අද මං ඔයාලට කියන්න යන්නෙ එකදාස් නමසිය බර ගණන් වල කතාවක්. පහුගිය දවස් වල බ්ලොග් අවකාශයේ කරක් ගහනකොට මගුල් කතා කීපයක් කියවන්න ලැබුණා. මේ කතාවෙත් පොඩි මගුල් connection එකක් තියෙන නිසා හිතුන ඔන්න ඔහේ මේකත් කියල දාන්න . අනේ මන්ද ඉතින් හිනා යාවිද කියල.
මුලින්ම කියන්න ඕනේ, අපේ අම්මා තමයි මට මේ කතාව කිව්වේ. අද කාලෙයි ඉස්සර කාලෙයි fashion ගැන කතාවක් පටන් ගත්ත මමයි අම්මයි tv එකේ මොකක්දෝ program එකක් බලන ගමන්. ඒ වෙලාවේ තමයි අම්මා මේ කතාවත් කිව්වේ. එහෙනම් කියවලම බලන්නකෝ...
ඉස්සරම කාලේ (මං මේ කතා කරන්නේ 50 දශකය වගේ කාලේ ගැන) අපේ මිනිස්සු වැඩි හරියක් ඇඳලා තියෙන්නෙ සරම බව ඔයාල දන්නවනෙ. ඉතින් කලිසමක් ඇන්දේ ආණ්ඩුවේ රස්සාවක් කරන අය වගේ එහෙමත් කෙනෙක් විතරයි . ඒ නිසා කලිසම කියන්නේ ඒ කාලේ හැටියට තමන්ගේ තත්වය පෙන්නන සලකුණක් වෙලා තිබ්බ කිව්වොත් වැරද්දක් නෑ මං හිතන්නෙ. ඒ නිසාමද කොහේදෝ ඒ කාලේ ගෑණු ළමයින්ගේ සිහිනය වෙලා තිබුනේ කලිසම් අඳින කෙනෙක් කසාද බඳින එකලු.
හා හා ඇති ඇති.
ඒවා අතුරු කතා. ඕවයින් මේවයින් කියන්න ගියපු කතාවත් අමතක වෙයි. අනික ඉතින් හම්පඩ වෙච්ච ඩෙනිම් එකයි ටී ෂර්ට් එකකුයි ගහලා රබර් සෙරෙප්පු දාන මං මොනවද fashion ගැන දන්නේ නේද?
සිහිනය සැබෑ කරගන්නත් නොයෙක් නොයෙක් දේවල් කරනවලු.
අපේ අම්මලට ඉස්කොලේ උගන්නපු සර් කෙනෙක් මේ විදියට ඒ කාලේ ගෑනු ළමයි තමන්ගේ කලිසම් සිහිනය සැබෑ කරගන්න කරපු දෙයක් ගැන කියල තිබුණා.
ඇත්තටම මේකේ copy rights ඒ සර් ට තමයි ඇත්තේ. ඒත් ඉතින් දැන් මේක කියලා අවුරුදු පනහක් වත් වෙනවා ඇති. අවුරුදු පනහ පැන්නම ඕනෙම දෙයක් විශ්ව සාහිත්‍ය වෙන නිසා මට නඩු වැටෙන එකක් නම් නෑ මේක මගේ බ්ලොග් එකේ දැම්ම කියලා.
අපේ අම්මලට ඉස්කොලේ උගන්නපු සර් කෙනෙක් මේ විදියට ඒ කාලේ ගෑනු ළමයි තමන්ගේ කලිසම් සිහිනය සැබෑ කරගන්න කරපු දෙයක් ගැන කියල තිබුණා.
ඇත්තටම මේකේ copy rights ඒ සර් ට තමයි ඇත්තේ. ඒත් ඉතින් දැන් මේක කියලා අවුරුදු පනහක් වත් වෙනවා ඇති. අවුරුදු පනහ පැන්නම ඕනෙම දෙයක් විශ්ව සාහිත්‍ය වෙන නිසා මට නඩු වැටෙන එකක් නම් නෑ මේක මගේ බ්ලොග් එකේ දැම්ම කියලා.
වැඩේ මේකයි. කාගේ හරි පරණ කලිසමක් හොයාගන්නවලු ඉස්සර වෙලාම. ඕකත් සැහෙන්න ගේමක් දෙන්න ඕනේ වැඩක් වෙන්න ඇති ඒ කාලේ හැටියට. කොහොම හරි හොයා ගත්ත කියමුකෝ එකක්. ඊට පස්සේ ඒ කලිසම තමන්ගේ කාමරේ බිත්තියක එල්ලනවලු. එල්ලලා ඒක ඉස්සර මල් පහන් පූජා කරලා දිනපතා වැඳුම් පිදුම් කරනවලු.
නිකන්ම නෙමෙයි.
ගාථාවකුත් කියල තමයි වඳිනවා කියන්නේ.
දැන් ඉතින් ඔයාල කල්පනා කරනවා ඇති මේ ගාථාව මොකක්ද කියලා.අම්මට තාත්තට වඳින ගාථා නම් අපි අහල තියෙනවනේ. ඒත් කලිසමට වඳින ගාථාවක්???
නමාමි කලිසං දේව
නමාමි කලිසං දේව
දේවෝ දේවෝති බ්‍රාහ්මණෝ
කසාද බඳින පුරුසාණං
කලිසං අඳින්නාහං විය යුත්තාණං
ඔන්න ඕක තමයි කලිසමට වඳින ගාථාව.
දැන් ඉතින් හැමෝම කලිසම් අඳින නිසා මේ ගාථාවෙන් වැඩක් නැති වෙයි. වෙනද වගේ ගෑණු ළමයින්ගේ වැඳුම් පිදුම් නොලැබෙන නිසාමද කොහෙද කලිසම් දේවතාවුන් වහන්සේත් දැන් විශ්‍රාම ගිහින් කියලයි ආරංචි.
ඒත් ඉතින් මේක කියවන අක්කල නංගිලටත් එක එක විදියේ සිහින ඇතිනේ තමන් කසාද බඳින්න හොයන කෙනා ගැන.
ඒවාට ගැලපෙන විදියට මේ ගාථාව modify කරගෙන වැඳුම් පිදුම් කරා නම් සිහින සැබෑ වෙයි මං හිතන්නෙ.
එහෙනම් ඕන් අපි ගියා....
එහෙනම් ඕන් අපි ගියා....
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි!
දැං ඔය ගාථාව වෙනස් කරා වෙන අය කියනවා(ලු).
ReplyDeleteඅනේ සාධූ!!!
ReplyDeleteදැන් තියෙන්නෙ මීට වඩා advanced ක්රමනේ මචන්
ReplyDelete