Thursday, April 28, 2011

Definition for Joker... :D

ඔන්න දවසක් කොහේදෝ මන්දා අපේ යාලුවෙකුගේ ගෙදර මළ ගෙයක් වෙලා කියල ආරංචියක් ආවා.. අපි යාලුවෝ එහාට මෙහාට call කරලා මැසේජ් ගහල පස් හය දෙනෙක් සෙට් වෙලා මළ ගෙදරට ගියා කෝම හරි.ගිහින් චාරිත්‍රානුකූලව දේහයට ගෞරව දක්වල ඉවරවෙලා වත්තේ අයිනක තිබුන ටෙන්ට් එක ඇතුලෙන් වාඩි වුණා කියමුකෝ. දැන් ඉතින් පච හලනවා කට්ටියත් එක්කම.  තිබ්බ පච සේරම හලලා ඉවර වුනාට පස්සේ දැන් කරන්න දේකුත් නැහැනේ. අමාරුවෙන් පැක් එකක් හොයාගෙන සෙල්ලම් කරන්න සෙට් වුණා. මමත් ඔය වැඩේට ගොඩක් කැමතියි තමයි. ඒත් ක්‍රීඩා කරන්න තව අය ඉන්නවනම් එයාලට තැන දීල පැත්තකට වෙන්න තමයි මං කැමති. නවකයන්ට අවස්ථාව දෙන්න එපැයි නේද?   :D

දැන් හතර දෙනෙක් සෙට් වෙලා සෙල්ලම් කරනවා. අපිත් ඉතින් වට වෙලා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න පිරිස අතරේ හිටියා ඇවිදින විශ්වකෝෂයක් බඳු වූ ඩයල් එකක්. ඔයාල දන්නවනේ  ඕමි ගහනකොට ජෝකර් කොලේ ඕන වෙන්නේ නෑනෙ . ඒක තිබුන අපේ කව්රු හරි අතේ .කෝමත් අර සුපුරුදු ජෝක් එක "මචන් මෙන්න උඹේ අයිඩෙන්ටිය" කියල කාට හරි ඕක දෙනවනේ තියාගන්න මුලින්ම.

Wednesday, April 20, 2011

සිව් රඟ(DICF 2011 Theme Song)

අද 20 වෙනිදා.
මං පහුගිය දවස් වල හැමෝම එක්ක කිය කියා හිටියෙ 20 වෙනිදට කලින් සුබ ආරංචියක් අරන් එනවා කියල.
මේ ලෑස්ති වෙන්නෙ ඒ පොරොන්දු වුන විදියට සුබ ආරංචිය ඔයාල එක්ක බෙදා ගන්න.
පහුගිය දවස් වල මං පොඩි වැඩකට අත ගහල තිබුනේ. අපේ ස්කොලේ පළමු වරට පවත්වන අන්තර්ජාතික චෙස්  තරඟාවලිය වෙනුවෙන් theme song එකක් හදන්න කියල මට ආරාධනාවක් ලැබුන 
මීට මාසෙකට විතර උඩදි.

Thursday, April 14, 2011

සුබ අලුත් අවුරුද්දක්!

උදාවෙන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල AUDiOnline කියවන බලන සියලුම දෙනාටම මං සුබ පතනවා!
මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සියලුම යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අද දවස වගේ මුළු අවුරුද්දම හිනා වෙලා ඉන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි!

ආහ්! මේ අවුරුද්දේ ඔයාලට කියන්න සුබම සුබ ආරංචියකුත් තියෙනවා. වැඩක් පටන්ගෙන සාර්ථක වේගෙන එන බව දැනෙනකොට හිතට එන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?
තව සතියක් ඇතුලත ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
එහෙනම් දැනට මං නවතිනවා. නෑදෑ හිත මිතුරන් එක්ක කාලය ගත කරලා අලුත් අවුරුද්දේ සතුට අත්විඳින්න!


Monday, April 11, 2011

Local X Files......

ආයුබෝවන් ළමායි.....
X files බලල තියෙන අය අත උස්සන්න බලන්න......



මං හිතන්නේ මං සුපුරුදු පරිදි ගොන් ප්‍රශ්නයක් ඇහුවේ. 
"generation y" එකට අයිති අපි වගේ අය අතරේ ඕක නොබලපු කෙනෙක් නැතිව ඇති නේද?
දැන් ඉතින් මේ "generation y" කියන එක අහල උඩ බිම බලන්න ඕනේ නැහැ.
"generation y" කියන්නේ 1980 ගණන් වලින් පස්සේ ඉපදුන අය කියල මමත් දැනගත්තේ ලඟදි virtusa එකේ introductory session එකකට සහභාගී වුන වෙලාවේ.
මේ දවස් වල careers day, job interviews එහෙම තියෙන නිසා ලොකු ලොකු කොම්පැනි එක්ක තමයි ගනු දෙනු.
අවරුදු ගානකට හරි යන්න කඩ්ඩෙන් කතා කරා පහු ගිය දවස් ටිකට.

Friday, April 1, 2011

තෝසේ බුදින්නන්ගේ නිල ගීතය!


වර්ෂය :2009 
ස්ථානය : World Trade Centre, East Tower 36th floor.
අවස්ථාව : CS & ES AGM.


හැම අවුරුද්දකම වගේ CSE Dpertment එකේ ශිෂ්‍යයෝ ඉදිරිපත් කරන නාට්‍යය වේදිකාව මත රඟ දැක්වෙනවා. සුපුන් දසනායක නොහොත් සුප්පා තමයි drama එකේ නිර්මාතෘ.
නාට්‍ය ජවනිකාව : අනාගතයෙන් වර්තමානයට පැමිණි බුවෙක් තමන්ගෙ music player එක ක්‍රියාත්මක කරලා ඒකෙ play වෙන සින්දුවකට අනුව නැටුමක් ඉදිරිපත් කරනවා.
ගීතයේ තනුව සහ වචන සුපුන්ගෙන්. ගිටාර් වාදනය අපේ ජීවන්ත සහෝදරයාගෙන්. ගායනය.......
වෙන කව්ද ඉතින්, මම තමයි. හික් හික්!
මෙන්න මේ විදියේ ගීතයක් තමයි ඇහුනේ.

Related Posts Plugin for WordPress, Blogger...