Tuesday, February 15, 2011

අඩදාය(Science Day 2005)


ලඟදි මගේ පරණ CD එකතුව අවුස්සනකොට අපේ විද්‍යා දින සමරුව හම්බ වුනේ අහම්බෙන් වගේ. ඒක දැක්කම හිතට එන හැඟීම නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අද මට හිතුනා ඒ මතකයෙන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. 2005 අවුරුද්දේ විද්‍යා ශිෂ්‍ය සංගමය බාර ගන්න යෙදිල තිබුනේ අපේ batch එකට. අපේ අය අතරේ තිබුන පොදු එකඟතාව මත චන්දයකින් තොරව හැම තනතුරකටම නිලධාරීන් පත් කරගන්න අපිට හැකියාව ලැබුනා. අපිට සංගමයක් විදියට කරන්න වැඩ ගොඩක් තිබුනා. ඒ අතරින් එකක් වුනේ සාමාන්‍ය පෙළ පන්ති සඳහා විද්‍යා දැනුම මිනුම තරඟයක් පවත්වන්න. ගොඩක් මහන්සි වෙලා සාර්ථක විදියට ඒ වැඩේ අවසන් කලා.


ඊට පස්සේ අපට තිබුන ලොකුම වැඩේ විද්‍යා දිනය. ගිය අවුරුද්දේ අයියලා අක්කලාගේ උත්සවේ දැකල තියෙන නිසා අපි හිතාගත්තා ඊට වඩා ඉස්සරහින් තියන්න පුළුවන් විදියට අපේ වැඩේ කරනවා කියල.
ගිය අවුරුද්දේ souvenir එක පොතක් වෙනුවට VCD එකක් විදියට දුන්න නිසා අපිත් කැමති වුනේ නැහැ second වෙන්න.දැන් ඉතින් මේකට දාන්න දේවලුත් එපැයි. අපි තීරණය කරා animation එකක් හදන්න. තව theme song එකක්. ස්කොලේ ගැන තොරතුරු...
ඔය වගේ ගොඩක් දේවල්....

Theme song 1 හදන වැඩේ බාර වුනේ මට. මට ඕනෙ වෙලා තිබුනෙ ධම්සෝ මාතාවගේ සිසුවෙක් වීමේ ආඩම්බරයයි විද්‍යාව හදාරන එකයි දෙකම කියවෙන විදියට ගීතයේ පද මාලාව ගොඩ නගන්න ඒකට . කලණ සහෝදරයත් උදව් වුනා. මං හිතන විදියට අපේ උත්සාහය සාර්ථකයි.
මමයි කලණ සහෝදරයයි එකතු වෙලා හදාගත්තු පද මාලාව තමයි මේ තියෙන්නේ.

විදු නැණ ලබා විනයත් වඩා
සත්‍යය දකිම් ලොව පවතිනා
ගුරු පියවරුන් මෑණියන් උණුහුමේ
ඔවදන් ලබම් නැණ වඩම් පාසලේ

අභිමානයයි අපේ අපි අද දිනේ ගයන්නේ
අප දු පුතුන් ධම්සෝ මෑණියන්ගේ
අප දේශේ අනාගතේ අප වේ 

ඇස අභිබවා ලොව දකිමිනා නැණ සාගරේ අප කිමිදෙනා
විමසුම් සිතින් කුතුහලෙන් ලොව දෙස බලා
අලුතින් දෙයක් සොයා ගන්නට වෙහෙසුනා

වියලි කතරකි ලොව අද දිනේ
කෙම් බිම වෙමු අප ඒ කතරට හෙට දිනේ
බාධක මැදින් පෙරටම යමින් වීර්යයෙන්
අප වෙත එනා අභියෝගයන් ජය ගමු අපි 




නමුත් අපිට ලොකු ප්‍රශ්නයක් තිබුනා. දැන් කොහොමද මේක record කරන්නේ කියන එක. සින්දුව හදන්න ගොඩක් සල්ලි වියදම් කරන්නත් බැහැනේ. ඒ නිසා studio එකක වැඩේ කරන අදහස අත ඇරලා තිබුනේ. ඒ මොකද කිව්වොත් function එකේ total budget වගේ ගානක් සින්දුව හදන්නම යන නිසා එහෙම වුනොත්.අපි ඉතින් low cost plan එකක් ගැහුවා වැඩේ කරන්න. අපේ පහල batch එකේ සජිත් මල්ලි sound mixing,editing ගැන ටික ටික දන්නවා ඒ වෙනකොට. ඉතින් එයාවත් හවුල් කරගත්ත වැඩේට. එයා තමයි මේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය, ශබ්ද පරිපාලනය ආදී සේරම කටයුතු බලාගත්තේ. ගයාන් සහ නිලුපුල් වාදනයෙන් සහය වුනා.


අපි recording කරේ බොහොම අඩු පහසුකම් මධ්‍යයේ. නිසංස ලාගේ ගෙදර කාමරයක් තමයි අපේ ශබ්ධාගාරය වුනේ. on board sound card එකක් තියෙන machine එකක තමා වැඩ කරේ. සින්දුවෙ sound quality එක අඩුයි කියලා ඔයාලට හිතෙන්න පුළුවනි. මං කලින් සඳහන් කරපු හේතු ඒකට බොහෝ දුරට බලපෑවා.


