Sunday, October 14, 2012

හිටිවන කවි

මේ බ්ලොග් එක කියවන්න එන අය ගොඩ දෙනෙක් අංගම්මන සුමන කවියේ කතාව අහල ඇති කියල හිතෙනවා,
ඇත්තටම ඉතින් කවි ලියන එකත් ලේසි වැඩක් නෙමෙයි, විශේෂයෙන් හිටිවන කවි. එක පදයක් කීවට පස්සේ තව එකක් මතක් නොවුනොත් ඉතින් බඩුම තමා. 
වාද බයිලා කියන එකත් ඔය වගේ වැඩක්නේ. එක පාරක් අපි කැම්පස් එකේ සෙට් එකක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක පැය එක හමාරක් විතර එක දිගට වාද බයිලා කියාගෙන ආවා. එදා කොහොම ඒවා කියවුනාද කියල තාම හිතාගන්නත්  බෑ. ආයේ ඒ වගේ කියන්න හම්බෙලත් නෑ. වෙලාවක් හම්බුනත් කියන්න පුළුවන් වෙයිද කියල ෂුවර් එකකුත් නෑ. 

වල් පල් දෙඩෙව්වා ඇති වගේ, කතාවට එමුකො. මේ කතාවත් කීවේ අපේ කළුපහන සර්
ඔන්න එකමත් එක දවසක කවි කාරයෝ හතරදෙනෙක් ගමනක් යන ගමන් සුන්දර වෙල් යායක් දැකල අවට සිරි නරඹන්න නැවතුනාලු. කවි සිතිවිලි පහල වෙන්නත් ඉඩ තියෙනවනේ සිරි නරඹනකොට. වෙල්යාය අයිනෙන් පොඩි ඔය පාරක් වගේ එකකුත් ගලා බහිනවලු. ඔය හරහා තිබ්බ ඒ දණ්ඩකින් තරමක් මිටි මනුස්සයෙක් එගොඩ වෙන්න ගිහින් ඔයට වැටෙනවා මේ කවියෝ හතර දෙනා දැක්කලු. 
මේක දැකපු පාර මුල්ම කවියා, පදයක් කියල කවියක් ගොතන්න පටන් ගත්තලු මෙහෙම
ඒ දණ්ඩෙන් යන කලටා
දෙවෙනි කවියා එලිසමයත් රැකලා මේ විදියට දෙවෙනි පදේ එකතු කරාලු
වැටුනේය ගඟටා
තුන්වෙනි කෙනා මෙහෙම තුන් වෙනි පදේ  එකතු කරාලු
කොටා
හතර වෙනියට කියන්න දෙයක් දැන් ඉතින් ඉතුරු වෙලා නෑනේ
තුන් වෙනි පදෙන් කතාව කියල ඉවරයිනේ
ඉතින් මෙහෙම කියවුනාලු
හුටා

ඔන්න දැන් කවිය සම්පූර්ණයි
පල්ලෙහා දාලා තියෙනවා සම්පූර්ණ කවිය

ඒ දණ්ඩෙන් යන කලටා
වැටුනේය ගඟටා
කොටා
හුටා

ප.ලි.
මං කවි කියලා ලියන ඒවත් මේ වගේද මන්දා?
හික් හික්

Saturday, October 13, 2012

සෙරෙප්පු හොරුන්ට කොකා පෙන්වමු


පන්සල් යන එන අය නිතර මුහුණ පාන ප්‍රස්නයක් වන්නේ

සෙරෙප්පු දෙක ආරක්ෂා කර ගැනීමය. පන්සල් දොරටුව ඉදිරිපිට පාවහන් ගලවා පන්සලට ඇතුළු වී බුදුන් වැඳ සැදැහැ සිතින් පිටවන අයට දැක ගත හැක්කේ තම සෙරෙප්පු යුගල අතුරුදහන් වී ඇති ආකාරයයි.

මෙයට විසඳුමක් ලෙස සෙරෙප්පු නොමැතිව පන්සල් යාම කල හැක. එහෙත් දඩාවතේ යන බල්ලන් පාරට තාර දැමීමේ කටයුතු වල නිරත වන බැවින් එසේ කිරීම දැන් අපහසු වී ඇත.
මෙයට සාර්ථක විකල්පයක් අපේ නිවසේ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ඉවත දමන දේවල් නැවත භාවිතයට ගන්නා පරිසර හිතකාමී විසඳුමක් ලෙස මෙය හැදින්වීමට පුළුවන. පහත පින්තූරයේ දැක්වෙන්නේ සෙරෙප්පු හොරුන්ට වැට බඳින සාර්ථක විසඳුමයි.

