Video Bar

Loading...

Sunday, May 20, 2012

ලා රෝස ලොජික්

අලුත් වීඩියෝවක් මාධ්‍යයට නිකුත්  වී ඇත 
මෙහි කතාව අති සංකීර්ණය , මෙට්‍රික්ස් ෆිල්ම් තුනම තේරුම් ගත්  පුද්ගලයෙකුට පවා තේරුම් ගත නොහැකි ලොජික් එකක් මෙහි ඇති බව පෙනෙන්නට තිබේ,
අර කොල්ලා මැරුණේ කෙසේද? මම බොහෝ වෙලාවක් කල්පනා කලෙමි. බැරිම තැන දන්නා වෙන එකෙක්වත් උත්තරය සපයාවී යයි සිත මම මූනුපොතේ ස්ටේටස් එකක් දැම්මෙමි. 

" හැපුනේ පවනි
කොල්ලා දුවගෙන ආවේ කෙල්ලව බේරගන්න
ඊළඟට දෙන්නම ලේ පෙරාගෙන 
අන්තිමට මැරුණේ කොල්ලා

හෑ ඕයි? 
Did I miss anything? "
මේ එයට ලැබුන ප්‍රතිචාර දෙකකි 

Sameera Rukshan Mendis ‎.
ලිස්සා වැටුනා මෙමන් කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලුගලේ..

thats wht u missed :P

Nadun Kongahage එක්කෝ කොල්ලට ලේ දැක්කම ලේ යන ලෙඩේ තියෙන්න ඕන, නැත්නම් අධ්‍යක්ෂකට විනාඩි පහකවත් දෙයක් මතක තියාගන්න බැරි ලෙඩේ තියෙන්න ඕන.


ඔබ සිතන්නේ ඇත්තටම මෙහි කුමක් සිදු වන්නට ඇත්ද ?

ඔබේ පිළිතුර කමෙන්ටුවක් වශයෙන් සඳහන් කරන්න. නිවැරදි පිළිතුරට වටිනා තෑගී.

Saturday, May 19, 2012

ඔය ඇස් මගේ නිසා - KaushiK Milinda

අද පොඩි ආරංචියක් අරගෙන තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. මම මුලින්ම නලින් මල්ලිගේ මාර්ගයෙන් music producer කෙනෙක් විදියට හඳුනාගත්ත දැන් මගේ හොඳ යාලුවෙක් වෙන කෞශික් මිලින්ද අලුතෙන් ගීතයක් නිර්මාණය කරලා music video එකක් විදියට පහුගිය දවස් වල release කරා. ඊයේ තමයි මේකේ web release එක. ඉතින් හිතුනා සින්දුව ගොඩක් ලස්සන නිසාත් යාළුකම වෙනුවෙනුත්  පොඩි සටහනක් දාන්න. මෙන්න මෙතනින් ඔයාලට සින්දුව අහල බලන්න පුළුවන්. 

ගායනය, සංගීත අධ්‍යක්ෂණය, පද රචනය වගේ පැති කීපයකින්ම දස්කම් පාන කෞශික් ට ඉදිරියේදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල මම මේ වෙලාවේ ප්‍රර්ථනා කරනවා.

Sunday, April 29, 2012

අපි නොදන්න WWW

ඊයේ මගේ ඩොන්ගල් එක මා සතුව නොතිබුන නිසා අන්තර්ජන්ජාලයට පිවිසීමට මගක් නැතුව ලත වෙද්දී ගෙදර තිබෙන රව්ටරය මගේ නෙත ගැටුණි 
සියලුම දෙනා බෙහෙවින් ආදරය කරන ඇස් ඇල් ටි තෑගි වරං ඇඩ් එකේ පෙන්වන ජාතියේ වයිෆයි රව්ටරයක් වූ මෙය ගෙදරට ගෙනවිත් මාස හතරක් පමණ ගතවී තිබුනත් මෙතෙක් කල් මම පාවිච්චි නොකරෙමි.
ඊයේ ප්‍රථම වතාවට පාවිච්චි කරන අතර තුර ස්පීඩ් එක චෙක් කරේ නිකමට වගේය. එක වතාවක ස්පීඩ් එක 0.11Mbps කි. තවත් වතාවක 0.4Mbps කි. තවත් විටක නෙට් යාමටද බැරිය 
මේවා දකින මට තනි ඇහැට ඇඬුණි.

කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය
ටීවී එකේ නම් කියන්නේ වහින වෙලාවටත් WWW දෙන්නේ මොවුන් පමණක් බවය. වහින දවස් වලට වඩා වහින්නේ නැති දවස් ගණන වැඩි බව ඒ වෙලේ මට මතක් වුනි. ඉතින් කලාතුරකින් එන දවසක  ලැබේ යයි කියන වැඩි වාසියක් ගැන හිතේ තියාගෙන දවස් ගානක් ජාලයේ බඩ ගෑ යුතුය. අනිත් දවස් වලට හොඳින් ජාලයේ සැරි සරා වහින වෙලාවට ලැප් එක ඔෆ් කර නිදා ගන්න එක මීට වඩා සැපය. අනෙත් අතට වැස්ස වෙලාවට මා පාවිච්චි කරන 3G රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්පීඩ් එක අඩු වීමක්ද මෙතෙක් අත් දැක නොමැත. 

වහින වෙලාවටත් නෙට් යතහැකි කියා ෆුල් ආතල් එකේ නෙට් එකේ ඉන්න විට වැරදිලාවත් අකුණක් ගැසුවහොත් ඊට වඩා සැපය. මීට වසර දෙකකට පමණ පෙරද අපේ ගෙදර රවුටරයක් තිබුණි 
දිනක් නින්දට යද්දී ෆෝන් කේබලය ගලවන්නට අමතක වූ එදින මධ්‍යම රාත්‍රියේ අතර අකුණක් ගසා රවුටරය අවසන් ගමන් ගියේය. නැවතත් එවන් තත්වයක් ඇති වුවහොත් රවුටරයක් ඇස් ඇල් ටි එකෙන්ම මිලදී ගත හැක. 

Tuesday, April 24, 2012

බිත්තර රොටි


බඩගින්නක් දැනිල කඩේකට ගිය කොල්ලෙක්
වේටර්ගෙන් ඉල්ලුව බිත්තර රොටි ඩබලක්
කෑලි කෑලි වලට කපල මිරිස් හොද්දකුත් දාලා
පරිප්පු හොද්දත් ඇඩ් වෙලා මේසෙට ආවයි

කෑම පටන් ගත් පසු වේටර්  ඇවිදින් ලගට
මොනවද සර් තව ඕනේ කියා අසනවා
හොදි ඕනෙද තේ බොනවද දහසකුත් එකක් අහද්දි
වදෙන් බේරෙන්න කොල්ලා මෙහෙම කියනවා

බිත්තර රොටි කියලා නම ගහල තිබ්බට
පින්සලෙන්ද ගෑවෙ අයිසෙ මේකේ බිත්තර
වෙන මුකුත් එපා පින් සිදු වෙයි වද නොකර
බිත්තරයක් ගෙනත් දෙන්න රොටිය කන්නට

Sunday, March 25, 2012

මාර්ග සංඥා

කට්ටියට මතක ඇති නේද මම කලින් කියපු සෞඛ්‍ය පාඩම කරපු ටීචර් ට වෙච්ච වැඩේ?
මතක නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.

අදත් කියන්න යන්නේ ඒ විදියේ ස්කොලෙක පාඩමක් උගන්නපු ටීචර් කෙනෙක්ට අත්දකින්න ලැබුන සිද්ධියක්. 
දවසක් ටීචර් කෙනෙක් පන්තියේ ළමයින්ට  මාර්ග සංඥා  ගැන කියලා දෙනවලු.  පාඩම අතරේදී ටීචර් ළමයින්ට කිව්වලු තමන් දන්නා මාර්ග සංඥා පොතේ ලියන්න කියලා
ඊට පස්සේ ටීචර් ඇවිත් පොත් බලාගෙන යනවලු. "වටරවුම ඉදිරියෙන්", "පටු පාලම ඉදිරියෙන්" වගේ නොයෙක් නොයෙක් ජාතියේ සංඥා අතරේ වැඩිය අහල පුරුදු නැති එකකුත් එක ළමයෙක් ලියලා තියෙනවා  ටීචර් ට හම්බුනාලු.

