Tuesday, April 24, 2012

බිත්තර රොටි


බඩගින්නක් දැනිල කඩේකට ගිය කොල්ලෙක්
වේටර්ගෙන් ඉල්ලුව බිත්තර රොටි ඩබලක්
කෑලි කෑලි වලට කපල මිරිස් හොද්දකුත් දාලා
පරිප්පු හොද්දත් ඇඩ් වෙලා මේසෙට ආවයි

කෑම පටන් ගත් පසු වේටර්  ඇවිදින් ලගට
මොනවද සර් තව ඕනේ කියා අසනවා
හොදි ඕනෙද තේ බොනවද දහසකුත් එකක් අහද්දි
වදෙන් බේරෙන්න කොල්ලා මෙහෙම කියනවා

බිත්තර රොටි කියලා නම ගහල තිබ්බට
පින්සලෙන්ද ගෑවෙ අයිසෙ මේකේ බිත්තර
වෙන මුකුත් එපා පින් සිදු වෙයි වද නොකර
බිත්තරයක් ගෙනත් දෙන්න රොටිය කන්නට

6 comments:

  1. එල! දැං තියන බිත්තර රොටීවල බිත්තර නෑ. අනිත්එක බිත්තරයක් 18ට විතර තියන කාලෙ බිත්තර රොටීය 35-40ට විතර තිබුනෙ. දැන් බැත්තරයක් 10-12යි. ඒත් බිත්තර රොටිය ඒ ගනන්මයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, සමහර තැන් වල කපලා හොදි දැම්මම තව විස්සක් විතර අද වෙනවා price එකට.
      හොදි හදන්නේ මොනවගෙන්ද මන්දා

      Delete
  2. ඔය කපටි කමකට නෙවෙයි බිත්තර කාල කොලෙස්ටරෝල් හදා ගනීවි කියල පාරිභෝගිකයො ගැන අනුකම්පා හිතල වෙන්න ඕන මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් දවසට බිත්තර රොටි දෙක ගානේ කනකොට ඇඟට හොඳ නෑනේ නේද?

      Delete
  3. දැන් තත්වෙ හිතාගතහැකිනෙ තාමත් බිත්තර රොටිය 40යි ගොඩක් තැන් වල. බිත්තරෙන් කොස්ට් කටින්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...