Saturday, September 22, 2012

කරළියේ කෝලම්

ඉස්සර අපේ චන්ද්‍ර මාමා රැකියාව කරේ සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ. අම්බලන්ගොඩ කලා කටයුතු වලට නම් දරාපු නගරයක් නිසා සැරින් සැරේ කට්ටිය එනවා චන්ද්‍ර මාමා එක්ක. ඒවා ගැන විස්තර හොයන්න, අධ්‍යයනය කරන්න, . ඔහොම එක පාරක් ලයනල් රන්වල මහත්තයත් අම්බලන්ගොඩ  රූකඩ බලන්න ඇවිත් අපේ ගෙදරින් නාලා, දවල් කෑමත් අරගෙන ගිහින් තිබුණා. තව එක පාරක්, සෙන්කොලේ නිර්මාතෘ වෙච්ච ඇස් පි චාල්ස් මහත්තයත් අපේ ගෙදර ආවා කියලා පොඩි මතකයක් තියෙනවා. මේ විදියට එක පාරක් , අපේ මාමා එක්ක සබරගමු නැටුම් කලාවේ නියැලෙන කලා කරුවෝ පිරිසක් අපේ ගම් පළාතට ආවා මෙහෙ තියෙන නැටුම් ගැන එහෙම දැක බලාගන්න කියලා. 

ඔය කට්ටිය එනවා කියන  ආරංචිය දැන ගත්ත දවසේ ඉඳල අපේ අමල් අයියලා ප්ලෑන් කරා කෝලම් නාට්‍ය කීපයක් මේ චාරිකාවේ එන අය ඉස්සරහ රඟ දක්වල පෙන්නන්න. ඉතින් දන්නා අඳුරන, නැටුමට ආසාව තියෙන කට්ටියක් එකතු වෙලා ගමේ ස්කොලේ පන්ති කාමරේක ඔන්න පුරුදු වෙන්න පටන් ගත්තා. ගම කතාව, අඬබෙර කෝලම, පේඬි කෝලම, බඩ දරු කෝලම තමයි මට මතක විදියට පුරුදු වුනේ. එතන හිටපු පොඩිම එකා වෙච්චි මට අනිත් අයියලා එක්ක හරි හරියට නටන්නවත් , කවි කියන්නවත් තේරුමක් තිබ්බේ නෑ ඒ කාලේ.  ඒත් කෝම හරි මටත් පොඩි පාර්ට් එකක් කරන්න චාන්ස් එක ලැබුණා අඬබෙර කෝලමේ.
 
වෙස් මූනකුත් බැඳගෙන ගමේ ස්කොලේ පිට්ටනියේ කෝලම් රඟ දක්වපු ඒ අත්දැකීම නම් ආයේ ලබන්න බැරි වෙයි මං හිතන්නේ. කොච්චර මට ඒක හිතට වැදුනද කීවොත් අඬබෙර කෝලම දෙබස් කට පාඩමේ මතක තියාගෙන ගිහින් ස්කොලේ යාලුවෝ එක්ක පුරුදු වෙලා පන්තියේ යාලුවෝ ඉස්සරහ ඉදිරිපත් කරා. නරක නෑ නේද පොඩි වයසට කරපු වැඩ? :D මේක ඇවිල්ල එකදාස් නමසිය බර ගණන් වල , ඒ කියන්නේ 97 අවුරුද්දේ විතර ලබපු අත්දැකීමක්. ඒ කියන්නේ මම ස්කොලේ පහ වසරේ ඉන්න කාලේ.

කොහොම වුනත් ඒ පරණ මතකය අලුත් වෙන විදියේ වැඩකට සහභාගී  වෙන්න අවස්ථාවක්  ලැබුණා ටික දවසකට උඩදී. වැඩේ මේකයි, අම්බලන්ගොඩ පාරම්පරික නැටුම් කලාවේ උරුමය දිගටම පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන බන්ධු විජේසූරිය කලායතනේ අය එකතු වෙලා කෝලම් නාට්‍ය ඇතුලත් නාට්‍ය නිෂ්පාදනයක් එලි දක්වන්නයි සූදානම. ලබන මාසේ හත් වෙනිදා ටවර් හෝල් රඟහලේ තමයි මේ සංදර්ශනය පවත්වන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර පෝස්ටර් එකෙන් බලාගන්න පුළුවනි,  කවදාවත් නැටුම් ඉගෙන  ගෙන නැති අපිට මොන කෝලම්ද කියලා කෙනෙකුට ප්‍රස්නයක් එන්න පුළුවන් . ස්කොලේ වැඩ වලදී දැන අඳුනගෙන තිබුණා නිසා කාංචනා විජේසූරිය ගුරුතුමිය  මේකේ අත්වැල් ගායනා වලට සහයෝගය දෙන්න එන්න කියලා ආරාධනාවක් කරා. මං ඒක සලකන්නේ ලොකු වාසනාවක් හැටියට.  බෙරයක් වදිනවා ඇහෙනකොටත් නිකන්ම අතපය හතර හෙලවෙන නිසා පුහුණුවීම් වලට සභාගි වෙන්නේ නම් හරිම කැමැත්තෙන්. 

