රාත්රිය එළඹිලා දෑස නිදි බර වෙලා
සැතපෙන්න කාලයයි තනි යහන මට සුවයි
ඇස් වසාගතිමි මා ඇරයුම් කරමි නුඹට
නිදි දෙව් දුවේ එන්න මා සොයා මා සොයා
සිහින ලොව සැරි සරන අතර තුර මා යසට
තව කෙනෙක් වෙර දරයි බිඳින්නට මගෙ නින්ද
අවසර නැතත් ඇයට මා අසල දැවටෙන්න
මද සුලඟෙ දැවටිලා එනවා ඈ මා වෙතට
සවනතට ලංව ඈ රහස් කොඳුරන විටක
නිදි දෙව් දුවද මා හැර දමා යයි දුරට
මගේ ගත සලිත වී යයි ඇගේ පහස ලැබ
සිතේ තෙරපෙන හැඟුම තවත් බෑ ඉවසන්න
හිතුනි මට කෑ ගසා කියන්නට මුළු ලොවට
ඇසෙන ලෙස මේ ලෙසින්
|
|
|
|
|
\ /
\/
මොන මගුලක් ද මේ?
නිදා ගන්න දෙන්නෙවත් නෑ..
අම්මේ......., මදුරු කොයිල් ගෙනාපුවා නැද්ද?
මේ මදුරුවො කනවා...
ayyeeee ikkamata mortein vaporizer ekak ganna ethakota oya wade iwarailu.... :P
ReplyDeleteweradei kiuwa..menna mehema kiyanna.."Me maduriyo kanawa"
ReplyDelete:D....net akak dagannako ane.......
ReplyDeleteනෙට් එක දාගන නිදා ගන්න කියන්න ඕකට තමා කම්මැලියා.
ReplyDelete'මදුරුවී', එහෙම නැත්නම් 'මදුරි' නේද මචන් කන්නෙ. :-)
ReplyDeleteඅම්මෝ මට නම් කොයිල් අරහන් !!!!
ReplyDeleteඒ නිසා නෙට් සරණං තමයි !!!!
නෙට් එක කොයි එකටත් හොදයි නේ.
අහා අපේ මදුරී නංගි දැකලා මෙයාට කවි සිතුවිලිත් පහළ වෙළා නේ.. :) :D
ReplyDeleteකට්ටියම කියන නිසා මං එහෙනම් මීට පස්සෙ නෙට් එක දාගෙන නිදාගන්නම්කො
ReplyDelete:D
@kavinda, buddhima: අපි ඒ වුනාට කියනකොට කියන්නෙ මදුරුවො කනවා කියලනේ.
ReplyDeleteAyya use this Anti mosquito tool;
ReplyDeletehttp://www.4shared.com/get/fF6NqvPm/Anti_Mosquito.html
Simple & amazing!!
හිකිස්... කොයිල් හොඳ නෑ, දුම සැරයි. රේන්කෝ නෙට් එකක් පාවිච්චි කරා නම් හරි...
ReplyDeleteනිදාගන්න එපා බං .. එතකොට ඔය ප්රශ්න මුකුත් නෑනෙ...
ReplyDelete