මෙච්චර කල් කරපු ෆන් වැඩ ගැන බ්ලොග් එකේ පෝස්ට් දාපු මම academic පැත්තෙ දෙයක් ගැනත් ඔයාලට කියන්න ඕන කියලා හිතුවා. මොකද නැත්නම් කට්ටිය හිතයි මම කැම්පස් එකේ සින්දු කිය කියා ඉන්න එක විතරයි කියලා කරන්නෙ.ඒ නිසා අපේ Final Year Project එක ගැන විස්තරයක් කියන්න තමයි මම අද ඔන්න ලෑස්ති වෙන්නේ. මීට අවරුද්දකට විතර කලින් පටන් ගත්ත Project එක දැන් නම් demonstration , viva සේරම තියල ඉවරයි. මේ ටිකේම අපි මේ Project එක විවිධ තරඟ වලට , ප්‍රදර්ශන වලට අරන් යන එක තමයි කරන්නෙ. ඒ නිසා හිතුනා බ්ලොග් අවකාශයෙත් Project එක ගැන පොඩි ඇඩ් එකක් දාන්න කාලෙ හරි කියලා.