Saturday, August 25, 2012

කොන්දොස්තර උතුමාණෙනි

දැන් විනාඩි පහලවක් විතර 
බස් එක නවත්තගෙන  හෝල්ට් එකේ
පටවනවා පටවනවා 
අපි "පොල් ගෙඩි" වගේද උඹට පේන්නේ 

කන් දෙක පැලෙන තරමට 
බැඳලා ස්පිකර් දෙකක් 
දානවා සින්දුවක්
මේක ලස්සනයි කියලද හිතන් ඉන්නේ

ඉස්සරහට යන්න කීවට 
බස් එකේ ඉඩ නෑ යන්න ඉස්සරහට
තද වෙලා බෑ ඉන්න 
ඩ්‍රයිවර්ට කියපන් "ඉස්සරහට යන්න" 

Saturday, August 4, 2012

කෝච්චියේ දවසක්

වෙලාව හයයි , තාම ඔෆිස් එකේ. 
හයයි හයට කෝච්චිය. දැන් ඉතින් කෝච්චිය අල්ලන්න නම් කකුල් දෙකට පින් දීගෙන දුවන්න වෙනවා ස්ටේෂන් එකටම.
පාරට දුවගෙන ඇවිත් බලනකොට කවින්ද ත්‍රි වීල් එකකට නගිනවා. මමත් ගිහින් ඒකෙම එල්ලුනා. ස්ටේෂමට ගිහින් බලද්දි කෝච්චිය පරක්කුයි. කෝච්චිය ආවා කියමුකෝ. ඒකත් සෙනග පිරිලා ඉන්න තැනක්වත් නෑ.  පානදුර හරියට වෙනකන් තෙරපි තෙරපි ඇවිත් සෙනග ටිකක් අඩු වෙනකොට ඇතුලට ආවත් සීට් එකක් හම්බෙන පාටක් තිබුනේ නෑ."බදාදා පෝය නිවාඩුව හින්ද වෙන්න ඇති මෙච්චර සෙනග". එහෙම හිතපු මම හිටගෙන ඇවිත්, ඉන්න බැරිම තැන ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා ආවා කළුතර ඉඳන් අලුත්ගමට.  අලුත්ගමදී ඇතුලට ඇවිත් බලනකොට මෙන්න තියෙනවා හිස් සීට් එකක්. නිවන් ගියා වගේ දැනුන සතුටත් එක්ක මම ඒකෙ වාඩි වුනා විතරයි අපේ පෙට්ටියට ගොඩ වුනා අම්ම , තාත්තා දෙන්නෙකුයි පොඩි දුවකුයි. එයාලට වාඩි වෙන්න සීට් තිබුනේ නෑ. මම නැගිටලා එයාලට සීට් එක දීලා ආයෙත් හිටගෙන යන්න පටන් ගත්ත. තාත්ත දුවත් එක්ක සීට් එකේ වාඩි වුනා. අම්ම හිටගෙන. තව ටිකක් වෙලා යද්දී එහා සීට් එකේ හිටපු කොල්ලත් නැගිටලා යන්න ගියා. අම්මා ඒ සීට් එකේ වාඩි වුනා. සීට් එකක් නැතුව ඉද්දි , සීට් එක දීපු මම දිගටම හිටගෙන ඇවිත් අම්බලන්ගොඩින් බැහැල ගියා. 
හැමෝම කියන්නේ කෝච්චියේ හැමදාම ඔෆිස් යන උන්ට මනුස්ස කමක් නැහැ කියලා..
හ්ම්....

Sunday, July 15, 2012

වැඩකාරයට නමක්

අද මම කියන්න හදන්නේ නම් නිසා ඇති වෙන පැටලවිලි ගැන පොඩි කාලේ අහපු තේරවිල්ලක්.  මේකට  උත්තරේ  ගොඩක් අය දන්නවා ඇති. ඒත් මතක් වුන එකේ ඔන්න ඔහේ ලියලා දාන්න ඕන කියල හිතුණා.

ඔන්න එකමත් එක ගෙදරක ජෝඩුවක් සතුටෙන් ජිවත් වුනාලු. ගෙදර වැඩ ටික තනියම කරගන්න අමාරු නිසා මහත්තය තීරණය කරාලු ගෙදරට වැඩ කාරයෙක් ගේන්න. ඉතින් හොයල හොයල හොඳ විශ්වාසවන්ත තැනකින් වැඩ කාරයෙක් එක්කගෙන ආවලු. ඒත් මේ වැඩ කාරය ටික කලක් යද්දී ගෙදරින් යන්න ගියාලු. මේ විදියට සැරින් සැරේ කොච්චර වැඩ කාරයෝ ගෙනාවත් වැඩි කල් ඉන්නේ නැතුව යනවලු. මහත්තය කරන්නම   දෙයක් නැති තැන මෙහෙම වෙන්නේ ඇයි කියලා. බැලින්නම් නෝනගේ නරක පුරුද්දක් නිසා තමයි මේ හැමෝටම ගෙදර ඉන්දිල්ල එපා වෙලා තියෙන්නේ. නෝනා වැඩකාරයොන්ට කතා කරද්දී නම අගට "යා" කෑල්ලක් දාලලු  කතා කරන්නේ.
උදාහරණයක් කිවොත් මට කතා කරනවා නම් "අසංකයා".
තරංග නම් "තරංගයා" 

ඉතින් නෝනගේ මේ පුරුද්ද නවත්තන්නයි, වැඩ කාරයෙක් ඕනේ නිසයි හොඳට කල්පනා කරලා හොඳ නමක් තියෙන වැඩ කාරයෙක් ගේනවලු ගෙදරට. මේ මනුස්සය ආවට පස්සේ නෝනගේ මේ "යා" පුරුද්ද නැවතුනාලු.

