෙයි සැප නින්දෙයි වෙනස! Part 2
කලින් පෝස්ට් එකේදී මං පොරොන්දු වුනානෙ නිදාගන්න කප් ගහපු කීප දෙනෙක් ගැන කතා ටිකක් කියනවා කියල. අන්න ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ..ඒ පෝස්ට් එක මතක නැති, කියවපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
මුලින්ම මට වුන දෙයක් කියන්න හිතුවා.
මුලින්ම මට වුන දෙයක් කියන්න හිතුවා.
හැමදාම අනුන්ට මඩ ගහන එකත් හොඳ නැහැනෙ නේද? ඒ නිසා මම ඔන්න මටම මඩක් ගහ ගන්නයි හදන්නේ....
Saturday, March 12, 2011
නින්දෙයි සැප නින්දෙයි වෙනස!
ඉතින් කොහොමද යාලුවනේ?
යන්තම් විභාගෙ පළමු අදියර ඉවරයි. ඒ නිසා පොඩි නිවාඩුවක් හම්බුනා බ්ලොග් එක පැත්තේ එන්න. මෙතෙක් දවස් මං දාපු පොස්ට් ටික අමාරුවෙන් හරි කියවපු සේරටම තෑන්ක් යූ වෙන්න ඕනේ...
යන්තම් විභාගෙ පළමු අදියර ඉවරයි. ඒ නිසා පොඩි නිවාඩුවක් හම්බුනා බ්ලොග් එක පැත්තේ එන්න. මෙතෙක් දවස් මං දාපු පොස්ට් ටික අමාරුවෙන් හරි කියවපු සේරටම තෑන්ක් යූ වෙන්න ඕනේ...
හරි එහෙනම්, වැඩිය ඕනෙ නැහැ. අපි කෙලින්ම කතාවට බහිමුකො. අද මං ඔයාල එක්ක කතා කරන්න යන්නේ නින්ද ගැන.
නින්ද කියන්නෙ අපේ ජීවිතේට අනිවාර්ය දෙයක්නේ. ඒක තමයි වෛද්‍ය මතය. අපේ වයස අනුව දවසට නිදාගන්න ඕන කරන පැය ගාන සඳහන් වුන table එකක් ස්කොලෙ කාලෙ විභාගෙ ලං වුනාම පාඩම් කරා මතකයි .
ඇත්තටම බැලුවොත් මිනිස්සු වෛද්‍ය උපදෙස් වලින් හරියටම(ඕනෑවටත් වඩා) පිලිපදින එකම දේ නිදා ගන්න එක වෙන්න ඇති මං හිතන්නෙ. දවසට දෙපාරක් දත් නොමැද්දත්, වතුර අවශ්‍ය ප්‍රමාණයට නොබිව්වත් නිදා ගන්න එක හරියටම කරනවනෙ. ඕක සක් සුදක් සේ පැහැදිලි වුනේ A/L කරපු කාලෙ සිට අද දවස වෙනකන් tuition class වල සහ lectures වල අපේ කස්ටිය නිදා ගන්න හැටි දැකල තමයි. බොරු කියන්නෙ මොකටද ඉතින්? මටත් හොඳ තරඟයක් දෙන්න බැරි කමක් නෑ. හී හී....
Saturday, March 5, 2011
Wedding කතා අංක 1.

මෙන්න මේකයි කතාව.
Subscribe to:
Posts (Atom)