Sunday, March 25, 2012

මාර්ග සංඥා

කට්ටියට මතක ඇති නේද මම කලින් කියපු සෞඛ්‍ය පාඩම කරපු ටීචර් ට වෙච්ච වැඩේ?
මතක නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.

අදත් කියන්න යන්නේ ඒ විදියේ ස්කොලෙක පාඩමක් උගන්නපු ටීචර් කෙනෙක්ට අත්දකින්න ලැබුන සිද්ධියක්. 
දවසක් ටීචර් කෙනෙක් පන්තියේ ළමයින්ට  මාර්ග සංඥා  ගැන කියලා දෙනවලු.  පාඩම අතරේදී ටීචර් ළමයින්ට කිව්වලු තමන් දන්නා මාර්ග සංඥා පොතේ ලියන්න කියලා
ඊට පස්සේ ටීචර් ඇවිත් පොත් බලාගෙන යනවලු. "වටරවුම ඉදිරියෙන්", "පටු පාලම ඉදිරියෙන්" වගේ නොයෙක් නොයෙක් ජාතියේ සංඥා අතරේ වැඩිය අහල පුරුදු නැති එකකුත් එක ළමයෙක් ලියලා තියෙනවා  ටීචර් ට හම්බුනාලු.

සංඥාව :පාරේ අනිත් පැත්තෙන් අපගේ වාහනයට මුහුණලා පැමිණෙන  වාහන වල හෙඩ් ලයිට් දෙකම දමාගෙන පැමිණීම 
තේරුම : ට්‍රැෆික් පොලිස් ඉදිරියෙනි 

2 comments:

  1. හෙඩ් ලයිට් 2 දාලා හරි ...... කව්රුහරි ශේප් වෙලා ගියොත් ලොකු දෙයක් ....

    මොකද අපේ පොලිසියේ අය ලියලා හරි නොලියා හරි දඩ ගහන්නමනේ බලන් ඉන්නේ ...

    ReplyDelete
  2. පොඩි උන් හරිම අවන්කයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...