Showing posts with label පිස්සු හැදෙනවා. Show all posts
Showing posts with label පිස්සු හැදෙනවා. Show all posts

Sunday, May 20, 2012

ලා රෝස ලොජික්

අලුත් වීඩියෝවක් මාධ්‍යයට නිකුත්  වී ඇත 
මෙහි කතාව අති සංකීර්ණය , මෙට්‍රික්ස් ෆිල්ම් තුනම තේරුම් ගත්  පුද්ගලයෙකුට පවා තේරුම් ගත නොහැකි ලොජික් එකක් මෙහි ඇති බව පෙනෙන්නට තිබේ,
අර කොල්ලා මැරුණේ කෙසේද? මම බොහෝ වෙලාවක් කල්පනා කලෙමි. බැරිම තැන දන්නා වෙන එකෙක්වත් උත්තරය සපයාවී යයි සිත මම මූනුපොතේ ස්ටේටස් එකක් දැම්මෙමි. 

" හැපුනේ පවනි
කොල්ලා දුවගෙන ආවේ කෙල්ලව බේරගන්න
ඊළඟට දෙන්නම ලේ පෙරාගෙන 
අන්තිමට මැරුණේ කොල්ලා

හෑ ඕයි? 
Did I miss anything? "
මේ එයට ලැබුන ප්‍රතිචාර දෙකකි 

Sameera Rukshan Mendis ‎.
ලිස්සා වැටුනා මෙමන් කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලුගලේ..

thats wht u missed :P

Nadun Kongahage එක්කෝ කොල්ලට ලේ දැක්කම ලේ යන ලෙඩේ තියෙන්න ඕන, නැත්නම් අධ්‍යක්ෂකට විනාඩි පහකවත් දෙයක් මතක තියාගන්න බැරි ලෙඩේ තියෙන්න ඕන.


ඔබ සිතන්නේ ඇත්තටම මෙහි කුමක් සිදු වන්නට ඇත්ද ?

ඔබේ පිළිතුර කමෙන්ටුවක් වශයෙන් සඳහන් කරන්න. නිවැරදි පිළිතුරට වටිනා තෑගී.

Saturday, December 24, 2011

මම TV එකේ චිත්‍රපටියක් බැලුවෙමි


එකෝමත් එක රටක රබර් වගේ ඇදෙන්න පුළුවන් මනුස්සයෙකුයි පේන්නෙ නැතුව ඉන්න පුළුවන් ගෑණු ලමයෙකුයි හිටියා....
මේ දෙන්නා ආදරෙන් වෙලිලා හිටියේ..... 
මේ ගෑණු ළමයට වහා ගිනි ඇවිලෙන සුළු මල්ලි කෙනෙකුත් හිටියා..... 
තව මෙයාලට හොඳ යාලුවෙක් හිටියා හිපෝ කෙනෙක් වගේ

මේ අතරේ ලෝකෙම ගිලින්න බලාගෙන නපුරු සතෙක් එනවා. 
Surfing board එකක් උඩ වැඩ පෙන්නන ඩයල් එකකුත් මේ නපුරාගේ හෙල්ප් එකට එනවා.

කොහොම කොහොම හරි දිවි පරදුවට තියල මේ සෙට් එක සටන් කරනවා ලෝකෙම බේරගන්න.
ගෑණු ළමයා මැරෙන්නත් යනවා. 
ඒ අස්සේ අන්තිමට අර surfing board කාරයගෙත් උදව් අරන් නපුරාව එලවනවා. 

අන්තිමට  ලෝකෙම බේරෙනවා. 
යන්තම්, මැරෙන්න ගිහින් අනූ නමෙන් බේරුණ අර ගෑණු ළමයා සිහිය ආවට පස්සෙ මුලින්ම තමන්ගෙ මල්ලිව දැක්ක ගමන් වැළඳ  ගන්නවා.
ඊට පස්සේ කොටු කොටු වගයක් පේන්න ගත්තා....


_(&$*@_@$*$@%#!#3131(!!!!


ශික් විතරක්.....
අක්කට තමන්ගෙ මල්ලිව බදාගන්නවත් දෙන්නෙ නැති හැටි මුන් 
ඒකටත් දානවනේ කොටු කොටු 

Sunday, August 28, 2011

පන්සිල් පද පහ ටැපලිලා :o

අද මූණු පොතේ අපේ යාලුවෝ කට්ටියක් කරපු කතා බහක් දැකල මට හිතුනා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න. ශෙලාන් සහෝදරයා තමයි මේ කතා බහට අදාල පොටෝ එක මූණු පොතට අප්ලෝඩ් කරලා තිබුනේ. මේ කතාව අපේ රටේ මාධ්‍යවේදියෙකුට පන්සිල් පද පහ වැරදුන සිද්ධියක් ගැන. මුලින්ම මේ පොටෝ එක බැලුව නම් හොඳයි කියල හිතෙනවා. එතකොට ඔයාලටත් තේරෙයි මං මේ කියන්නේ මොකක් ගැනද කියල.

ඔයාල මොකද මේ සීන් එක ගැන කියන්නේ?
අත් වැරදීම් වෙන්න පුළුවන්, ඒත් මේවයෙ proof  බලන අයවත් නැද්ද? මමත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානකොට වෙන කාට හරි කියල චෙක් කොරවල තමයි දාන්නෙ.
හැබැයි නිසංස කියන විදියට දැන් ස්කොල වලට ළමයි දාගන්න ගියාම ඇත්තටම පලවෙනි සිල් පදේ කැඩෙන තත්වයක් එන්නත් බැරි නෑලු. හී හී.....
Related Posts Plugin for WordPress, Blogger...