ගෙදරට අලුතින් ගෙනාපු වැඩ කාරයාගේ නම දන්නා අය ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ...

Sunday, June 24, 2012

රඟහලේදී


වේදිකාවේ ගැයෙන මිහිරි 
ගීත ඇසුමට සිතත් රිසි වී 
ගියෙමි රඟහල වෙතට සතුටෙන්
හිඳ ගතිමි අසුනකට බරවී 

එකින් එක ගී ගැයෙද්දී 
ඉන්න බෑ සංගීතය ඇසි
ගී අසන්නට ආ බවත් 
ඒ වෙලේ අමතක වී යති  

මගේ හඬ අවදි කෙරුවෙමි 
ගයමි දැහැනට සම වැදී
අවට සිටිවුන් මා දෙස බලා 
ඔරවන හැටිත් මා දුටුවෙමි 

කිසි කෙනෙකු නොඅසන මගේ ගී
ඔබ රස විඳින බව මම දනී
කව්රු රැව්වත් ඔබ සිනාසී 
මගේ ගී අසමින් හිඳී

පසු පෙලින් ඇවිදන් ගොසින් 
වේදිකාවට ගොඩ වැඩි 
දෙනෝදාහක් සෙනග අබිමුව 
ගයන සිහිනය දකිනෙමි

මගේ සිහිනය සැබෑ වන
දිනේදී ඔබ එනවද 
අද වගේ පසු පෙළක හිඳ නොව 
ඉදිරි පෙළ හිඳ අසන්නට  

Sunday, May 20, 2012

ලා රෝස ලොජික්

අලුත් වීඩියෝවක් මාධ්‍යයට නිකුත්  වී ඇත 
මෙහි කතාව අති සංකීර්ණය , මෙට්‍රික්ස් ෆිල්ම් තුනම තේරුම් ගත්  පුද්ගලයෙකුට පවා තේරුම් ගත නොහැකි ලොජික් එකක් මෙහි ඇති බව පෙනෙන්නට තිබේ,
අර කොල්ලා මැරුණේ කෙසේද? මම බොහෝ වෙලාවක් කල්පනා කලෙමි. බැරිම තැන දන්නා වෙන එකෙක්වත් උත්තරය සපයාවී යයි සිත මම මූනුපොතේ ස්ටේටස් එකක් දැම්මෙමි. 

" හැපුනේ පවනි
කොල්ලා දුවගෙන ආවේ කෙල්ලව බේරගන්න
ඊළඟට දෙන්නම ලේ පෙරාගෙන 
අන්තිමට මැරුණේ කොල්ලා

හෑ ඕයි? 
Did I miss anything? "
මේ එයට ලැබුන ප්‍රතිචාර දෙකකි 

Sameera Rukshan Mendis ‎.
ලිස්සා වැටුනා මෙමන් කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලුගලේ..

thats wht u missed :P

Nadun Kongahage එක්කෝ කොල්ලට ලේ දැක්කම ලේ යන ලෙඩේ තියෙන්න ඕන, නැත්නම් අධ්‍යක්ෂකට විනාඩි පහකවත් දෙයක් මතක තියාගන්න බැරි ලෙඩේ තියෙන්න ඕන.


ඔබ සිතන්නේ ඇත්තටම මෙහි කුමක් සිදු වන්නට ඇත්ද ?

ඔබේ පිළිතුර කමෙන්ටුවක් වශයෙන් සඳහන් කරන්න. නිවැරදි පිළිතුරට වටිනා තෑගී.

Saturday, May 19, 2012

ඔය ඇස් මගේ නිසා - KaushiK Milinda

අද පොඩි ආරංචියක් අරගෙන තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. මම මුලින්ම නලින් මල්ලිගේ මාර්ගයෙන් music producer කෙනෙක් විදියට හඳුනාගත්ත දැන් මගේ හොඳ යාලුවෙක් වෙන කෞශික් මිලින්ද අලුතෙන් ගීතයක් නිර්මාණය කරලා music video එකක් විදියට පහුගිය දවස් වල release කරා. ඊයේ තමයි මේකේ web release එක. ඉතින් හිතුනා සින්දුව ගොඩක් ලස්සන නිසාත් යාළුකම වෙනුවෙනුත්  පොඩි සටහනක් දාන්න. මෙන්න මෙතනින් ඔයාලට සින්දුව අහල බලන්න පුළුවන්. 

ගායනය, සංගීත අධ්‍යක්ෂණය, පද රචනය වගේ පැති කීපයකින්ම දස්කම් පාන කෞශික් ට ඉදිරියේදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල මම මේ වෙලාවේ ප්‍රර්ථනා කරනවා.

