
සියලුම දෙනා බෙහෙවින් ආදරය කරන ඇස් ඇල් ටි තෑගි වරං ඇඩ් එකේ පෙන්වන ජාතියේ වයිෆයි රව්ටරයක් වූ මෙය ගෙදරට ගෙනවිත් මාස හතරක් පමණ ගතවී තිබුනත් මෙතෙක් කල් මම පාවිච්චි නොකරෙමි.
ඊයේ ප්‍රථම වතාවට පාවිච්චි කරන අතර තුර ස්පීඩ් එක චෙක් කරේ නිකමට වගේය. එක වතාවක ස්පීඩ් එක 0.11Mbps කි. තවත් වතාවක 0.4Mbps කි. තවත් විටක නෙට් යාමටද බැරිය
මේවා දකින මට තනි ඇහැට ඇඬුණි.
කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය
ටීවී එකේ නම් කියන්නේ වහින වෙලාවටත් WWW දෙන්නේ මොවුන් පමණක් බවය. වහින දවස් වලට වඩා වහින්නේ නැති දවස් ගණන වැඩි බව ඒ වෙලේ මට මතක් වුනි. ඉතින් කලාතුරකින් එන දවසක ලැබේ යයි කියන වැඩි වාසියක් ගැන හිතේ තියාගෙන දවස් ගානක් ජාලයේ බඩ ගෑ යුතුය. අනිත් දවස් වලට හොඳින් ජාලයේ සැරි සරා වහින වෙලාවට ලැප් එක ඔෆ් කර නිදා ගන්න එක මීට වඩා සැපය. අනෙත් අතට වැස්ස වෙලාවට මා පාවිච්චි කරන 3G රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්පීඩ් එක අඩු වීමක්ද මෙතෙක් අත් දැක නොමැත.
දිනක් නින්දට යද්දී ෆෝන් කේබලය ගලවන්නට අමතක වූ එදින මධ්‍යම රාත්‍රියේ අතර අකුණක් ගසා රවුටරය අවසන් ගමන් ගියේය. නැවතත් එවන් තත්වයක් ඇති වුවහොත් රවුටරයක් ඇස් ඇල් ටි එකෙන්ම මිලදී ගත හැක.
he heeee heee...thani ahata adenawa.... :P :P
ReplyDeleteඊයෙ SLT මොනවද update එකක් කරපු නිසාළු connection එක නැතිවුනේ. දැන් මම මේ comment එක ලියන වෙලාවෙ SLT ADSL බින්දුවක් නැහැ. ඩොන්ගනල් එක තියෙන නිසා බේරුනා.
ReplyDeleteමං මේ කියන දවස ඔයා කියන දවසට කලින් දවස මල්ලි
Delete:)
ඩෝංගලේකට මාරු වෙන්න හිත දෙන්නැත්තෙ fup මගුල හින්දා , දවස් දහයෙන් 10 gb ඉවර උනාම ඉතුරු ටික දත්මිටි තමා කන්ට වෙන්නෙ
ReplyDeleteඅම්මෝ මොනවද බං එච්චර බාන්නේ?
Deleteපෝස්ට් එක නියමයි
ReplyDeleteතැන්කූ!
Deleteඅවුරුද්දට දුන්න තෑගි වරම එකපාරට දැම්මට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. රවුටරේ ඔන් කරල පැයක් තිබ්බත් නෙට් නෑ. විසඳුම හොයගත්තෙ පස්සෙ. 1212 ට කෝල් කරල පාරිභෝගික නිලධාරියෙක් සම්බන්දවෙනකන් මියුසික් එක අහන් ඉන්නකොට ඔන්න කනෙක්ට් වෙනවා
ReplyDelete