ඔයාලට මෙතනින් අහල බලන්න පුළුවන් සින්දුව කොහොමද කියලා.

සින්දුව හදල ඉවර වුනාට පස්සේ දැන් මේකට රුප රචනය කරන්නත් එපැයි. මොකද මේක දාන්න ඉන්නේ VCD එකකනේ. තිබුන කාල සීමාවෙ හැටියට පොඩි video එකකුත් හදා ගත්ත.
ඩිලාන් කේෂාන් ඩිරංග කියන අය තමයි ඒකට මහන්සි වුනේ. 
මේ වගේ වැඩ කරලා අපි ලබපු අත්දැකීම් වලින් තමයි අද යමක් කරගන්න පුළුවන් තත්වෙට අපි ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා පොඩි වැඩක් වුනත් මේ දේවල් ආඩම්බරෙන් මතක් කරන්න පුළුවන්. මේ හැමදේටම අවස්ථාව ලබා දුන්නු මගේ ධම්සෝ මෑණියන්ට මං සදා ණයගැතියි.



8 comments:

  1. maxa....වැඩක් අයියා, තිබුන පහසුකම්වල හැටියට(අනික චූලවංශ සර්ගේ job 1ත් ගහල යන්න නොදී :p ) මේක උපරිමයි......
    බලන් ගියාම කොල්ලා ඒ දවස්වල හැන්ඩියානොවැ..........:p

    ReplyDelete
  2. @Dennis:ඇයි දැන් හැන්ඩියා නෙමෙයිද? :P

    ReplyDelete
  3. අනේ මන්දා??
    video එකේ ටිකක් සුදට ඉන්නව, ඉර එලියටද මන්දා?? :p

    ReplyDelete
  4. ලස්සන මතකයක් නේද???? ඩිලාන් තමයි කිවුවෙ මේ Blog එක ගැන... Video කරපු හැටිනම් තාම මතකයි... පොඩ්ම පොඩ් Microtek Camera වෙන් පාලම් බෝක්කු හොය හොය ගියේ... ඈයි පාරෙ වාහන යන්නෙ නැති වෙලාවක් එනකන් පාලම උඩට වෙලා බලන් හිටපු හැටි... ගගේ යන්න ඔරු හොයපු හැටි....
    අන්තිමට Record කරල ඉවර වෙලා ඒක Edit කරල දෙනකන් Dilan ගෙන් වදේ.... එයා ගෙන් අහන්න බලන්න එයාට මතකද කියල ඒක අරන් යන්න අපේ ගෙදර එනකොට වෙලාව කීයද කියල...
    ඈත්තටම ලස්සන මතකයක්....

    ReplyDelete
  5. @Keshan: ඔව් මචං, ඒක හරිම මිහිරි මතකයක්!!!
    අපිට ඒ කාලෙ තිබුන පහසුකම් වල හැටියට මේ video එක උපරිමයි. මොන දේ නැතත් අපිට උනන්දුව තිබ්බ පිරිලා ඉතිරිලා යන්න. තව වැඩ ගොඩක් අස්සේ කොහොම හරි අපි මේ වැඩෙත් කරගත්තනෙ.
    ඩිලාන් සෑහෙන්න උනන්දු වුණා මේ වැඩේට. ඌ තමයි අපිවත් උනන්දු කරලා ගත්තේ video එක කරන්න. අපේ සභාපති හැටියට ඩිලාන් නියමෙටම ජොබ් එක කරා.
    අපි හතර දෙනා එක්ක වැඩේ ගොඩ දැම්ම හැටි මතක් වෙනවා.
    ආහ්! උඹට මතකද ඒ දවස් වල මගේ කකුලකුත් short වෙලා හිටියේ bike එකෙන් වැටිලා. නොන්ඩි ගගහා රේල් පාරේ ඇවිද්ද හැටි.
    ඩිරංග තමයි මාවත් bike එකේ තියාගෙන හතර වටේ එක්කන් ගියේ වැඩේට. හික්ස් !
    උඹ තමයි camera angles එහෙම හොයා ගෙන video කරල වැඩේ ගොඩ දැම්මේ.
    අපිට මේ දේවල් හැමදාම මතක තියේවි.

    ReplyDelete
  6. matath mathakai! math hitiyaaaaaaa!

    ReplyDelete
  7. woooooow lasssani aiyyye

    ReplyDelete
  8. අපේ අවුරුද්දෙ සයන්ස් ඩේ එකේදි රෝම කෙලින් වෙන ගතියක් කීප සැරයක්ම දැනුන මතකයි. ඒක පොඩි කොල්ලො සෙට් එකකගෙ වැඩක් කියල කියන්න බැරි තරමට ඉහලින් තිබුන. දැන් උඹ මියුසික් පැත්තට වැඩිය නැති එක ගැන ඇත්තටම දුකයි. මන් හිතන්නෙ අර නදීර ගුරුගේගෙ ක්ලාස් එකෙන් පස්සෙ තමයි ඕක උනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...