sports කරන අයට season එකක් තියෙනවා වගේ අපිටත් ඉස්සර season එකක් තිබුණා ස්කෝලෙ යන දවස් වල. සමස්ත ලංකා පාසල් සංගීත හා මුද්‍රා නාට්‍ය තරඟාවලිය තියන කාලේ තමයි ඒ season එක. ඒ කාලෙට අපේ ජීවිතෙන් බාගයක් විතර ඉතින් සංගීතෙම තමයි.
මුලින්ම පටන් ගන්නේ කලාප තරඟ වලින්.ඒක නම් අපට ගේමක් නැහැ.කොහොමත් අපි ඉදිරිපත් වෙන item වලට කලාපෙ එක ස්කෝලයක් වත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ. :D
අනිත් කට්ටිය අත තියන්නේවත් නැති ඒවාට තමයි අපි අත ගැහුවේ. රාගධාරී සමූහ ගායන වාදන, ජන ගී ආශ්‍රිත නිර්මාණ සමූහ වාදන වගේ ඒවා. ඒ item එකක් කරන්න එක වගේ talent එක තියෙන 15 වගේ කණ්ඩායමක් ඕනේ අඩුම. මට මතකයි එක පාරක් අපි 30 ක් ඉන්න කණ්ඩායමක් අරන් ගියා තරඟෙකට. එතැනින්ම පේනවා නේද අපේ තිබුණ ශක්තිය?
ඒත් පළාත් යනකොට තත්වේ එන්න එන්න උණුසුම් වෙනවා. තව ස්කොල වලින් එනවා තරඟෙට. පළාත් වලින් එක ගත්තොත් සමස්ත ලංකා.ඒකට ගියත් හිත පිරෙනවා. Place එකකුත් ආවොත් ඉතින් fun එක double treble....
මේ කාලෙට අපි ඉතින් දිවා රෑ නොබලා practise කරනවා. ඈනුමක් ගියත් "සා...." කියල යන size එකට සංගීතෙ ප්‍රගුණ කරලා ඉන්නේ.
ඔය practise කරන අතරේ අපි හිටියේ ගොඩක් විනෝදෙන්. හැමදාම රෑට ගෙදර යන්න කලින් අපි අරලිය එකට යනවා මොනවා හරි කාලා යන්න. බඩගින්නටම නෙමෙයි. ආතල් එකට.... නැත්නම් හිතට හරි නෑ වගේ. සමහර දාට ලොක්කෝ වගේ ගියාට මොකද සල්ලිත් නෑ අතේ . එහෙම දවසක තමයි කොත්තුවක් 6 දෙනෙක් එක්ක බෙදාගෙන කෑවේ. තවත් දවසක් කෑවට පස්සේ තමයි කට්ටියට තේරුනේ බිල ගෙවන්න සල්ලි මදි කියල. ඒ නිසා කව්රු හරි එක්කෙනෙක් එයාගෙ තාත්තට call කරලා මෙහෙම කිව්වා. "තාත්තේ,අපි අරලිය එකේ, සල්ලි අරගෙන එන්න පුලුවන්ද බිලක් ගෙවන්න??"
කව්රු නමුත් ඒ ආපු uncle ට ගොඩක් පින්. නැත්නම් අරලිය එකේ පිඟන් හෝදපු අයගේ ලිස්ට් එකේ අපේ නමත් වැටෙනවා.
අපි practise අතරේ විවේකයක් ලැබුනම සින්දු කියනවා. එතකොට ඉතින් ශාස්ත්‍රීය උඩරට පහතරට බේද නොමැත.
දවසක් "අහංකාර නගරේ" කියන්න ගිහින් අපේ සර් ගෙන් බැනුම් අහන්නත් වුණා.
ඔය අතරේ මොකක්දෝ වැඩකට සර් ගේ මූනටම " සර් මාර පොරක්නේ" කියල කියපු කෙනෙකුත් හිටිය.
ඔය අස්සට වාර විභාග වගේ සෙට් වුනාම තවත් නියමයි.උදේ විභාගේ ලියනවා.
ගෙදර ඇවිත් දවල්ට කාලා ගිටාර් එකත් උස්සන් යනවා ස්කෝලෙට practise කරන්න.
ඔහොම වෙලාවට බැනුම් අහන්නත් වුණා. එත් ඉතින් අම්මල එහෙම බනින්නේ ආදරේටනේ. විභාගේ ලකුණු දුන්නම shape. එක්කො මං පන්තියේ පළවෙනියා නැත්නම් දෙවනියනේ.
අපි ගොඩක් ගියපු තරඟ ශාස්ත්‍රීය අංශේ ඒවා. ඇත්තමයි ශාස්ත්‍රීය සංගීතය මොකක්ද කියල හරි දැන ගත්තේ ඕවට ගිහින් තමයි. ගිටාර් ගහ ගහ හිටිය මිසක් විශාරද විභාගේ කරන්න තියා හිතුවේ වත් නැහැනේ. එක පාරක් අපි එක එක වැඩ කෑලි දාල අපේ item එක full classical වෙන්න හදාගෙන තරඟෙට ගිය. එත් අපි second place . first එක ගැහුවේ western පැත්තට බර වෙන්න හදාගෙන ආපු item එකක් නිසා හිතට දුකයි. ඒක හරියට Breast Stroke Race එකක Free Style පීනලා දිනනවා වගේ වැඩක් නිසා. අනික ඊට කලින් අවුරුද්දේ අපේ ඇස් ඉදිරියේම වෙන ස්කොලෙක vocal එකක් disqualify කරා harmony එකක් දාපු නිසා
ඔය වගේ මතක හිටින දේවල් නම් ගොඩක් තියෙනවා. දුක සතුට ත්‍රාසය භීතිය රැඳුන ජවනිකා.
හරියට ෆිල්ම් එකක් වගේ, right ? :D
ඒත් ඒ සේරම එක පාර කියන්න බැරි වෙයි.
ඒ නිසා මං අදට මෙතනින් නවතිනවා. ආයිත් දවසක එන්නම්කෝ මගේ පුරාජේරුවෙන් ටිකක් ඔයාලට කියන්න.
එතකං එහෙනම් ඔන්න හැමෝටම කෙටියෙන්ම කිව්වා……….
TC! BS!
අසංකගේ Breast Stroke, Free Style පීනීම ගැන ඇති දැනුම ගැන මම නම් නොලියමි.
ReplyDeleteදන්න නිසා තමයි කිව්වෙ හලෝ.....
ReplyDeleteඇත්ත ද?
ReplyDelete