Monday, July 25, 2011

පැය දෙකහමාරකින් කිලෝ මීටර දෙකහමාරක්! ලොවෙත් නැති ලොවි ගහෙත් නැති bike ride එක!


පහුගිය දෙවෙනිදා, සෙනසුරාදා දවසම කැම්පස් එකේ හිටියේ. යාත්‍රා එකට ප්‍රැක්ටිස් කරලා ඉවර වෙද්දි රෑ 7 පහු වෙලා. කාලා බීලා බස් එකක නැගල ගෙදර යන්න පිටත් වුණා. ගෙදරට යද්දි රෑ දහය විතර ඇති.  ඒ ගියෙත් ඉරිදා හවසම ආපහු කැම්පස් එනවා කියල හිතාගෙන. ගෙදර ගිහින් නිදා ගන්න ලෑස්ති වෙනකොටම තාත්තා කාමරේට ඇවිත් ඇහුව "පුතා, හෙට හවස ගෙදර ඉන්නවද? " කියල.
මම "නෑ තාත්තේ, හෙට හවස යන්න හිතාගෙන ඉන්නෙ" කියල උත්තරේ දීලම ඇහුව නිකමට වගේ එහෙම ඇහුවේ ඇයි කියල. මුකුත් විශේෂ වැඩක් එහෙම තියේද දන්නෙ නෑනේ.
ඒ වෙලේ තාත්තා කිව්වමයි මතක් වුනේ.. අපේ පන්සලේ හිටපු හාමුදුරුවන් වහන්සේලා දෙනමක් උපසම්පදාව ලබපු සිද්ධිය. උන් වහන්සේලා පන්සලට වඩම්මන්න පෙරහැරක්  තියෙනවලු. ඒ පෙරහරේ යන්න මෝටර් සයිකල් විසි පහක් හොයනවලු අපේ නිශාන්ත අයියා. එයා දවසක් ගෙදරටම ඇවිත් අහලා මම ඉන්නවද කියල ඉරිදා හවසට. 
කාලෙකින් පන්සලේ වැඩකට යන්න බැරි වුණා නිසාත්, නිශාන්ත අයියයි තාත්තයි  පෙරහැරේ  සංවිධායක කමිටුවේ ඉන්න නිසාත් ඔන්න ඔහේ ඒකට ඉඳලම යනවා කියල හිතාගත්තා.

හවස දෙකහමාරට තමයි පෙරහැර පටන් ගන්න plan කරලා තිබුනේ.
සුදු කමිසෙකුයි කළු කලිසමකුයි ඇඳලා අයිය‍ගෙ බයික් එකත් අරගෙන ගියා පන්සල පැත්තට. කෝම හරි එක එක ජාතියේ බයිසිකල් විසි පහක් ඇවිත් හිටිය වැඩේට.
හැම බයික් එකකම පිටිපස්සේ ගැට ගැහුවා බෞද්ධ කොඩියකුත්.
මුලින්ම මල් බයිසිකල් , ඊළඟට අපි සෙට් එක. ඊළඟට ප්‍රචාරක රථය.. එතනින් පස්සේ නැටුම් අංග කීපයක්. ඔය විදියට තමයි පෙරහැර පෙළ ගස්වල තිබුනේ.දැන් ඔන්න අපේ පන්සලේ ඉඳල පෙරහැර පිටත් වුණා ගාලු පාර දිහාවට. කරිත්තකන්ද පන්සලෙන් තමයි හාමුදුරුවන්ලා දෙනම පිලිඅරගෙන පෙරහරට එකතු කරගත්තේ . එතන ඉඳන් ගාලු පාරට ගිහින් බටපොල පාරට හැරිලා ආපහු පන්සලට එන්න තමා සැලසුම හදල තිබුනේ. ටික දුරක් යද්දි දහම් පාසලේ මල්ලි කෙනෙකුත් නැග්ග බයික් එකේ පිටිපස්සෙන්. අපිත් ඉතින් පෙරහැරේ ස්පීඩ් එකට හරියන්න බයික් ටික අරගෙන ගියා.

second gear එකට දැම්මේ මුළු ගමනටම 3 පාරයි මං හිතන්නේ. පල්ලම් බහිද්දී එන්ජිම  නවත්තල neutral එකෙන් තමයි ගමන.පෙට්‍රල් ඉතිරි කරගන්නත් එපැයි.

