ගීත ඇසුමට සිතත් රිසි වී
ගියෙමි රඟහල වෙතට සතුටෙන්
හිඳ ගතිමි අසුනකට බරවී
එකින් එක ගී ගැයෙද්දී
ඉන්න බෑ සංගීතය ඇසි
ගී අසන්නට ආ බවත්
ඒ වෙලේ අමතක වී යති
මගේ හඬ අවදි කෙරුවෙමි
ගයමි දැහැනට සම වැදී
අවට සිටිවුන් මා දෙස බලා
ඔරවන හැටිත් මා දුටුවෙමි
කිසි කෙනෙකු
නොඅසන මගේ ගී
ඔබ රස විඳින බව මම දනී
කව්රු රැව්වත් ඔබ සිනාසී
ඔබ රස විඳින බව මම දනී
කව්රු රැව්වත් ඔබ සිනාසී
මගේ ගී අසමින් හිඳී
පසු පෙලින් ඇවිදන් ගොසින්
වේදිකාවට ගොඩ වැඩි
දෙනෝදාහක් සෙනග අබිමුව
ගයන සිහිනය දකිනෙමි
මගේ සිහිනය සැබෑ වන
දිනේදී ඔබ එනවද
අද වගේ පසු පෙළක හිඳ නොව
ඉදිරි පෙළ හිඳ අසන්නට
ඉස්සරහම ඉඳලා මූනට කෙල වීසි උනොත් ? මම ඕනෙ නම් එන්නම් වයලින් එක ගහන්න... හික්!!!!
ReplyDeleteඅර කිව්වත් වගේ ඉස්සරහටම එනඩ බෑ.
ReplyDeleteබෙල්ල කඩාගෙන බලන්න එපැයි. ඒ නිසා පසු පෙලට එන්නම් !
එනවා එනවා අයියා..අනිවා එනවා ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසල්ලි ගෙවා උන් එන්නේ වේදිකාවේ ඉන්න කෙනාගේ ගී අහන්න නොවැ. ඉතින් අනාරාධිත අත්වැල් ගායනයක් කරන්න ගියාම ඔරවන එක පුදුමයක් නොවේ. ඊළඟ පාර ප්රේක්ෂකාගාරයේ වෙනුවට වේදිකාවේ සිට ගී කියන්න. කවුරුත් ඔරවන එකක් නෑ.
ReplyDelete:)
ReplyDeleteසත්තකින්ම...
Deleteමේ උත්තරෙ දීල තියෙන්නෙ හිනාවෙන්.
Delete"අමාරුයි තමයි. කොහොම හරි අහන් ඉන්නම්"
ඒ කාලේ ඕන තරම් වේදිකාවේ ගී ගැයුව නැත්ද අසංක අයිය. දැන් අනිත් පැත්ත. පට්ට.
ReplyDelete