Saturday, February 26, 2011

practise practise මෙහෙමත් practise!!!

sports කරන අයට season එකක් තියෙනවා වගේ අපිටත්  ඉස්සර season එකක් තිබුණා ස්කෝලෙ යන දවස් වල. සමස්ත ලංකා පාසල් සංගීත හා මුද්‍රා නාට්‍ය තරඟාවලිය තියන කාලේ තමයි ඒ season එක. ඒ කාලෙට අපේ ජීවිතෙන් බාගයක් විතර ඉතින් සංගීතෙම තමයි.
මුලින්ම පටන් ගන්නේ කලාප තරඟ වලින්.ඒක නම් අපට ගේමක් නැහැ.කොහොමත් අපි ඉදිරිපත් වෙන item වලට කලාපෙ එක ස්කෝලයක් වත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ. :D
අනිත් කට්ටිය අත තියන්නේවත් නැති ඒවාට තමයි අපි අත ගැහුවේ. රාගධාරී සමූහ ගායන වාදන, ජන ගී ආශ්‍රිත නිර්මාණ සමූහ වාදන වගේ ඒවා. ඒ item එකක් කරන්න එක වගේ talent එක තියෙන 15 වගේ කණ්ඩායමක් ඕනේ අඩුම. මට මතකයි එක පාරක් අපි 30  ක්  ඉන්න කණ්ඩායමක් අරන් ගියා තරඟෙකට. එතැනින්ම පේනවා නේද අපේ තිබුණ ශක්තිය?

Monday, February 21, 2011

විදුසැරිය




අදත් මං මගේ මතකයෙන් බිඳක් ඔයාලා ඉදිරියේ දිග හරින්නයි සූදානම. මේ 2006 අවුරුද්දේ කරපු සින්දුවක්. අපේ junior batch එකේ science day එක වෙලේ තමයි මේ සින්දුව කරේ. science society එකේ මල්ලිලා ඇවිත් මගෙන් ඇහුව සින්දුවක් කරමුද කියල. ඉතින් මමත්  කැමති  වුණා වැඩේට. මං ඒ දවස් වල උසස් පෙළ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙනේ.


කොහොම වුනත් මං තනියම මේ වැඩේ කරන එක හොඳ නැහැනේ. මල්ලිලාගේ fuction එකක අයියල වැඩ දාන්න යන්න ඕනේ නැහැනේ නේද?
මං හිතුව මල්ලිලාගේ support එක උපරිමේටම ගන්නවා කියල වැඩේට.


Tuesday, February 15, 2011

අඩදාය(Science Day 2005)


ලඟදි මගේ පරණ CD එකතුව අවුස්සනකොට අපේ විද්‍යා දින සමරුව හම්බ වුනේ අහම්බෙන් වගේ. ඒක දැක්කම හිතට එන හැඟීම නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අද මට හිතුනා ඒ මතකයෙන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. 2005 අවුරුද්දේ විද්‍යා ශිෂ්‍ය සංගමය බාර ගන්න යෙදිල තිබුනේ අපේ batch එකට. අපේ අය අතරේ තිබුන පොදු එකඟතාව මත චන්දයකින් තොරව හැම තනතුරකටම නිලධාරීන් පත් කරගන්න අපිට හැකියාව ලැබුනා. අපිට සංගමයක් විදියට කරන්න වැඩ ගොඩක් තිබුනා. ඒ අතරින් එකක් වුනේ සාමාන්‍ය පෙළ පන්ති සඳහා විද්‍යා දැනුම මිනුම තරඟයක් පවත්වන්න. ගොඩක් මහන්සි වෙලා සාර්ථක විදියට ඒ වැඩේ අවසන් කලා.

Tuesday, February 8, 2011

Indifference 2009


[indiff.jpg]
මේක ගොඩක් අයට repost වගේ වෙන්න පුළුවන්. කලින් මේක Facebook එකේ අහල තියෙන නිසා. එත් මේ බ්ලොග් එක පටන් ගන්න මුල පිරුනෙත් මේ song 1 නිසානේ. හිතුව බ්ලොග් එකෙත් post එකක් දාන්න. සින්දුවේ ඉතිහාසය ගැනත් පොඩි දෙයක් හරි කියලා ඉන්න එකත් හොඳයිනේ... :)
අවුරුද්ද 2009 වෙන්න ඕනේ . අපේ batch එකේ උන් End Semester ගොඩ දාලා(result නම් අහන්න එපෝ....)  CSE Day එක(Indifference) කරන්න ලෑස්ති වෙනවා. ඉෂාර(අපේ REP) ඇවිත් මට කිව්වා පොඩි වැඩක් කරලා ඕනේ කියල. DAY එකට සින්දු ටිකක් කියන්න. වැඩේ ටිකක් බරපතලයි.

Monday, February 7, 2011

Testing.. Testing.. Testing one two three.. Checked!

පුංචි කාලේ කියන්නේ හරිම සුන්දර කාලයක්. ඒ කාලෙට නොයෙකුත් අදහස් එනවා ඔලුවට. මට මතකයි ලොකු වුනාම මං කව්රු වෙන්නද ආස කියල ඇහුවම මුලින්ම දීපු උත්තරේ Engine driver කෙනෙක් වෙනවා කියන එක.බරක් පතලක් නොතේරෙන පුංචි හිත් වලට එන අදහස් වලට සීමාවක් නෑ . කාලයක් යද්දි ඒ දේවල් අපිටම අමතක වෙලා යනවා. ඒත් සමහර අදහස් අමතක වෙන්නෙම නැති තරම් .ටික ටික වැඩි දියුණු වෙලා මේ හීන අන්තිමට පිස්සුවක් වෙලා තමයි  නතර වෙන්නෙ. මටත් තිබ්බා ඒ විදියේ පිස්සුවක්. ඒක තමයි සංගීත පිස්සුව. ප්‍රසිද්ද ගායකයෙක් වෙන හැටි, යාලුවෝ එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් කරන හැටි , තමයි ඔලුවෙ වැඩ කරේ.

Related Posts Plugin for WordPress, Blogger...