සංඥාව :පාරේ අනිත් පැත්තෙන් අපගේ වාහනයට මුහුණලා පැමිණෙන  වාහන වල හෙඩ් ලයිට් දෙකම දමාගෙන පැමිණීම 
තේරුම : ට්‍රැෆික් පොලිස් ඉදිරියෙනි 

Sunday, March 18, 2012

මේ දවස් වල විත්ති.

අද නම්  කවියක්  වත් , කතාවක්  වත්   නෙමෙයි  ඔන්න  කියන්න  යන්නේ, විශේෂ පුවත් නිවේදන කීපයක් කියලා කිව්වොත් තමයි හරියටම හරි.

අපි රට වටේම ඉන්න කෝච්චි පිස්සො එකතු වෙලා හැමදාම  වෙලාවක් කලාවක් නැතුව මුණ ගැහෙන රේල් හන්දිය මෙච්චර කාලෙකට මූණු පොතට සීමා වෙලා තිබුනේ. පහුගිය දවස් වල අපි සෙට් එක රේල් හන්දිය මූණු පොතෙන් බ්ලොග් අවකාශයට ගෙන ඒමට පොඩි උත්සහයක් දරුවා. ඒ උත්සාහයේ ප්‍රතිපලය තමයි රේල් හන්දිය බ්ලොග් අඩවිය.  
මේ දවස් වල මගේ අලුත් ගීතයක වැඩ කටයුතු හිමීට කරගෙන යනවා. මේ ගීතයත් නිසල් ගන්ගොඩගේ, කෞශික් මිලින්ද  ප්‍රමුඛ Audio Lab ආයතනය සමග තමයි කරන්නේ. , ඉස්සරහට ඔයාලට ඒක අහන්න ලැබේවි. 

ඒ වගේම තමයි මාස හයකට වැඩි කාලයක් අලුත්වැඩියා කටයුතු වලට වසා දමා තිබුණු ගාල්ල අලුත්ගම දුම්රිය මාර්ගය නැවත හෙට සිට දුම්රිය ගමන් ආරම්භ වෙනවා. අද තමයි පරීක්ෂණ ධාවනය පැවැත්වුනේ. අද මම ගීත පටිගත කිරීමකට සහභාගී වුන නිසා ගෙදර ගිටියේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව දැක බලා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී ගියා, ඒත් අපේ රේල් හන්දියේ විදුර සහෝදරයා මේ ගමනට සහභාගී වුණා. ඒ නිකම්ම නිකන් නරඹන්නෙක් වශයෙන් නෙමෙයි. දුම්රියේ කාලය සහ වේගය මැනීමේ කාර්යය ඉටු කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුවට සහයෝගයක් වෙමින් තමා ඔහු මේ ගමනට සහභාගී වුනේ, අපි හැමෝටම සතුටුයි විදුරට මේ ලැබුන අනගි අවස්ථාව ගැන. මේ ලින්කුවෙන් ගිහින් වැඩි විස්තර බලා ගන්න පුළුවන් හැමෝටම. 


එහෙනම් ඔන්න අදට පුවත් එපමණයි,  ආයෙත් දවසක මුණ ගැහෙමු. ජයවේවා! 

Monday, March 12, 2012

පරිගණක ඉන්ජිනේරුවෙකුගේ ප්‍රථම onsite ත්‍රාසජනක අත්දැකීම


සරසවි දිවිය නිම වුනි සිව් වසක් ගෙවී
ඒ සැනෙකින්ම රැකියාවට යන්න වුණි 
ආතල් සෙට් එකක් සිටි ටීම් එකට වැටි 
ෆුල් සොමියේම ජොබ් එක කරගෙන සිටිමි

පලවෙනි මහලෙ ඉන්නේ වැඩ කරන විට
ලන්ච් රූම් එක තිබේ තුන්වන මහල මත 
උදේ හවස තේ බොන්නට යයි එකට
දවල් කෑම කන්නෙත් අපි හැම එකට 

අමුතුම  සෙල්ලමක්  මේ අය අතරෙ ඇති 
දුවගෙන ගොසින් ලිෆ්ට් එකෙ දොර වසාගනී
අන්තිමටම එන අය මග දමා යති 
ලන්ච් රූම් එකට පඩි පෙළ නැග යන්න වෙති 


Related Posts Plugin for WordPress, Blogger...