වෙලාව හයයි , තාම ඔෆිස් එකේ.
හයයි හයට කෝච්චිය. දැන් ඉතින් කෝච්චිය අල්ලන්න නම් කකුල් දෙකට පින් දීගෙන දුවන්න වෙනවා ස්ටේෂන් එකටම.
පාරට දුවගෙන ඇවිත් බලනකොට කවින්ද ත්‍රි වීල් එකකට නගිනවා. මමත් ගිහින් ඒකෙම එල්ලුනා. ස්ටේෂමට ගිහින් බලද්දි කෝච්චිය පරක්කුයි. කෝච්චිය ආවා කියමුකෝ. ඒකත් සෙනග පිරිලා ඉන්න තැනක්වත් නෑ. පානදුර හරියට වෙනකන් තෙරපි තෙරපි ඇවිත් සෙනග ටිකක් අඩු වෙනකොට ඇතුලට ආවත් සීට් එකක් හම්බෙන පාටක් තිබුනේ නෑ."බදාදා පෝය නිවාඩුව හින්ද වෙන්න ඇති මෙච්චර සෙනග". එහෙම හිතපු මම හිටගෙන ඇවිත්, ඉන්න බැරිම තැන ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා ආවා කළුතර ඉඳන් අලුත්ගමට. අලුත්ගමදී ඇතුලට ඇවිත් බලනකොට මෙන්න තියෙනවා හිස් සීට් එකක්. නිවන් ගියා වගේ දැනුන සතුටත් එක්ක මම ඒකෙ වාඩි වුනා විතරයි අපේ පෙට්ටියට ගොඩ වුනා අම්ම , තාත්තා දෙන්නෙකුයි පොඩි දුවකුයි. එයාලට වාඩි වෙන්න සීට් තිබුනේ නෑ. මම නැගිටලා එයාලට සීට් එක දීලා ආයෙත් හිටගෙන යන්න පටන් ගත්ත. තාත්ත දුවත් එක්ක සීට් එකේ වාඩි වුනා. අම්ම හිටගෙන. තව ටිකක් වෙලා යද්දී එහා සීට් එකේ හිටපු කොල්ලත් නැගිටලා යන්න ගියා. අම්මා ඒ සීට් එකේ වාඩි වුනා. සීට් එකක් නැතුව ඉද්දි , සීට් එක දීපු මම දිගටම හිටගෙන ඇවිත් අම්බලන්ගොඩින් බැහැල ගියා.
හැමෝම කියන්නේ කෝච්චියේ හැමදාම ඔෆිස් යන උන්ට මනුස්ස කමක් නැහැ කියලා..
හ්ම්....


