Tuesday, March 22, 2011

Wedding කතා අංක 2.


අද මං ඔයාලට කියන්න යන්නෙ එකදාස් නමසිය බර ගණන් වල කතාවක්. පහුගිය දවස් වල බ්ලොග් අවකාශයේ කරක් ගහනකොට මගුල් කතා කීපයක් කියවන්න ලැබුණා. මේ කතාවෙත් පොඩි මගුල් connection එකක් තියෙන නිසා හිතුන ඔන්න ඔහේ මේකත් කියල දාන්න . අනේ මන්ද ඉතින් හිනා යාවිද කියල. 

මුලින්ම කියන්න ඕනේ, අපේ අම්මා තමයි මට මේ කතාව කිව්වේ. අද කාලෙයි ඉස්සර කාලෙයි fashion ගැන කතාවක් පටන් ගත්ත මමයි අම්මයි tv එකේ මොකක්දෝ program එකක් බලන ගමන්. ඒ වෙලාවේ තමයි අම්මා මේ කතාවත් කිව්වේ. එහෙනම් කියවලම බලන්නකෝ...

Monday, March 14, 2011

නින්දෙයි සැප නින්දෙයි වෙනස! Part 2

කලින් පෝස්ට් එකේදී මං පොරොන්දු වුනානෙ නිදාගන්න කප් ගහපු කීප දෙනෙක් ගැන කතා ටිකක් කියනවා කියල. අන්න ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ..ඒ පෝස්ට් එක මතක නැති, කියවපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

මුලින්ම මට වුන දෙයක් කියන්න හිතුවා.
හැමදාම අනුන්ට මඩ ගහන එකත් හොඳ නැහැනෙ නේද? ඒ නිසා මම ඔන්න මටම මඩක් ගහ ගන්නයි හදන්නේ.... 

Saturday, March 12, 2011

නින්දෙයි සැප නින්දෙයි වෙනස!

ඉතින් කොහොමද යාලුවනේ? 
යන්තම් විභාගෙ පළමු අදියර ඉවරයි. ඒ නිසා පොඩි නිවාඩුවක් හම්බුනා බ්ලොග් එක පැත්තේ එන්න. මෙතෙක් දවස් මං දාපු පොස්ට් ටික අමාරුවෙන් හරි කියවපු සේරටම තෑන්ක් යූ වෙන්න ඕනේ...
හරි එහෙනම්, වැඩිය ඕනෙ නැහැ. අපි කෙලින්ම කතාවට බහිමුකො. අද මං ඔයාල එක්ක කතා කරන්න යන්නේ නින්ද ගැන.

නින්ද කියන්නෙ අපේ ජීවිතේට අනිවාර්ය දෙයක්නේ. ඒක තමයි වෛද්‍ය මතය. අපේ වයස අනුව දවසට නිදාගන්න ඕන කරන පැය ගාන සඳහන් වුන table එකක් ස්කොලෙ කාලෙ විභාගෙ ලං වුනාම පාඩම් කරා මතකයි .
ඇත්තටම බැලුවොත් මිනිස්සු වෛද්‍ය උපදෙස් වලින් හරියටම(ඕනෑවටත්  වඩා) පිලිපදින  එකම දේ නිදා ගන්න එක වෙන්න ඇති මං හිතන්නෙ. දවසට දෙපාරක් දත් නොමැද්දත්, වතුර අවශ්‍ය ප්‍රමාණයට නොබිව්වත් නිදා ගන්න එක හරියටම කරනවනෙ. ඕක සක් සුදක් සේ පැහැදිලි වුනේ A/L කරපු කාලෙ සිට අද දවස වෙනකන් tuition class වල සහ lectures වල අපේ  කස්ටිය නිදා ගන්න හැටි දැකල තමයි. බොරු කියන්නෙ මොකටද ඉතින්? මටත් හොඳ තරඟයක් දෙන්න බැරි කමක් නෑ. හී හී....

Saturday, March 5, 2011

Wedding කතා අංක 1.


කලින් post  එකේ අපි practise කරපු හැටි ගැන කිව්ව නිසා අදත් practise අස්සේ වුන වැඩක් ගැන කියන්නයි ලෑස්තිය. මේ දවස් වල වැඩ වැඩි නිසා post එකක් දාන්නත් වෙලාව මදි වගේ. වෙලාවක් හම්බුන ගමන් ආපහු සින්දුවක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකං පොඩි කතා සෙට් එකක් දාන්න හිතුවා. බ්ලොග් එක පටං ගන්නකොටත් සමහරු ඉල්ලුවනේ ආගිය කතා දාන්න කියලා.
මෙන්න මේකයි කතාව.

Related Posts Plugin for WordPress, Blogger...