Monday, July 11, 2011

යාත්‍රා ,ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ! පූර්විකාව....

මොරටුව සරසවිය කොයි වගේ තැනක්ද කියල ඇහුවොත් ගොඩක් අය හිතන්නේ තාක්ෂණය එක්ක ඔට්ටු වෙන්න උපන් හපන්කම් තියෙන , පොත් ගුල්ලන් පිරිසක් සිටින තැනක් විදියට කියන එක රහසක් නොවේ. අපේ සරසවියේ තියෙන faculty (Engineering, Architecture, Information Technology) දිහා බැලුවම කෙනෙකුට එහෙම හිතෙන එකත් පුදුමයක් නොවෙයි. අනිත් එක ඕකට එන්නෙත් ලංකාවේ උසස් පෙළ හොඳම ප්‍රතිපල ගත්තු පිරිස කියන එකත් මේ මතයට හේතුවක් වෙන්න ඇති. 
මමත් උසස් පෙළ සමත් වෙලා මුලින්ම සරසවි බිමට පා තබද්දී හිතාගෙන හිටියෙ ඒ විදියටම කිව්වොත් තමා නිවැරදි.  ඒත් මගේ මතය  වැරදි බව මට මුලින්ම තේරුම් ගියේ අපි කඩ්ඩ group එකෙන් හන්තානට ට්‍රිප් එකක් ගියපු වෙලාවේ. ඒ දවස ඇතුලත හොඳ ගායකයෝ වාදකයෝ කීප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා නේද කියල තේරුම් ගියා.

කොයි තරම් දක්ෂයෝ හිටියත් ඒ දක්ෂතා එලියට දාන්න වේදිකාවක් අපිට තිබුනේ නැහැ. අපේ freshers day එක දවසේ අපේ උඩ batch එකේ අයියලා අක්කලා සින්දු කියද්දි අපි බලන් හිටියේ හරිම අසාවෙන්. අපිටත් මේ වගේ දෙයක් කරන්න ඇත්නම් කියල. 
අපේ වාසනාවකට වගේ මේ කාල සීමාවේම වගේ බිහි වෙනවා මොරටු සරසවියේ ශාස්ත්‍රීය සංගීත සංගමය. සිංහලෙන් කිව්වොත් CMS එක. :D
උදය චින්තක ජයතිලක, ජානකී ප්‍රේමරත්න , කිත්සිරි සමරසිංහ, ජගත් ප්‍රේමචන්ද්‍ර  ගුරු පියවරු හා ගුරු මෑණිවරුන්ගේ අනුශාසකත්වය හා පුරෝගාමීත්වය ඇතුව 2007 වසරේදී තමයි මෙම සංගමය ආරම්භ වෙන්නේ. 



පොසොන් බැති ගී ප්‍රසංගයකින් කල එලි බැස්ස අපේ සංගමය ටිකෙන් ටික ඉදිරියට ඇදෙන්න පටන්  ගත්තා. එම ප්‍රසංගය වෙනුවෙන් පෙරමුණ ගත්තේ  06 කණ්ඩායමේ කසුන් අයියා ඇතුළු පිරිවර. ඒ ප්‍රසංගයට ගිටාර් වාදනයෙන් දායක වෙන්න මම වාසනාවන්ත  වුන බව ඉතාමත් සතුටින් මේ වෙලාවේ කියන්න කැමතියි. L block එකේ කාමරයක අපි පුහුණුවීම් කරපු හැටි, library එක ඉස්සරහ තනපු වේදිකාවේ බැති ගී ඉදිරිපත් කරපු හැටි තාමත් අද වගේ මතකයි.
මේ photo එක ඒ වගේ බැති ගී ප්‍රසංගයකදී ගත්තු එකක්.
ඔය මමත් ඉන්නේ...
පේනවද මන්දා...
:D
ඒ අතරේ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයෝ කීප දෙනෙක් සරසවි වේදිකාව මතට ගෙනෙල්ල ප්‍රසංග පවත්වන්නත් අපේ සංගමයට හැකියාව ලැබුණා. මේ ඒකට උදාහරණයක්.
Nils-Olav Johansen Quartet කියන Jazz Band එක අපේ සරසවියට පැමිණි අවස්ථාව.



මොරටු සරසවි ඉතිහාසයේ ප්‍රථම වතාවට හින්දුස්ථානී සංගීතය නමින් විෂයක් අපේ level 1 term එකේ විශයක් විදියට උගන්වන්න්නත් පටන් ගන්නවා. ඒ 2008 වසරේදී. අපිට සංගීත ඥාණය ලබා දෙන්න ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව  ශූරින් ලබා දුන්න දායකත්වය අපරිමිතයි. මමත් ඒ සංගීත විෂය හදාරපු මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක්. 



මේ photo එක ගොඩක් වටිනා එකක් කියලයි මං හිතන්නෙ. අපේ සංගීත ගමනට දිරි දුන්න නියමුවෝ දෙන්නෙක්ම මේ photo එකේ ඉන්නවා. මුදුන්කොටුව සර් සහ අපේ උදය සර්. දැනට  වැඩිපුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙලා හිටියත් අපි එක්ක තිබ්බ හිතවත්කම් තාමත් අමතක කරලා නැති උදය සර් අපේ වැඩ කටයුතු වලට තාමත් හද පත්ලෙන්ම ආශීර්වාද කරන බව අපි දන්නවා.
ආහ්! නොකිව්වොත් තරහ වෙයිද මන්දා...
අපේ 07 සංගීත කණ්ඩායමේ නියමුවා, තරිඳු එහෙමත් නැත්නම් අපි හැමෝම කියන විදියට චූටි තමයි ඔය පහන පත්තු කරන්නේ.

අපේ ගායන වාදන  කුසලතා එලි දක්වන්න අපේම කියල ප්‍රසංගයක් නැති වීම අපි හැමෝම අතරේ කතා බහට ලක්වුන කාරණයක්. අපිට අපේ හැකියාවන් පෙන්නන්න  එතෙක් කල් තිබ්බේ freshers day එක, එහෙමත් නැත්නම් department එකකින් කරපු night එකක් වගේ function එකක් විතරයි.
අපේ කට්ටියට තිබ්බ MuSICK එකේ හැටියට ඔය වගේ අවස්ථා මදි වෙලා තිබුනේ. ඒ නිසා අපිටම කියල show එකක් හැමෝටම ඕන වෙලයි තිබුනේ.  ඒ අඩුව පිරිමහන්න එවකට සංගමය මෙහෙයවපු අපේම සහෝදරයන් ප්‍රසංගයකට මූලික අඩිතාලම සකස් කරන්න පටන් ගන්නවා. එහි ප්‍රතිපලය තමයි යාත්‍රා පළමු ප්‍රසංගය.අපේ සරසවි සංගීත ඉතිහාසයේ සන්ධිස්ථානයක් වුන යාත්‍රා ප්‍රසංගය ගැන කතා කරන්න ආයිත් දවසක AUDiOnline තුලින් හමු වෙමු. 
අදට මෙතනින් නවතිනවා.
ආයුබෝවන්!



4 comments:

  1. නියමයි.යාත්‍රා ගැනත් දාන්න.

    ReplyDelete
  2. yatrawa diyath karanne kawadade?
    adata mama ohe annawoo

    ReplyDelete
  3. මෙන්න දැන් තමයි අපි අපේ අතීතය ගැන දැනගන්නේ. විශිෂ්ටයි අයියේ. කතාවේ ඉතුරු ටිකත් දාන්න ඉක්මනටම.

    ReplyDelete
  4. sira sira.mekanam siraaa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...