කාම්බෝජය කියන්නෙ මේ විදියට රේල් පාරවල් තිබුනත් හරි හමන් විදියකට කෝච්චි යන්නෙ නැති රටක්. ඉතින් මේ රටේ මිනිස්සු නිකං තියෙන රේල් පාරෙන් ප්රයෝජනයක් ගන්න උත්සහ කරලා තියෙනවා. ඒ විදියට තමයි Bamboo railway බිහි වෙලා තියෙන්නෙ. ඒ රටේ මිනිස්සු මේ උන බම්බු වලින් හදපු වාහනේට කියන්නෙ "නොරි"(norry) කියලලු.
ඔන්න මේ වීඩියෝව බැලුවා නම් හොඳට බලාගන්න තිබ්බ උන බම්බු දුම්රිය ගැන...
මේ විදියෙම වැඩක් ලයිබීරියාවෙත් වෙලා තියෙනවා. අවුරුදු ගානක් තිබ්බ සිවිල් යුද්දෙන් පස්සේ කෝච්චි යන්නෙ නැති පාරෙන් වැඩක් ගන්න ලි වලින් කෝච්චියක් හදලා. මේකේ නම Make A rail. හැබැයි මේ ලී වලින් හදපු කෝච්චිය ගමන් කරන්නේ එන්ජිමක් පාවිච්චි කරලා නෙමෙයි. කෝච්චියේ වැඩට ඉන්න මිනිස්සු සහ මගීන් තමයි මේක තල්ලු කරගෙන යන්නෙ.
මේ ලින්කුවෙන් බලාගන්න පුළුවන් ඒකෙ විස්තර
අපිටත් මේ වගේ ගමනක් යන්න තිබ්බ නම් මාර ෆන් එකක් ගන්න තිබ්බා. හී හී........
ලංකාවෙත් අනුරාධපුර මිහින්තලේ පාරෙයි, මාතර පිලදූව(කතරගමට දාන්න පටන් ගත්ත රේල් පාරේ දැනට නිල්වලා ගඟ වෙනකන් හදල තියෙන කොටස) පාරෙයි ඕන නම් Bamboo Railway පටන් ගන්න තිබ්බා. හැබැයි දැන් මිහින්තලේ පාරේ ඉඳල හිටලා හරි කෝච්චියක් යනවලු. ඒ නිසා ඒකත් බැරි වෙයි.
අම්මෝ මෙහෙම කෝච්චියෙ එනවට වඩා හොදයි ගෙදර ඉන්න එක. හොද වෙලාවට අපට මේ තරම්ම කරදරයක් නෑ. ඒ උනාට හිරවෙලා තෙරපිලා එන්න එපැයි.
ReplyDeleteමේව දකින තරම් රසවත් නැහැ කරන්න ගියහම.
ReplyDeleteගැටලුවක් තියන කෙනා තමයි පිලිතුරු හොයන්නේ!
ReplyDelete