Thursday, September 22, 2011

කෝච්චි සහ මම


ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකමට නෙමෙයිනේ.එක එක මිනිහගේ ආසාවන් එකිනෙකට වෙනස්. එකම දේ දිහා මිනිස්සු බලන්න විවිධ පැති වලින්. වැඩිය ඕනේ නෑ.....
බ්ලොග් අවකාශය අරන් බැලුවොත් ඇති ඒක තේරුම් ගන්න.
එක එක ජාතියේ බ්ලොග් තියෙනවා විවිධ විවිධ මාතෘකා ගැන කතා කරන. පොඩි දේකට කට්ටිය දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා වෙලාවකට. 
ලෝකය ලස්සන වෙලා තියෙන්නෙත් මේ විවිධත්වය නිසා කියලයි මට හිතෙන්නේ

මමත් ආසකරන, පිස්සුවක් කියල අනිත් අයට පේන මට්ටමට ගියපු දේවල් කීපයක්ම මගේ ඔලුවේ තියෙනවා
music, ක්‍රිකට්......

ඒ අතරේ මට තියෙන තවත් පිස්සුවක් ගැන ඉඟියක් මම මේ බ්ලොග් එක ආරම්භ කරද්දීම දීලා තියෙනවා.

Friday, September 16, 2011

කුමාරියෝ..............


එදා පටන් අපේ ගමට ආගිය නෙක කුමාරියෝ
රුහුණු, ගාලු, සාගරිකා, රජරට ලෙස නම් දරුවෝ 
හැමදා හිමිදිරි උදයේ අපව කොළඹ අරන් ගියෝ
සවස් කලට නැවතත් අප ගමට ගෙනත් ඇරලූවෝ

පා පුවරුවෙ වාඩි වුනත් සැප අසුනක සුව දැනුණා
එන්න ටිකක් පමා වුනත් නැහැ අපි වූයේ තරහා
පමා වෙලා ආවත් බස් එකට කලින් කොළඹ ගියා
ඔබ ආවේ නැති දවසට මගතොට අපි දුක් වින්දා 

Friday, September 9, 2011

විභාගය.....


උත්තර පත්තරය මගේ
හිස් කොලයක් වූ පමණින් 
මම මෝඩයි කියා සිතන 
නුඹ ගැන මට කණගාටුයි

මෝඩයන්ට නොපෙනෙන ලෙස 
උත්තර මම ලියා තිබේ 
හොඳින් බලා කියවගන්න 
ඔබට ඇහැකි නම්

Monday, September 5, 2011

යාත්‍රාවේ අපේ අයිටම් එක


මතකද මං අපේ යාත්‍රා ප්‍රසංගය ගැන පහුගිය දවස් වල ලොකු පුරාජේරුවක් ඔයාලා ඉස්සරහ දිග ඇරිය හැටි?
ඒ පෝස්ට් දෙක නොබලපු අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.


දවසක් අපේ තරිඳු සහෝදරයා එහෙමත් නැත්නම් අපි හැමෝම කියන විදියට චූටි කතා කරලා කිව්වා "යාත්‍රා එකට අපේ batch එකෙන් item එකක් කරනවා, වරෙන්" කියලා. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. මමත් “හරි මචන් අනිවා එන්නම්” කියලා ඒ වෙලාවෙම වැඩේට සෙට් වුණා. බොරු කියන්නේ මොකටද..
මල්ලිලා නංගිලා යාත්‍රා එකට පුහුණු වෙද්දි මෙදා පාර යාත්‍රා එකට සහභාගී වෙන්න බැරි වෙයි කියන සිතිවිල්ල ඇති වෙලා තිබුනේ. ඇත්තටම හිතට දුකක් දැනුණා මේ වගේ දේකට දායක වෙන්න බැරි වෙයි කියන බය නිසාමද කොහෙද. කොහොමත් ඉතින් පොඩි කාලේ ඉඳන් ඇඟේ තියෙන සංගීත උණේ හැටියට එහෙම දුක හිතෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ බලාගෙන ගියාම. ඉතින් චූටිගේ මේ කතාවත් එක්ක ඒ දුක හිතෙන් පහ වෙලා ගියා,
හරියට ඉරු එලිය දැක්කම අතුරුදහන් වෙන පිනි බින්දු වගේ.

Friday, September 2, 2011

තොප්පිය වැටෙන වික්‍රමය ,Hat Tricks.


පහුගිය දවසක ලසිත් මාලිංග තමන්ගේ තුන්වෙනි hat trick එකත් ගත්ත නිසා කට්ටිය සෑහෙන්න උනන්දුවෙන් ඒ ගැන කතා කරනවා මේ දවස් වල. තුන් පාරක් එක් දින ජාත්‍යන්තර තරඟ වලදී මේ දස්කම දක්වපු ලෝකයේ එකම ක්‍රීඩකයා තමයි මාලිංග.
මට මේ එක පිට පන්දු තුනක විකට් තුනක් ගන්න දක්ෂතාවයට කියන නම හැදුන හැටි ගැන ගොඩක් කාලෙකට කලින් අහපු කතාවක් මතක් වුණා.
ඉස්සර කාලෙ මේ දක්ෂතාවය පෙන්නුව ක්‍රීඩකයන්ට තොප්පියක්( හැට් එකක්) තෑගි විදියට ප්‍රදානය කරන සිරිතක් තිබුනාලු. හැට් එක ගන්න දාපු ට්‍රික් එක නිසා HAT TRICK වුණා කියල තමයි මම අහල තිබුනේ. මට ඉතින් නිකමට හිතුණා මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න.බැලින්නම් කතාව ඇත්ත තමයි . විකිපීඩියා උන්නැහේ කියන විදියට මේකයි වෙලා තියෙන්නෙ,
 1858 වසරේදී මේ දක්ෂතාවය දක්වපු HH Stephenson කියන ක්‍රීඩකයාට හැට් එකක් තෑගි විදියට දීලා තියෙනවා. එතනින් තමයි මේ නම හැදිලා තියෙනවා කියන්නෙ..

Related Posts Plugin for WordPress, Blogger...