හාමුදුරුනමක් උපසම්පදා වෙනවා කියන්නෙ හරියට අපි කසාද බඳිනවා  වගේ උන්වහන්සේගේ ජීවිතයේ ලොකු කඩඉමක්ලු. 
එදා ඉඳල ඒ හාමුදුරුවන්ට දරන්න වෙන වගකීම් ප්‍රමාණය වැඩි වෙනවලු.
උපසම්පදාව සංඝ ශාසනයේ පැවැත්මට ගොඩක් වැදගත්ලු.
මිහිඳු හාමුදුරුවෝ තවත් හාමුදුරුවන් වහන්සේලා පස් නමක් එක්ක ලංකාවට වැඩම කරේ උපසම්පදා පුණ්‍ය කර්මය කරන්න අවශ්‍ය අවම සංඝයා වහන්සේලා  සංඛ්‍යාව සම්පූර්ණ කරන්නලු.
අපේ රටේ උපසම්පදාව නැති වුනාම ලංකාවට පිට රටවල් වලින් උපසම්පදාව අරන් ආවලු.
සියම් නිකාය, අමරපුර නිකාය වගේ නිකායන් බිහි වුනෙත් මේ නිසාලු,

පෙරහැරේ ගමන් කරපු ප්‍රචාරක රථයෙන් ඇහුන මේ වගේ කතා අහන ගමන් තමයි පෙරහැරේ ගියේ.
මීට කලින් අපේ පන්සලේ මේ වගේ දෙයක් වෙද්දි මං හෝඩියේ පන්තියට යන පොඩි කොල්ලෙක්.( දැනුත් ඉතින් පොඩි එකා තමයි හී හී......)
ඒ පාර පෙරහැරේ ගියේ දහම් පාසලෙන් ගියපු ලී කෙලි නැටුමට.
ඉතින් කාලෙකට පස්සේ ආපහු සැරයක් ඒ වගේ දෙයක් පන්සලේ වෙනකොට ඒකට සහභාගී වෙන්න ලැබුන එකත් සතුටක්.
කෝම හරි  ගමන ගිහිල්ල ආපහු පන්සලට ඇවිත් වෙලාව බැලුවම තමයි පිස්සු හැදුනේ.
හවස පහයි.

ගමනේ මුළු දුර බැලුවම කිලෝ මීටර් 2.5 ගිහින් තියෙන්නේ.
ඔන්න ඔහොම තමයි පැය දෙකහමාරකින් කිලෝ මීටර් දෙකහමාරක් කවර කරේ. ගියපු route එක කට්ටියටම බලාගන්න එක්ක ඔන්න දානවා google earth image එකක්.

පෙරහැරේ photos  ගහන්න ඇවිත් හිටපු ඩිල්ශාන් මගේ photo එකකුත් ගහල තිබුන. ඒක තමයි ඔය පෝස්ට් එක උඩින්ම දාලා තියෙන්නේ.
කෝමද කොල්ල නිකන් ඩයල් එක වගේ යන හැටි බයික් එකේ.
හික් හික්!

ඔන්න ඔහොම තමයි මගේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති bike ride එකේ විස්තර.

10 comments:

  1. අඩේ මේ කලුවඩුමුල්ල පන්සල නේද... සික් මට ඊයේ පන්තිනේ...

    ReplyDelete
  2. හප්පා පැය 2 ක් ගිහින් ! පෙරහැර දවසට කොහොම ආතල් එකක් ඇතිද? :D

    ReplyDelete
  3. හොඳයි හොඳයි..මට හරියට මීටර් උනේ නෑ මුලදී..මං හිතුවේ පට්ට යාමක් ගියපු රයිඩ් එකක් කියල..අවුලක් නෑ.ටිකක් විටර බට ලයිට් උනා.. :D :D
    ඔහොම ඒවත් අත්දැකලා තියෙන්න එපයි.

    ReplyDelete
  4. @කිඩෝ:ඔව් ඔව්
    කලුවඩුමුල්ල පන්සල තමයි
    ඒත් මේක තිබ්බේ තුන් වෙනිදා මල්ලි.
    අපි පන්සල ගැනත් පොස්ට් එකක් දාන්නම්කො ඉස්සරහට.

    @Dar[K] : ආයිත් අහලා... පට්ට ආතල්

    @ආගන්තුකයා: පට්ට යෑම් යන අය නම් ඕන තරම් ඉන්නවනේ. ඒත් මේ වගේ ඒවා හැමදාම වෙන්නේ නෑනේ. හී හී

    ReplyDelete
  5. අප්පා ඒ පන්සලනං පට්ටයි නිකං ටුවරිස්ට් හෝටලයක් වගේ :D

    ReplyDelete
  6. කෝ ඩිල්ෂාන්ගේ රටක් වටින බයිසිකලය පේන්න නෑ නේ?

    ReplyDelete
  7. ඒ බයික් එක බලන්න නම් ඩිල්ශාන්ලගේ ගෙදරම යන්න වෙනවා.
    කාමරේක දාලා දුම් අල්ල අල්ල තියෙනවලු

    ReplyDelete
  8. ape patteth peraharak tiyenawa, aiyata puluwanda baik aka aragena anna?

    ReplyDelete
  9. පුස් බයිසිකලේ ඩබල් දලා පදින්න බැරි අය දැන් මෝටර් බයිසිකලුත් පදිනවා නේ.....????

    ReplyDelete
  10. @Owinda:කාලෙ වෙනස් තාලෙ අලුත්නේ මල්ලි
    හී හී

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...