Sunday, January 13, 2013

ගඟ ගලනා.................

කොහොමද යාළුවනේ ,
මාස ගානකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න  බැරි වුණා තිබ්බ වැඩ රාජකාරි එක්ක . ඊටත් වඩා මගේ හිතට කික් වෙන දෙයක් ලියන්නත් බැරි වුණා . ඒ නිසාම ලියන්න හිතන් හිටපු දේවල් කීපයකුත් මග අරුණා.
අද නම් ආවේ අලුත්ම දෙයක් අරගෙන , මගේ අලුත්ම ගීතයක් තමා අද ඔයාලට ඉදිරිපත් කරන්නේ . හැම පිරිමියෙකුටම පොදුවේ  දැනෙන අත්දැකීමක් ගැන  මගේ හිතේ තිබුන සංකල්පනාවකට,  කාලෙකට ඉස්සර ,පද මාලාවක්  ගෙතුනේ මේ විදියටයි .


ගඟ ගලනා හඬ ඇසෙනා විට මට හැඟෙයි ඔබ මා අමතයි  කියා 
සඳ දිලෙනා රෑ සිතුනා ඔබ මා දිහා බලමින් හිනැහෙනයුරා   

සඳ අබියස තරු කැල ආලෝකය සැඟවී යන්නේ 
 ඒ වාගේ ඔබගේ රුව සුර අඟනන් පරදන්නේ 

මගෙ හදවත කළඹන හැඟුමන් පුබුදන සොඳුරියෙ ඔබ කව්දෝ 
සොඳුරියෙ ඔබ කව්දෝ 
මගෙ සිතිවිලි කළඹන සිත චංචල කල සොඳුරියෙ ඔබ කව්දෝ 
සොඳුරියෙ ඔබ කව්දෝ 
තිබෙන තුරා දිවි හද විමසන්නේ //

පා තබනා ලැසි  ගමනේ  රිද්මය දැනී කවි ගී සිත පබැඳූනේ  
නිල් මිණි වන් නෙත් සඟලෙන් හෙලු බැල්මකින් කාලය නැවතී යනු දැනේ 

තනියම ගිටාර් එක වාදනය කරන ගමන් තනුවකුත් දාලා තියන් හිටියා ගීතයක් කරන්න ඕනේ කියලා .
පහුගිය දවස් වල කෞශික් මිලින්ද , නිසල් ගන්ගොඩගේ  යන අයගේත් සහයෝගය සහිතව ගීතයේ වැඩ අවසන් කලා . මෙතනින් ඔයාලට ගීතය අහන්න පුළුවන්.
MP3 විදියට බාගන්න කැමති අයට එළකිරි සයිට් එකෙන් මෙතනින් බාගන්නත් පුළුවන්.
 මේ දවස් වල ගුවන් විදුලි නාලිකා වලට සහ තවත් වෙබ් අඩවි වලට සින්දුව ඇතුල් කරන්න  උත්සාහ කරනවාඉස්සරහට මේ සින්දුවට වීඩියෝ එකක් කරන්නත් හිතේ පොඩි අදහසක් තියෙනවා .  .එහෙම නම් සින්දුව අහල බලන්න . ලස්සනයි කියලා හිතෙනවා නම් යාලුවෝ අතරෙත් ෂෙයාර් කරාට අපි තරහ වෙන්නේ නැහැ ඔන්න . :-)

9 comments:

  1. සුපිරියි ඕයි !!!!!!! අපේ රූම් එකෙනුත් super star කෙනෙක් බිහි උනා එහෙනම්:D :D :D

    ReplyDelete
    Replies
    1. හී හී ....
      සුපර් ස්ටාර් ???

      Delete
  2. Replies
    1. ස්තූතියි මචං ,
      මේක ජනප්‍රිය කරගන්න එක තමයි අමාරුම වැඩේ.
      සින්දුව සිරා කියලා හිතෙනවා නම් පොඩි සප් එකක් දීපල්ලා වැඩේට...
      :)

      Delete
  3. මේ සින්දුව ඒ දවස් වලින් පස්සෙ ආයෙ ඇහුවෙම නෑනෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...