Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

Monday, October 24, 2011

Anti-හකා

ඊයේ ගොඩාක් අය බලාපොරොත්තු වුන විදියටම නවසීලන්තය ශූරතාවට හිමි කම් කීමත් සමගම රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමා වුනා. මං හිතනවා හැමෝම වගේ අවසන් මහා තරඟය බලන්න ඇති කියලා. මේ තරඟය ගැන විචාර ඕන තරම් වෙලා ඇති. ESPN scrum සයිට් එක පැත්තේ ගියා නම් ගොඩක් දේවල් කියවන්න පුළුවන් රග්බි ගැන. ඒ නිසා රග්බි පාපන්දු ගැන ලාවට දන්නා මම ඒ ගැන විචාරයක්  කරන එකේ තේරුමක් නම් නැහැ. ඒත් ඊයේ මැච් එක  බලද්දි විශේෂ දෙයක් මම දැක්ක නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි ලෑස්තිය. සුපුරුදු පරිදි තරඟයට කලින් නවසීලන්තය හකා නර්තනය ඉදිරිපත් කරද්දි ප්‍රංශය ඒ සඳහා දැක්වූව ප්‍රතිචාරය ඔයාලට මතකද?

Friday, September 2, 2011

තොප්පිය වැටෙන වික්‍රමය ,Hat Tricks.


පහුගිය දවසක ලසිත් මාලිංග තමන්ගේ තුන්වෙනි hat trick එකත් ගත්ත නිසා කට්ටිය සෑහෙන්න උනන්දුවෙන් ඒ ගැන කතා කරනවා මේ දවස් වල. තුන් පාරක් එක් දින ජාත්‍යන්තර තරඟ වලදී මේ දස්කම දක්වපු ලෝකයේ එකම ක්‍රීඩකයා තමයි මාලිංග.
මට මේ එක පිට පන්දු තුනක විකට් තුනක් ගන්න දක්ෂතාවයට කියන නම හැදුන හැටි ගැන ගොඩක් කාලෙකට කලින් අහපු කතාවක් මතක් වුණා.
ඉස්සර කාලෙ මේ දක්ෂතාවය පෙන්නුව ක්‍රීඩකයන්ට තොප්පියක්( හැට් එකක්) තෑගි විදියට ප්‍රදානය කරන සිරිතක් තිබුනාලු. හැට් එක ගන්න දාපු ට්‍රික් එක නිසා HAT TRICK වුණා කියල තමයි මම අහල තිබුනේ. මට ඉතින් නිකමට හිතුණා මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න.බැලින්නම් කතාව ඇත්ත තමයි . විකිපීඩියා උන්නැහේ කියන විදියට මේකයි වෙලා තියෙන්නෙ,
 1858 වසරේදී මේ දක්ෂතාවය දක්වපු HH Stephenson කියන ක්‍රීඩකයාට හැට් එකක් තෑගි විදියට දීලා තියෙනවා. එතනින් තමයි මේ නම හැදිලා තියෙනවා කියන්නෙ..

Related Posts Plugin for WordPress, Blogger...