Monday, February 21, 2011

විදුසැරිය




අදත් මං මගේ මතකයෙන් බිඳක් ඔයාලා ඉදිරියේ දිග හරින්නයි සූදානම. මේ 2006 අවුරුද්දේ කරපු සින්දුවක්. අපේ junior batch එකේ science day එක වෙලේ තමයි මේ සින්දුව කරේ. science society එකේ මල්ලිලා ඇවිත් මගෙන් ඇහුව සින්දුවක් කරමුද කියල. ඉතින් මමත්  කැමති  වුණා වැඩේට. මං ඒ දවස් වල උසස් පෙළ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙනේ.


කොහොම වුනත් මං තනියම මේ වැඩේ කරන එක හොඳ නැහැනේ. මල්ලිලාගේ fuction එකක අයියල වැඩ දාන්න යන්න ඕනේ නැහැනේ නේද?
මං හිතුව මල්ලිලාගේ support එක උපරිමේටම ගන්නවා කියල වැඩේට.




මේ සින්දුවේ පද රචනය ලහිරු යසස් මල්ලිගෙන්.
පද මාලාව මේ විදියට තමයි මට ලැබුනේ.


ජීවිත හිමේ පා පොඩි නගා නුඹ ඇකයේ විඳි උණුහුම
මතකයෙ දවටා ඉගිලෙන්නද කෙලෙසින්

හීන මල්ල තුරුළු කරන් අකාලය පාව ගොසින්
දෙනෙත් අගට කඳුළු උණා කියයි හිනැහිලා

නුඹ කියූ ලෙසම අරුත් පිරුණු
ඉම් කොන් නැති ජවය සොයා
විදුසැරියේ නික්මෙන්නට අවසරයි 

මම melody එක දැම්ම. රචික අයිය තමයි music direct කරේ. මේ දවස් වල රචික අයියගේ  studio එක පටන් අරන් තිබ්බේ නැහැ. පහුගිය අවුරුද්ද (අඩදාය)  වගේම අඩු පහසුකම් යටතේ තමයි මේ වැඩෙත්  ඉවර කරේ.
ගීතය ගයනා කරන්න මාත් එක්ක සෙට් වුනා හිරාන් ගුණවර්ධන මල්ලි. අපේ ස්කොලේ ochestra එකේ percussion specialist . 
මේ රූප පෙළ හරිගස්සලා දුන්නෙ චරිත් ලක්ෂාන් මල්ලි.

ඔයාලත් එහෙනම් අහලම බලන්නකෝ......
Head Set එකක් වගේ පාවිච්චි කරානම් වැඩිය හොඳ වෙයි  අහද්දි. 



3 comments:

  1. wow bro, I was looking for this song! thanx great work!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මල්ලි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...