Wednesday, July 27, 2011

නිර්වාණ ස්වර්ණ.........

2600 වන සම්බුද්ධ ජයන්තිය යෙදී තිබුන පහුගිය වෙසක් මාසයේ මොරටු සරසවියේ අපිත් සම්බුද්ධ ජයන්තිය සමරන්න විවිධ දේවල් සංවිධානය කළා.
සීල ව්‍යාපාර, වෙසක් පහන් කූඩු තරඟ , සව් දන්සැල 
ඒ අතරේ පැවැත්වුන බැති ගී සරණිය සඳහා මමත් සහභාගී වුණා ගිටාර් වාදනය කරන්න.
එක ගීතයක් ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා.
මමත් කසුන් අල්විස් සහෝදරයත්, සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් ගායනා කරන නිර්වාණ ස්වර්ණ ගීතය තමයි ගායනා කරේ.
කැමරාවක් අරන් ඇවිත් තිබුන අපේ යාලුවෙක් බැති ගී සරණිය වීඩියෝ කරලා තිබුණා. ලඟදි තමයි ඒ වීඩියෝ එක හම්බුනේ.
අද මම හැමෝටම බලාගන්න බ්ලොග් එ‍කේ දානවා අපි ගායනා කරපු සින්දුව.
එහෙනම් අහලම බලන්නකෝ...





Monday, July 25, 2011

පැය දෙකහමාරකින් කිලෝ මීටර දෙකහමාරක්! ලොවෙත් නැති ලොවි ගහෙත් නැති bike ride එක!


පහුගිය දෙවෙනිදා, සෙනසුරාදා දවසම කැම්පස් එකේ හිටියේ. යාත්‍රා එකට ප්‍රැක්ටිස් කරලා ඉවර වෙද්දි රෑ 7 පහු වෙලා. කාලා බීලා බස් එකක නැගල ගෙදර යන්න පිටත් වුණා. ගෙදරට යද්දි රෑ දහය විතර ඇති.  ඒ ගියෙත් ඉරිදා හවසම ආපහු කැම්පස් එනවා කියල හිතාගෙන. ගෙදර ගිහින් නිදා ගන්න ලෑස්ති වෙනකොටම තාත්තා කාමරේට ඇවිත් ඇහුව "පුතා, හෙට හවස ගෙදර ඉන්නවද? " කියල.
මම "නෑ තාත්තේ, හෙට හවස යන්න හිතාගෙන ඉන්නෙ" කියල උත්තරේ දීලම ඇහුව නිකමට වගේ එහෙම ඇහුවේ ඇයි කියල. මුකුත් විශේෂ වැඩක් එහෙම තියේද දන්නෙ නෑනේ.
ඒ වෙලේ තාත්තා කිව්වමයි මතක් වුනේ.. අපේ පන්සලේ හිටපු හාමුදුරුවන් වහන්සේලා දෙනමක් උපසම්පදාව ලබපු සිද්ධිය. උන් වහන්සේලා පන්සලට වඩම්මන්න පෙරහැරක්  තියෙනවලු. ඒ පෙරහරේ යන්න මෝටර් සයිකල් විසි පහක් හොයනවලු අපේ නිශාන්ත අයියා. එයා දවසක් ගෙදරටම ඇවිත් අහලා මම ඉන්නවද කියල ඉරිදා හවසට. 
කාලෙකින් පන්සලේ වැඩකට යන්න බැරි වුණා නිසාත්, නිශාන්ත අයියයි තාත්තයි  පෙරහැරේ  සංවිධායක කමිටුවේ ඉන්න නිසාත් ඔන්න ඔහේ ඒකට ඉඳලම යනවා කියල හිතාගත්තා.

Wednesday, July 20, 2011

ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ, යාත්‍රා !


ඔයාලට මතක ඇති මං පහුගිය වතාවේ පෝස්ට් එකෙන් අපේ CMS එක ගොඩ නැගුන  විදිය විස්තර කරන්න උත්සාහ  කරපු හැටි. ඒක බැලුවේ නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා බලන්න. එදා මං පොරොන්දු වුණා ඊළඟ දවසේ යාත්‍රා ගැන කතා කරනවා කියලා. පොරොන්දුව ඉටු කරන්න ටිකක් කල් ගිය එක ගැන නම් ඇත්තටම දුකයි. ඒත් late is better than never කියනවනේ.
ඒ නිසා ඔන්න අද ආවා බ්ලොග් එක පැත්තෙ.


එදා ලිපියේ මං කිව්වා වගේ අපේ MUSICK කාරයන්ට show එකක් කරන්න ලොකු උණක් ඇවිත් තිබුනේ. ඒ වෙද්දී CMS එකේ සභාපති හිටිය අපේ 07 කණ්ඩායමේ තරිඳු ඇතුළු පිරිස මේ කටයුත්ත වෙනුවෙන් මූලික අඩිතාලම යොදන්න ගන්නවා. තරිඳු කියන විදියට මුදුන්කොටුව ශූරින් , ජානකී ප්‍රේමරත්න  ගුරුමෑණියන්, ජගත් ප්‍රේමචන්ද්‍ර සහ කිත්සිරි සමරසිංහ ගුරු පියවරු මේ කාර්යය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දීල තියෙනවා.

Monday, July 11, 2011

යාත්‍රා ,ලාංකේය සුභාවිත සංගීතයේ සරසවි සලකුණ! පූර්විකාව....

මොරටුව සරසවිය කොයි වගේ තැනක්ද කියල ඇහුවොත් ගොඩක් අය හිතන්නේ තාක්ෂණය එක්ක ඔට්ටු වෙන්න උපන් හපන්කම් තියෙන , පොත් ගුල්ලන් පිරිසක් සිටින තැනක් විදියට කියන එක රහසක් නොවේ. අපේ සරසවියේ තියෙන faculty (Engineering, Architecture, Information Technology) දිහා බැලුවම කෙනෙකුට එහෙම හිතෙන එකත් පුදුමයක් නොවෙයි. අනිත් එක ඕකට එන්නෙත් ලංකාවේ උසස් පෙළ හොඳම ප්‍රතිපල ගත්තු පිරිස කියන එකත් මේ මතයට හේතුවක් වෙන්න ඇති. 
මමත් උසස් පෙළ සමත් වෙලා මුලින්ම සරසවි බිමට පා තබද්දී හිතාගෙන හිටියෙ ඒ විදියටම කිව්වොත් තමා නිවැරදි.  ඒත් මගේ මතය  වැරදි බව මට මුලින්ම තේරුම් ගියේ අපි කඩ්ඩ group එකෙන් හන්තානට ට්‍රිප් එකක් ගියපු වෙලාවේ. ඒ දවස ඇතුලත හොඳ ගායකයෝ වාදකයෝ කීප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා නේද කියල තේරුම් ගියා.

Related Posts Plugin for WordPress, Blogger...