මේක ගොඩක් අයට repost වගේ වෙන්න පුළුවන්. කලින් මේක Facebook එකේ අහල තියෙන නිසා. එත් මේ බ්ලොග් එක පටන් ගන්න මුල පිරුනෙත් මේ song 1 නිසානේ. හිතුව බ්ලොග් එකෙත් post එකක් දාන්න. සින්දුවේ ඉතිහාසය ගැනත් පොඩි දෙයක් හරි කියලා ඉන්න එකත් හොඳයිනේ... :)
අවුරුද්ද 2009 වෙන්න ඕනේ . අපේ batch එකේ උන් End Semester ගොඩ දාලා(result නම් අහන්න එපෝ....) CSE Day එක(Indifference) කරන්න ලෑස්ති වෙනවා. ඉෂාර(අපේ REP) ඇවිත් මට කිව්වා පොඩි වැඩක් කරලා ඕනේ කියල. DAY එකට සින්දු ටිකක් කියන්න. වැඩේ ටිකක් බරපතලයි.

වචන ටිකයි තනුවයි හරි. ඒ වෙලාවේ තමයි London වල Albert uncle වගේ මට රචික අයිය මතක් වුනේ. එයත් කැමති වුනා වැඩේට.
රචික අයියගේ studio එකේ දවස් ගානක් නිදි මරාගෙන මහන්සි වෙලා සින්දුව හැදුව.මටත් වඩා track එක හදන්න මහන්සි වුනේ රචික අයිය කිව්වොත් තමයි හරි.
Day එක දවසේ සින්දුව කිව්වම වුන වැඩේ නම් කියල වැඩක් නෑ. ගෙනෙල්ල තිබුන නවීනතම ශබ්ද පරිපාලන උපකරණ නිසා සින්දුව නියමෙටම ඇහුන.ඇවිල්ලා හිටපු අයත් සින්දුව ඇහුනේ නෑ වගේ හිටිය. මමත් සින්දුවක් කිව්වේ නෑ වගේ හිටියා. ඔය අතරෙ මම computer එකේ පිහිටෙන් සින්දු කියනවා කියලා හැමෝටම ඇහෙන්න කියපු අයත් හිටියා. මහන්සි වෙලා කරපු දෙයක් 1 පාරක් විතරක් අහල පැත්තක දාන්න හොඳ නැහැනේ. ඒකයි ආපහු මේක FB දැම්මේ. හැමෝම වගේ හොඳ comment දීලා තිබ්බා. පමල් මල්ලි එයාගෙ blog එකෙත් article එකක් දාලා තිබුනා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
මේක FB දාන්න රුප පෙළ ගස්සල දුන්නේ අපේ ශයංග මල්ලි. එයාටත් බොහොම ස්තුතියි.මේ රූප පෙළේ ඉන්නේ සේරම මගේ යාලුවෝ තමයි. පහුගිය කාලේ අපි විනෝදෙන් ගත කරපු හැටි කැමරා කාචයේ සටහන් වුන ආකාරය ඔයාලට මෙතනින් දැක බලා ගන්න පුළුවන්.
සමහරු නම් මට මේ පින්තුර ටික ගත්තා කියල නඩු දාන්නත් ආවා. යන්තම් පොඩි ගානක් අතට දීල තමයි බේරුනේ. :D
ඔය Indifferenz කියන්නේ අර නිසංස අයියාගේ පිස්සු පුස්ථකාට ක්රීඩාව තිබුන අපේ welcome 1නේ:p
ReplyDeleteඅපි තමයි කොල්ලොන්ට Video 1 YouTube දාමු කියලා idea 1ක දැම්මේ.................
sira.......
ReplyDeleteහොදයි අයියේ... සිරාම සිරා සිංදුව.... තව තවත් සිංදු ලියන්න හොදේ.....
ReplyDeleteNice ayye !!!carry on !!!wish you all the best
ReplyDeleteNiyamai ayye. Thawa sindu tikak karanna. Api dennam sup 1.
ReplyDelete