Saturday, June 18, 2011

මල් වෙඩි @ New Ho(s)tel


මං කට්ටියට මඩ ගහනවා කියලා සෑහෙන්න චෝදනා එනවා. අනේ මන්ද ඉතින් මං නමක් ගමක් වත් සඳහන් නොකර කියපු කතා නිසා කට්ටියගෙ හිත රිදිලා වගේ. මං නම නැතුව දැම්මම සමහරු තොප්පිය ඔලුවේ දාගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒවට  මං මක් කොරන්නද?
ඒ නිසා ඔන්න කට්ටියගෙ හිත හැදෙන්නත් එක්ක මට වුණ වැඩක් ගැන කියන්නයි යන්නෙ අද.
මේක වුනේ අපේ හොස්ටල් එකේ(new ho(s)tel) ඉද්දි. අපේ කාමරේ බැල්කනි එක තමා හොස්ටල් එකේ තියෙන අවට සිරි නරඹන්න හොඳම තැන. World Trade Center එක ඇතුලු කොළඹ නගරය , බොල්ගොඩ ගඟ ආදී සියලුම දේ මේ බැල්කනි එකට පේනවා. 

ඔයාලට මතක ඇතිනේ ගුවන් හමුදා හැටවන සංවත්සරයට තිබුන ලොකු ප්‍රදර්ශනේ. අපිට ඒ දවස් වල විභාගයක් නිසා යන්න නම් වුනේ නෑ බලන්න. ඒත් hostel එකේ ඉඳන්ම අපි ගුවන් කරණම් ටිකයි මල් වෙඩි සංදර්ශනයයි බලා ගත්ත නොමිලේම. ඒකෙ ගිනි නිවන සීන් එකක් තිබුණා. බොල්ගොඩ ගඟෙන් තමා හෙලිකොප්ටරේට වතුර පුරවාගෙන යන්නෙ ගිනි නිවන්න. රත්මලානෙන් අහසට නැගල රවුමක් ගහල අපේ හොස්ටල් එක උඩින් ගෑවෙන නොගෑවෙන ගානට ගිහින් බොල්ගොඩ ගඟෙන් අර හෙලිකොප්ටරේ එල්ලලා තියෙන ලොකු බාල්දියට වතුර පුරවන් යන හැටි තාමත් මතක් වෙනවා. මාර සිරා. 
ඊට පස්සේ එනවා කෆීර් මිග් යානා සෙට් එක. ඒකත් ඉවර වුනාම ලොකු C130 එකක් ඇවිත් පැරෂුට් වලින් බහින අයව හෝල්ට් එකෙන් බස්සල යනවා. 
රෑට තමයි හොඳම ටික. මල් වෙඩි පත්තු වෙනවා හෝ ගාලා. කලින් කිව්වා වගේ මේක සිරාවටම පෙන්නේ අපේ බැල්කනි එකට විතරයි . Show එක යන වෙලාවට බැල්කනි එකේ දහයක් විතර සෙනග. කඩාගෙන නොවැටුණා පුදුමයි.ඉතින් වටේ රූම් වල ඉන්න කොල්ලොන්ට ඇහෙන්නත් එක්ක හුරේ දම දම තමයි බලන්නේ show එක. අපේ මේ කෑ ගැහිල්ල සමහර අයට දරා ගන්න බැරි වුනාලු. ඉරිසියාවේ පැලුනලු. 

හරි, එහෙනම් දැන් කතාවට බහිමුකො. ළඟදී දවසක් ඔන්න කාමරේ ඉන්න ගමන් නිකමට වගේ මං ජනේලෙන් එලිය බැලුවම හදිස්සියේම දැක්ක මල් වෙඩි වගයක් පත්තු වෙනවා. මං ඉතින් කට්ටියටම ඇහෙන්න කෑ ගහල ගියා බැල්කනි එකට. අනිත් කොල්ලෝ ටිකත් බැල්කනි එකට ආවා. දැන් ඉතින් සේරම එක්ක ආපහු එකක් පත්තු වෙනකන් බලන් ඉන්නවා. මේ අතරෙ මං දැක්ක රතු පාට එළි තුනක් යනවා ගස්  අස්සෙන් . මං ඉතින් ලොක්කා  වගේ කිව්වා කට්ටියටම ඇහෙන්න, "අන්න  මචං  තව එකක්, ඒක නම් පට්ටයි  හරහට  ගියේ "  කියලා. දැන් කට්ටියම ඒ දිහා බලන් ඉන්නවා මල් වෙඩිල්ල පත්තු වෙනකන්. කොහෙද , ඒක පත්තු වුනේම නෑනේ. පස්සෙ තමා වැඩේ  තේරුනේ . මල් වෙඩිල්ලක්  කියල රැවටිලා තියෙන්නේ plane එකකට. කළුවරේ  plane එක පෙන්නේ නෑනේ. ඒකෙ රතු  පාට  ලයිට්  3 තමයි මං දැකල තියෙන්නෙ. අනේ ඉතින් විලි  ලැජ්ජාවේ  සන්තෝසේ  බෑ මට නම්. "කුම්බලා  මාලු  කෑවා නම් විඳවපන් බළලෝ" කියනවනේ. ඉතින් අරුන් සෙට් එක දාන නෝන්ඩි  සේරම තේරෙන්නෙ නෑ වගේ හිටිය. මොනා කරන්නද?

10 comments:

  1. හක් හක් ඒක හරහට නේ බන් ගියේ..

    ReplyDelete
  2. kohomada ara 3rd block eken pennapu mal wedilla......4th block ekata wena mona mal wedidda....lol

    ReplyDelete
  3. @Ano:
    මල් වෙඩි නෙමෙයි 3rd block එකෙන් පුස් වෙඩිල්ලක් නම් පෙන්නුවා කොල්ලෙක්.
    අපි මල් වෙඩි බලන එකට ආපු ඉරිසියාව දරාගන්න බැරුව.
    පව් බං. ඇත්තටම 2nd block එකට යන්න හිටපු කොල්ලෙක්නේ පාර වැරදිලා දැන් 3rd block එකේ ඉන්නේ. .

    ReplyDelete
  4. දවස් ගානක් මල් වෙඩි බලන්න දගලපු 4th block එකේ එවුන්ට ෂෙල් වෙඩි පෙන්නුවෙ 3rd block එකේ උන්

    ReplyDelete
  5. @2nd ano : monawada kiyanne....eke sadde!!! watune colours tikakata block 5me eliya una.....

    ReplyDelete
  6. ඔය කියන්නේ අර පට කොකා මාර්ක් පුස් වෙඩිල්ල ගැන නේද????

    ReplyDelete
  7. ah aiya ape ge udinuth mal wedi yanawaaaaaaaaaaaa

    ReplyDelete
  8. eakane kiuwe names ekkama kathawath liyanna kiyala. Ehuwe nehene panditha kamata. :P

    ReplyDelete
  9. mokakda asanka aiya me anith aiyala kiyane mal wedilla.....???

    ReplyDelete
  10. @ පට කොකා
    "කොකා" කොටද බලන්න 3rd block එක පැත්තෙ වරන්කො. කොකා මර්ක් එක තියලා යවන්නම්!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...