Saturday, October 13, 2012

සෙරෙප්පු හොරුන්ට කොකා පෙන්වමු


පන්සල් යන එන අය නිතර මුහුණ පාන ප්‍රස්නයක් වන්නේ

සෙරෙප්පු දෙක ආරක්ෂා කර ගැනීමය. පන්සල් දොරටුව ඉදිරිපිට පාවහන් ගලවා පන්සලට ඇතුළු වී බුදුන් වැඳ සැදැහැ සිතින් පිටවන අයට දැක ගත හැක්කේ තම සෙරෙප්පු යුගල අතුරුදහන් වී ඇති ආකාරයයි.

මෙයට විසඳුමක් ලෙස සෙරෙප්පු නොමැතිව පන්සල් යාම කල හැක. එහෙත් දඩාවතේ යන බල්ලන් පාරට තාර දැමීමේ කටයුතු වල නිරත වන බැවින් එසේ කිරීම දැන් අපහසු වී ඇත.
මෙයට සාර්ථක විකල්පයක් අපේ නිවසේ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ඉවත දමන දේවල් නැවත භාවිතයට ගන්නා පරිසර හිතකාමී විසඳුමක් ලෙස මෙය හැදින්වීමට පුළුවන. පහත පින්තූරයේ දැක්වෙන්නේ සෙරෙප්පු හොරුන්ට වැට බඳින සාර්ථක විසඳුමයි.



පසුගිය දිනවල මේ සෙරෙප්පු ජෝඩුව පරීක්ෂණ මට්ටමින් භාවිත කල අතර අත්හදාබැලිම සාර්ථක බව සතුටින් දැනුම් දෙමි. "තනි සෙරෙප්පුවකින් කාටවත් වැඩක් නෑ" යනුවෙන් වෙළඳ දැන්වීමක් කලක් රුපවාහිනියේ විකාශනය වනු මතක ඇතැයි සිතමි. එහෙත් තනි සෙරෙප්පු දෙකකින් වැඩක් ගැනීමට පුළුවන් බව මේ අලුත්ම සෙරෙප්පු ජෝඩුව දැකීමෙන් අපට සිතේ.












මේ විසඳුම අපේ ගෙදර පමණක් නොව තවත් අය විසින් පාවිච්චි කරන බව මට දැකගන්නට ලැබුණි.මේ එවන් අවස්ථාවක් ඡායරූපයට නැගුන ආකාරයයි.



3 comments:

  1. කැම්පස් යන කාලෙත් තමන්ගෙ සෙරෙප්පු ජෝඩුව වෙනුවෙන් උඹ අභීතව සටන් වැදුන ආකාරය මට මතක් උනා සහෝ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන්...
      ටැංකියට ගිහින් ආයේ එනකොට සෙරෙප්පු ජෝඩුව නැති බව දැකලා තියෙන සෙරෙප්පු වලින් ජාති දෙකක දෙකක් අරගෙන ඇවිල්ලා මාස ගානක් දාගෙන ගියපු හැටි මතක් වෙනවා
      :D

      Delete
  2. කැම්පස් යන කාලෙ සෙරෙප්පු ජෝඩුවක් ගත්තම දෙකම එක විදියට තිබුනෙ උපරිම සතියයි. ඊට පස්සෙ එකක් දිගයි. එකක් කොටයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...