
image එකයි cover page එකයි වැරදුන කොළ හතරයි. සේරම A4 කොළ හයයි. කඩේ අයියගෙන් ඇහුව ගාන කීයද කියලා. පොර සේරම කොළ ටික ගණන් කරලා කිව්වා මෙහෙම.
"සේරටම පනහයි මල්ලි ගාන"
අපේ යාළුවකුට මේක එච්චර ඇල්ලුවෙ නෑ. මිනිහ ආපහු ඇහුව අයියගෙන්, "කොළ හයකට පනහක් ගන්නවද?"
ඒ පාර කඩේ අයිය දුන්න මරු answer එකක්. "printout වලට ගාන තිහයි මල්ලි. computer එක පාවිච්චි කරපු නිසා තව විස්සක් ගන්නවා. සේරම ගාන පනහයි."
මේක අහල අපිට හික් ගෑවුණා.
මෙච්චර කල් එක එක තැන වලින් printout අරන් තියෙනව මේ අවුරුදු හතරට. ඒත් මේ වගේ කතාවක් ඇහුවේ අදමයි.
දැන් කට්ටියම ෆුල් හොල්මන්. ඒ අස්සේ අපේ යාළුවා ආපහු ඇහුවා මොකද කියලා අමුතුවෙන් විස්සක් ගන්නෙ.
කඩේ අයියා ආපහු සැරයක් විස්තර කරලා දෙනවා මෙහෙම,
"මල්ලි, ඔයාල computer එකෙන් documents edit කරපු නිසා විස්සක් ගන්නවා."
අර දවසම නිකන් on කරලා පැත්තක වේලි වේලි ඉන්න computer එකක වාක්‍ය දෙකක් ටයිප් කරාට විස්සක් ගන්නෙ මොන රටේද අප්පා?
ඒ පාර අපේ යාළුවා මාර ප්‍රශ්නයක් ඇහුවා.
"ආහ්! කව්ද, computer එකද කිව්වේ විස්සක් ගන්න කියලා?"
"ආහ්! කව්ද, computer එකද කිව්වේ විස්සක් ගන්න කියලා?"
අපි කට්ටියටම දැන් මේකට හිනා.
ඒ අස්සේ කඩේ වැඩ කරන අයට ඇහෙන නෑහෙන ගානට ආපහු මෙහෙම ඇහුවා.
ඒ අස්සේ කඩේ වැඩ කරන අයට ඇහෙන නෑහෙන ගානට ආපහු මෙහෙම ඇහුවා.
"ඉතින් අයියේ computer එක use නොකර printout ගන්නත් පුලුවන්ද?"
ඊට පස්සේ කොළ ටික ස්ටෙප්ලර් කරලා අමුණන ගමන් "අයියේ , කටු වලට කීයක් ගන්නවද ? " කියලත් ඇහුවනේ.
කඩේ අයියත් ඇහුනෙ නෑ වගේ හිටිය. හැබැයි කඩේ ඉන්න අක්ක නම් ඔරවල බැලුවාලු.
අපි ඉතින් කඩෙන් එලියට ඇවිත් ගොඩක් වෙලා යනකන් ඔය සිද්ධිය මතක් කර කර හිනා වුණා ඇති වෙනකන්.
හිරු එකේ අලුත් ප්ලේස් එකේද ඔය...
ReplyDelete@හපා:නෑ නෑ, රෝයල් එක තියෙන කඩ පේලියේ එහා කොනේම එක.
ReplyDeleteකෙලින්ම පෙන් එක ගහලා ෆයිල් එක තෝරලා ප්‍රින්ට් කමාන්ඩ් එක දෙන්න පුලුවං ප්‍රින්ටර් නැද්ද දන්නෑ.. :D
ReplyDeleteමෙහෙම හම්බ කරනවා නම් තව ටික කාලෙකින් ප්‍රෙස් එකක් දැම්ම හකිනේ. මාරම හම්බකිරිල්ලක් නේ.
ReplyDeleteමේකයි කේස් එක ඔය කඩවලට වැඩක් එන්නේත් ඉදල හිටලනේ, ඉතින් ඒකෙන් දවසේ වියදමවත් try හොයාගන්න කරනවා ඇති...........:p
ReplyDeleteඔයවගේ වැඩක් මට internet cafe එකකදිත් වුනා
ReplyDeleteමේක අටපට්ටමට කියන්න ඕන කේස් එකක්!!!
ReplyDeleteපරිගණකයක් නැතුව ප්‍රින්ට්අව්ට් ගන්න පුළුවන් ප්‍රින්ටර් තියෙනවා. ලංකාවේ නම් නෑ මගේ හිතේ. ඔය සිද්ධිය ඉතින් කොහේ වුනත් පොදු දෙයක්නේ...ගසා කෑම !!!
ReplyDelete@ නදුන් : එතකොට අනිත් communication වැඩ කරන්නේ විදුලිය පාවිච්චි කරලා නෙමෙයිද?
ReplyDelete