අද මම ඔයාලට කියන්න හදන්නෙ ස්කොලේ අකුරු කරන කාලේ අපේ සර් කෙනෙක් අපිට කියපු කතාවක්. අද ගෙදර ඉඳන් හොස්ටල් එකට එද්දි කටුබැද්ද හන්දියෙ පාර මාරු වෙන්න ඉන්නකොට color lights දැකලා තමයි මේක මතක් වුනේ. මට මතක විදියට මේක කිව්වේ අපේ combined maths කරපු විජේපාල සර්. හැබැයි මේක physics පැත්තට තමා බර. ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ. තේරෙන්නෙම නෑ වගේ නම් කුචි කවාගෙන වත් හිනාවෙන්නකෝ.
දවසක් physics විශාරද මහාචාර්යවරයෙක් තමන්ගේ වාහනය පදවාගෙන යද්දී වර්ණ සංඥා සහිත හන්දියකට ආවා. රතු එළිය වැටිලා තියෙද්දී වාහනේ ඉස්සරහට අරන් ගිහින් පොලිසියට අහු වුනා. දඩයක් කාලා හරි පොලිස් මාමාට අත යටින් ගානක් දීල හරි අපි නම් shape වෙනවනෙ ඔය වගේ වෙලාවට. ඒත් අපේ මහාචාර්යතුමා නම් කොහෙත්ම සැලෙන්නේ නැතිලු. දැන් වැරැද්ද පිළිගන්නෙම නැතිලු කරපු. පොලිස් අන්කල් ටත් හොඳටම පුෂ්පය එලියට ඇවිත්ලු තිබුණෙ.
"සර් මේක දඩයක් කාලා බේරගන්න ලෑස්ති නැත්නම් මං උසාවි දානවා. උසාවි ගිහින් බේර ගන්න" කියල කිව්වලු.
මහාචාර්යතුමත් කිව්වලු "හරි, ප්‍රස්නයක් නෑ අපි උසාවියේදී බලාගමු" කියලා.
ඉතින් දැන් ඔන්න නඩුවේ දවසත් උදා වුණා. මහාචාර්යතුමාත් නඩුවට පෙනිසිටින්න ආවා හෙන ජොලි මූඩ් එකකින්. ලොවෙත් මේ නඩුව නම් පරාද වෙන්නෙ නෑ වගේලු හිටියේ.
උසාවියේ වැඩ ආරම්භ වුණා. පැමිණිල්ලේ නීතිඥයා පැමිණිල්ල ඉදිරිපත් කරා.
වර්ණ සංඥා නොතකා වාහනය පැදවීම.
විනිශ්චයකාරතුමා ඇහුවලු අපේ ප්‍රොෆා ගෙන්, "තමා මේ චෝදනාවට වැරදිකරුද නිවැරදි කරුද?" කියලා.ප්‍රොෆා ඒකට මෙන්න මෙහෙම උත්තර දුන්නා.
"නිවැරදිකරු ස්වාමීනි.
ඩොප්ලර් ආචරණයට අනුව යම්කිසි වේගයකින් චලිත වන වස්තුවක සිට නිරීක්ෂණය කරන කල ප්‍රභවය මගින් නිකුත් වන සංඥාවේ සංක්‍යාතය වෙනස් වීම ස්වාභාවික සංසිද්ධියකි .ඒ අනුව ධාවනය වන මෝටර් රථයක සිට බලන විට රතු පැහැ වර්ණය කොළ පැහැයෙන් දිස් වීමට පුළුවන් බව මෙම උසාවිය ඉදිරියෙහි පැවසීමට කැමැත්තෙමි. ඒ නිසා මෝටර් රථයේ සිට වර්ණ සංඥාව දෙස බැලූ මා හට එය කොළ පැහැයෙන් දිස්වූ නිසා මා රථය ඉදිරියට ධාවනය කල බැවින් මා නිවැරදිකරු වෙමි."
දැන් උසාවියම ෆුල් හොල්මන්ලු. කියන කතාවේ ඇත්තකුත් තියෙනවනේ. දැන් නම් ප්‍රොෆා නඩුව දිනලා ඉවරයි වගේලු. හැබැයි පොලිසිය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයාත් A/L science කරපු බුවෙක්. මිනිහට මේ ඩොප්ලර් ආචරණ කතාව අහපු පාර ටික ටික මතක් වෙන්න ගත්තලු ස්කොලේ යන කාලෙ ගිරවා දාපු physics . මිනිහ පට ගාල තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා මෙහෙම කතාවක් කිව්වා.
"ස්වාමීනි, ඩොප්ලර් ආචරණයට අනුව නික්මෙන , නිරීක්ෂිත සංඛ්‍යාත සහ ප්‍රභවයේ, නිරීක්ෂකයාගේ ප්‍රවේග අතර සම්බන්ධය මේ සමීකරණයෙන් ලබා ගත හැක.
රතු පැහැයේ සංඛ්‍යාතය 430-480 THz
කොළ පැහැයේ සංඛ්‍යාතය 540-610 THz
එමනිසා රතු පැහැය කොළ පැහැය ලෙස දිස්වීමට නම් දල වශයෙන් 100000km/s පමණ වූ වේගයක් මේ චූදිතයාගේ මෝටර් රථයට තිබිය යුතුයි. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා මොහු අධික වේගයෙන් තම රථය ධාවනය කර ඇති බව"
හික් හික්!
දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද අප්පා!
අන්තිමට උසාවියෙන් මහාචාර්යතුමාට දඩයක් ගැහුවලු අධික වේගයෙන් රිය ධාවනය කරා කියලා.
එළ එළ
ReplyDeleteI saw that coming. :-D
ReplyDeleteහැක් හැක් සර්ගෙ ඔලුව කුණුවෙන්න ඇති
ReplyDeleteමරු අපිට ඔය කතාව මිස්ටර් වලහා :d කිව්වා
ReplyDeleteමැක්සනේ බොලේ
ReplyDeleteකතාව සිරා. මම ගානත් හදලා බැලුවා. වැඩේ ඇත්ත. (මේ කතාව කියවන්න කලින් පුස්සැල්ල සර්ගේ ඩොප්ලර් ආචරණය ටියුට් එකක් කියවලා ආවේ.)
ReplyDeleteඅපිටත් ඔය කතාව කවුරු හරි කිවුව... කවුද මතක නෑ බං...
ReplyDeleteහැමෝගෙම comments වලට ස්තූතියි! :)
ReplyDelete@Dar[K], කේෂාන්: මේ කතාව අපේ ස්කොලේ සර් ලා අතර සෑහෙන්න popular කතාවක් වගේ මට පේන්නේ.
@මධුරංග : ස්පීඩ් එකට එන උත්තරේ හරි නේද?
ela kiriyoooooooooooo
ReplyDeletemath ohoma ghin ahama kiyannam, mokada dan inna poliskarayo owa danna na ne.
ReplyDeleteමරු කතාව.....
ReplyDelete