Sunday, April 29, 2012

අපි නොදන්න WWW

ඊයේ මගේ ඩොන්ගල් එක මා සතුව නොතිබුන නිසා අන්තර්ජන්ජාලයට පිවිසීමට මගක් නැතුව ලත වෙද්දී ගෙදර තිබෙන රව්ටරය මගේ නෙත ගැටුණි 
සියලුම දෙනා බෙහෙවින් ආදරය කරන ඇස් ඇල් ටි තෑගි වරං ඇඩ් එකේ පෙන්වන ජාතියේ වයිෆයි රව්ටරයක් වූ මෙය ගෙදරට ගෙනවිත් මාස හතරක් පමණ ගතවී තිබුනත් මෙතෙක් කල් මම පාවිච්චි නොකරෙමි.
ඊයේ ප්‍රථම වතාවට පාවිච්චි කරන අතර තුර ස්පීඩ් එක චෙක් කරේ නිකමට වගේය. එක වතාවක ස්පීඩ් එක 0.11Mbps කි. තවත් වතාවක 0.4Mbps කි. තවත් විටක නෙට් යාමටද බැරිය 
මේවා දකින මට තනි ඇහැට ඇඬුණි.

කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය
ටීවී එකේ නම් කියන්නේ වහින වෙලාවටත් WWW දෙන්නේ මොවුන් පමණක් බවය. වහින දවස් වලට වඩා වහින්නේ නැති දවස් ගණන වැඩි බව ඒ වෙලේ මට මතක් වුනි. ඉතින් කලාතුරකින් එන දවසක  ලැබේ යයි කියන වැඩි වාසියක් ගැන හිතේ තියාගෙන දවස් ගානක් ජාලයේ බඩ ගෑ යුතුය. අනිත් දවස් වලට හොඳින් ජාලයේ සැරි සරා වහින වෙලාවට ලැප් එක ඔෆ් කර නිදා ගන්න එක මීට වඩා සැපය. අනෙත් අතට වැස්ස වෙලාවට මා පාවිච්චි කරන 3G රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්පීඩ් එක අඩු වීමක්ද මෙතෙක් අත් දැක නොමැත. 

වහින වෙලාවටත් නෙට් යතහැකි කියා ෆුල් ආතල් එකේ නෙට් එකේ ඉන්න විට වැරදිලාවත් අකුණක් ගැසුවහොත් ඊට වඩා සැපය. මීට වසර දෙකකට පමණ පෙරද අපේ ගෙදර රවුටරයක් තිබුණි 
දිනක් නින්දට යද්දී ෆෝන් කේබලය ගලවන්නට අමතක වූ එදින මධ්‍යම රාත්‍රියේ අතර අකුණක් ගසා රවුටරය අවසන් ගමන් ගියේය. නැවතත් එවන් තත්වයක් ඇති වුවහොත් රවුටරයක් ඇස් ඇල් ටි එකෙන්ම මිලදී ගත හැක. 

Tuesday, April 24, 2012

බිත්තර රොටි


බඩගින්නක් දැනිල කඩේකට ගිය කොල්ලෙක්
වේටර්ගෙන් ඉල්ලුව බිත්තර රොටි ඩබලක්
කෑලි කෑලි වලට කපල මිරිස් හොද්දකුත් දාලා
පරිප්පු හොද්දත් ඇඩ් වෙලා මේසෙට ආවයි

කෑම පටන් ගත් පසු වේටර්  ඇවිදින් ලගට
මොනවද සර් තව ඕනේ කියා අසනවා
හොදි ඕනෙද තේ බොනවද දහසකුත් එකක් අහද්දි
වදෙන් බේරෙන්න කොල්ලා මෙහෙම කියනවා

බිත්තර රොටි කියලා නම ගහල තිබ්බට
පින්සලෙන්ද ගෑවෙ අයිසෙ මේකේ බිත්තර
වෙන මුකුත් එපා පින් සිදු වෙයි වද නොකර
බිත්තරයක් ගෙනත් දෙන්න රොටිය කන්නට

Sunday, March 25, 2012

මාර්ග සංඥා

කට්ටියට මතක ඇති නේද මම කලින් කියපු සෞඛ්‍ය පාඩම කරපු ටීචර් ට වෙච්ච වැඩේ?
මතක නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.

අදත් කියන්න යන්නේ ඒ විදියේ ස්කොලෙක පාඩමක් උගන්නපු ටීචර් කෙනෙක්ට අත්දකින්න ලැබුන සිද්ධියක්. 
දවසක් ටීචර් කෙනෙක් පන්තියේ ළමයින්ට  මාර්ග සංඥා  ගැන කියලා දෙනවලු.  පාඩම අතරේදී ටීචර් ළමයින්ට කිව්වලු තමන් දන්නා මාර්ග සංඥා පොතේ ලියන්න කියලා
ඊට පස්සේ ටීචර් ඇවිත් පොත් බලාගෙන යනවලු. "වටරවුම ඉදිරියෙන්", "පටු පාලම ඉදිරියෙන්" වගේ නොයෙක් නොයෙක් ජාතියේ සංඥා අතරේ වැඩිය අහල පුරුදු නැති එකකුත් එක ළමයෙක් ලියලා තියෙනවා  ටීචර් ට හම්බුනාලු.

