
වේටර්ගෙන් ඉල්ලුව බිත්තර රොටි ඩබලක්
කෑලි කෑලි වලට කපල මිරිස් හොද්දකුත් දාලා
පරිප්පු හොද්දත් ඇඩ් වෙලා මේසෙට ආවයි
කෑම පටන් ගත් පසු වේටර් ඇවිදින් ලගට
මොනවද සර් තව ඕනේ කියා අසනවා
හොදි ඕනෙද තේ බොනවද දහසකුත් එකක් අහද්දි
වදෙන් බේරෙන්න කොල්ලා මෙහෙම කියනවා
බිත්තර රොටි කියලා නම ගහල තිබ්බට
පින්සලෙන්ද ගෑවෙ අයිසෙ මේකේ බිත්තර
වෙන මුකුත් එපා පින් සිදු වෙයි වද නොකර
බිත්තරයක් ගෙනත් දෙන්න රොටිය කන්නට
එල! දැං තියන බිත්තර රොටීවල බිත්තර නෑ. අනිත්එක බිත්තරයක් 18ට විතර තියන කාලෙ බිත්තර රොටීය 35-40ට විතර තිබුනෙ. දැන් බැත්තරයක් 10-12යි. ඒත් බිත්තර රොටිය ඒ ගනන්මයි.
ReplyDeleteඒක නම් ඇත්ත, සමහර තැන් වල කපලා හොදි දැම්මම තව විස්සක් විතර අද වෙනවා price එකට.
Deleteහොදි හදන්නේ මොනවගෙන්ද මන්දා
ඔය කපටි කමකට නෙවෙයි බිත්තර කාල කොලෙස්ටරෝල් හදා ගනීවි කියල පාරිභෝගිකයො ගැන අනුකම්පා හිතල වෙන්න ඕන මම හිතන්නෙ.
ReplyDeleteඔව් ඉතින් දවසට බිත්තර රොටි දෙක ගානේ කනකොට ඇඟට හොඳ නෑනේ නේද?
Deletehe he heeeeeeeeeeee.....biththara roty...........:D
ReplyDeleteදැන් තත්වෙ හිතාගතහැකිනෙ තාමත් බිත්තර රොටිය 40යි ගොඩක් තැන් වල. බිත්තරෙන් කොස්ට් කටින්
ReplyDelete