සංඥාව :පාරේ අනිත් පැත්තෙන් අපගේ වාහනයට මුහුණලා පැමිණෙන  වාහන වල හෙඩ් ලයිට් දෙකම දමාගෙන පැමිණීම 
තේරුම : ට්‍රැෆික් පොලිස් ඉදිරියෙනි 

Sunday, March 18, 2012

මේ දවස් වල විත්ති.

අද නම්  කවියක්  වත් , කතාවක්  වත්   නෙමෙයි  ඔන්න  කියන්න  යන්නේ, විශේෂ පුවත් නිවේදන කීපයක් කියලා කිව්වොත් තමයි හරියටම හරි.

අපි රට වටේම ඉන්න කෝච්චි පිස්සො එකතු වෙලා හැමදාම  වෙලාවක් කලාවක් නැතුව මුණ ගැහෙන රේල් හන්දිය මෙච්චර කාලෙකට මූණු පොතට සීමා වෙලා තිබුනේ. පහුගිය දවස් වල අපි සෙට් එක රේල් හන්දිය මූණු පොතෙන් බ්ලොග් අවකාශයට ගෙන ඒමට පොඩි උත්සහයක් දරුවා. ඒ උත්සාහයේ ප්‍රතිපලය තමයි රේල් හන්දිය බ්ලොග් අඩවිය.  
මේ දවස් වල මගේ අලුත් ගීතයක වැඩ කටයුතු හිමීට කරගෙන යනවා. මේ ගීතයත් නිසල් ගන්ගොඩගේ, කෞශික් මිලින්ද  ප්‍රමුඛ Audio Lab ආයතනය සමග තමයි කරන්නේ. , ඉස්සරහට ඔයාලට ඒක අහන්න ලැබේවි. 

ඒ වගේම තමයි මාස හයකට වැඩි කාලයක් අලුත්වැඩියා කටයුතු වලට වසා දමා තිබුණු ගාල්ල අලුත්ගම දුම්රිය මාර්ගය නැවත හෙට සිට දුම්රිය ගමන් ආරම්භ වෙනවා. අද තමයි පරීක්ෂණ ධාවනය පැවැත්වුනේ. අද මම ගීත පටිගත කිරීමකට සහභාගී වුන නිසා ගෙදර ගිටියේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව දැක බලා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී ගියා, ඒත් අපේ රේල් හන්දියේ විදුර සහෝදරයා මේ ගමනට සහභාගී වුණා. ඒ නිකම්ම නිකන් නරඹන්නෙක් වශයෙන් නෙමෙයි. දුම්රියේ කාලය සහ වේගය මැනීමේ කාර්යය ඉටු කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුවට සහයෝගයක් වෙමින් තමා ඔහු මේ ගමනට සහභාගී වුනේ, අපි හැමෝටම සතුටුයි විදුරට මේ ලැබුන අනගි අවස්ථාව ගැන. මේ ලින්කුවෙන් ගිහින් වැඩි විස්තර බලා ගන්න පුළුවන් හැමෝටම. 


එහෙනම් ඔන්න අදට පුවත් එපමණයි,  ආයෙත් දවසක මුණ ගැහෙමු. ජයවේවා! 

Monday, March 12, 2012

පරිගණක ඉන්ජිනේරුවෙකුගේ ප්‍රථම onsite ත්‍රාසජනක අත්දැකීම


සරසවි දිවිය නිම වුනි සිව් වසක් ගෙවී
ඒ සැනෙකින්ම රැකියාවට යන්න වුණි 
ආතල් සෙට් එකක් සිටි ටීම් එකට වැටි 
ෆුල් සොමියේම ජොබ් එක කරගෙන සිටිමි

පලවෙනි මහලෙ ඉන්නේ වැඩ කරන විට
ලන්ච් රූම් එක තිබේ තුන්වන මහල මත 
උදේ හවස තේ බොන්නට යයි එකට
දවල් කෑම කන්නෙත් අපි හැම එකට 

අමුතුම  සෙල්ලමක්  මේ අය අතරෙ ඇති 
දුවගෙන ගොසින් ලිෆ්ට් එකෙ දොර වසාගනී
අන්තිමටම එන අය මග දමා යති 
ලන්ච් රූම් එකට පඩි පෙළ නැග යන්න වෙති 


Saturday, February 25, 2012

රුහුණට පැමිණි කඳුකරයේ යෝධයා!

ලංකාවේ ඉන්න rail fans ලා අතරේ එක විදියට ආදරයට ලක් වෙච්ච එන්ජින් මාදිලියක් තමයි M2 කියන්නෙ. 1954 සිට 1961 දක්වා කාලය තුල කැනඩාවෙන් ආධාර ලෙස අපේ රටට මේ මාදිලියේ එන්ජින් 12ක් ලැබෙනවා. කැනඩාවට කෘත ගුණ සැලකීමක් වශයෙන් මේ එන්ජින් වලට කැනඩාවේ ප්‍රාන්ත වල නම් ලබා දෙනවා. මීට අමතරව පසු කලෙක ලංකාව විසින් තවත් මේ එන්ජින් දෙකක් මිලදී ගන්නවා. ඒ‍ ගාල්ල සහ කන්කසන්තුරේ ලෙස නම් කර ඇති එන්ජින් දෙක.  M2D කාණ්ඩයට අයිති මෙම එන්ජින් දෙක ලංකාවට ගෙන එන්නේ සිමෙන්ති සංස්ථාවේ වැඩ සඳහා. නමුත් පසු කාලීනව මේ එන්ජින් දෙකත් මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නවා. මේ එන්ජින් 14 අතරින් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වුන 571 එන්ජිම හැරුන විට අනෙකුත් එන්ජින් 13ම ලංකාව පුරා මගීන් එහා මෙහා රැගෙන යමින් වසර පනහකටත් අධික කාලයක් මහත් සේවයක් ඉටු කරනවා.

Monday, February 20, 2012

නරියා සහ මිදි වැල Remake සහ තවත් කතා

මම අර කළුපහන සර්ගේ පන්තියේදි අහපු සෞඛ්‍ය පුරුදු ගැන කතාවට චතුමිතු කමෙන්ට් එකක් දාලා තිබුනා මෙන්න මෙහෙම. 


දැන් කාලේ පොඩි එවුන් ඔහොන්ම ම තමයි.. 2පාරක් නෙවෙයි..60 පාරක් හිතලා තමයි කතා කරන්න ඔනේ.. :D :D


ඒ කමෙන්ට් එකට අදාලව තවත් කතාවක් කියන්නයි අද ලෑස්ති වෙන්නේ.
මේ කියන්න හදන්නේ ඒ වගේ පොඩි ළමයෙක්  නරියා මිදි කාපු හැටි ගැන කතාවකින් කියපු විදිය . දවසක් නරියෙක් කැලේ මැදින් ගමනක් යනකොට... මිදි වැලක මිදි පොකුරු පොකුරු හැදිලා තියෙනවා දැකලා මිදි කන්න ආසාවක් ආවලු. මිදි කඩන්න හිතාගෙන කොච්චර උඩ පැන්නත් මිදි කඩන්න බැරි වුනාලු. ඒ තරම් උඩක තමයි මිදි පොකුරු තිබිලා තියෙන්නේ. ඉතින් මේ නරියා කරන්න දෙයක් නැති කමට වට පිට බල බල ඉන්නකොට තව නරියෙක් කැලේ මැදින් මිදි වැල පැත්තට එනවා දැක්කලු..
ඒ නරියට කතා කරලා මිදි කන්න ආසාවෙන් ඉන්න නරියා මෙහෙම කීවලු. "අනේ යාලුවේ පොඩ්ඩක් මේ පැත්තට එනවද" කියලා, ඉතින් ඒ දෙවෙනි නරියා එතනට ගියාම පලවෙනි  නරියා උගේ පිටේ නැගලා මිදි කඩාගෙන කෑවලු.

මේකත් ඒ විදියෙම කතාවක්, දවසක් පොඩි ළමයෙක් ඉඳන් අම්ම එක්ක කියනවලු මෙහෙම,
"මං සිංහයාට බය නෑ......
මං එළුවට බයයි...."
 
පොඩි කමට කියන කතානේ නේද? යමක් කමක් තේරෙන වයසක්ද, සිංහයා එළුවට වඩා කොච්චර දරුණුද?
සමහර විට ළමයගේ අම්මටත් එහෙම හිතෙන්න ඇති.
ඒ එක්කම ආපහු ළමයා කියනවලු මෙහෙම.

"සිංහයෝ ඉන්නේ කූඩුවෙනේ."

ඇත්ත තමයි,  සිංහයා කූඩුවේ ඉන්නකන් අපි බය වෙන්නේ මොකටද නේද? එළුවා නම් ඔය අපි යන එනකොට පාරවල් වලත් ඉන්නවනේ , ඉතින් අනින්නත්  ඉඩ තියෙනවා. බලං ගියාම පොඩි අයට අපි හැමෝටම වඩා මොලේ තියෙනවා නේද?




Tuesday, February 7, 2012

මගේ ස්වරය පුරා වසරක් රැව් දුන් වගයි

2010 වසරේ අග භාගය ....
දන්න කාලෙ ඉඳන් ජිවිතේ වගේ දැනිච්ච සංගීතය ටිකෙන් ටික මගෙන් ඇත් වෙලා යනවා වගේ දැනුන කාලයක්. ඒ නිසා කිසිම වැඩක් ගන්නේ නැතුව පැත්තක දාලා තියෙන, 2009 වසරේදී පමණ විශ්ව විද්‍යාලයේදී නිර්මාණය කරපු ගීතයක්  පොඩි වීඩියෝ එකක් කරලා මූණු පොතට වත් දාන්න ඕන කියලා හිතාගත්තා. වීඩියෝ එකක් කරන්න පුළුවන් කියලා හිතෙන හැමෝගෙන්ම වගේ ඇහුවත් මොකක් හෝ හේතුවක් නිසා ඒ වැඩේ දවසින් දවස කල් යද්දී ශයංග මලයට කියලා අපේම පින්තූර පේලියක් ගීතයේ පසුබිමට සෙට් කරලා වීඩියෝවක් විදියට ගීතය මූණු පොතේ පල කරා. මේ ගීතය දැකපු මගේ විශ්ව විද්‍යාල සගයෙක් වෙන කසුන් දිල්හාර, එයාගේ මල්ලිගේ බ්ලොග් එකේ සින්දුව ගැන පෝස්ට් එකක් දාමු කියලා යෝජනාවක් ඉදිරිපත් කරේ. ඒ මල්ලි තමයි තරිඳු පමල්. ඉතින් ඔය විදියට මගේ සින්දුව ගැන පෝස්ට් එකක් පල වෙනවා පමල්ගේ සිතුවිලි  බ්ලොග් අඩවියෙ. මේ පෝස්ට් එකට ලැබුන ඉහල ප්‍රතිචාර ( දැනටත් පමල්ගේ සිතුවිලි වැඩියෙන්ම කියවූ පෝස්ට් එක විදියට රැඳිලා තියෙන්නෙ මගේ "මිතුරනේ" ගීතය ගැන පළවූ පෝස්ට් එක.) තමයි මාව බ්ලොග් අවකාශයට තල්ලු වෙන්න ප්‍රධානම හේතුව.

Sunday, January 15, 2012

පුවතක්: ධෝනිට සිව්වන ටෙස්ට් තරඟය තහනම් - Rajini Kanth to the rescue!









ඕවර් රේට් එක අඩුවෙන් 
බෝල්  කල නිසා
සිව්වෙනි ටෙස්ට් මැච් එක
තහනම් කරලලු ධෝනිට

මෙන්න නියම අවස්ථාව
රජිනි කාන්ත් ටීම් එකට
ගමු හිස්තැන පුරවන්නට
ධෝනි නැති නිසා ඇති වෙන

රජිනි කාන්ත් බැට් කරද්දි
ලීව්  කරත් හයක් තමයි
බෝල් කරොත් එක බෝලෙට 
හැට් ට්‍රික් එක යනවාමයි

මෙහෙම කරොත් පුළුවන් වෙයි
කැන්ගරුවන් නවත්තන්න
හතරට බින්දුව විදියට
පරදින එක නවත්තන්න


මේ පොටෝ එකේ තියෙන්නෙ මං ලියපු කවියෙ chess version එක. ඒකත් බැලුවට කමක් නෑ ඉතින්..

ප.ලි.:ඔන්න යන්තම් දඟලල දඟලල 50 වෙනි පෝස්ට් එකත් දැම්ම කෝම හරි. මෙතෙක් කල් බ්ලොග් එක එක්ක හිටපු අය වගේම අලුත් අයත් ඉස්සරහට බ්ලොග් එක වටේ එකතු වෙයි කියල තමයි මගේ ප්‍රාර්ථනය!

Thursday, January 12, 2012

හොඳ සෞඛ්‍ය පුරුදු!


අදත් ඔන්න කියන්න යන්නෙ කළුපහන සර් පන්තියේදී අපි එක්ක කියපු කතාවක්. මුල්ම කතාව කියෙව්වේ නැති අය ඉන්නවා නම් මෙතනින් බලන්න පුළුවන් ඒකත් 

ඔන්න එකෝමත් එක කාලෙක පුංචි කොලු පැංචෙක් හිටියලු, අපි මෙයාට දාමුකෝ නමක්....
චාමර හොඳයි වගේ...
හරි!
ඔන්න දැන් චාමර හැමදාම වගේ පුරුදු විදියට ස්කොලෙ ගියාලු....
එදා සෞඛ්‍ය පීරියඩ් එකක් තිබුනලු..
සෞඛ්‍ය උගන්නන ටීචරුත් ඇවිල්ලා පාඩම පටන් ගත්තලු. එදා තිබ්බ පාඩම....
හොඳ සෞඛ්‍ය පුරුදු ගැන.(ගම්පෙරලිය හෙම නෙමෙයි හොඳද.....?)
ටීචර් දැන් ඔන්න හොඳ සෞඛ්‍ය පුරුදු සෙට් එකක් කියාගෙන යනවලු.

දවසට දෙපාරක් දත් මැදීම 
නියපොතු කොටට කපා පිරිසිඳුව තබා ගැනීම
කෑමට පෙර සබන් යොදා අත් සේදීම 
වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සේදීම 
පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම 
පලතුරු, පලා වර්ග කෑමට පෙර ගලා යන ජලයෙන් සේදීම 

ඔන්න එතකොටම අපේ චාමර අත උස්සලා ටිචර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ලෑස්තිය. 
ටීචර් මේක දැකලා චාමරට කිව්වලු  ප්‍රශ්නෙ අහන්න කියලා.

"ටීචර් වැසිකිලි ගියාට පස්සේ අත විතරක් හේදුවම ඇතිද?" කියලා චාමර කොලුවා ඇහුවලු...



Related Posts Plugin for WordPress, Blogger...