Tuesday, February 7, 2012

මගේ ස්වරය පුරා වසරක් රැව් දුන් වගයි

2010 වසරේ අග භාගය ....
දන්න කාලෙ ඉඳන් ජිවිතේ වගේ දැනිච්ච සංගීතය ටිකෙන් ටික මගෙන් ඇත් වෙලා යනවා වගේ දැනුන කාලයක්. ඒ නිසා කිසිම වැඩක් ගන්නේ නැතුව පැත්තක දාලා තියෙන, 2009 වසරේදී පමණ විශ්ව විද්‍යාලයේදී නිර්මාණය කරපු ගීතයක්  පොඩි වීඩියෝ එකක් කරලා මූණු පොතට වත් දාන්න ඕන කියලා හිතාගත්තා. වීඩියෝ එකක් කරන්න පුළුවන් කියලා හිතෙන හැමෝගෙන්ම වගේ ඇහුවත් මොකක් හෝ හේතුවක් නිසා ඒ වැඩේ දවසින් දවස කල් යද්දී ශයංග මලයට කියලා අපේම පින්තූර පේලියක් ගීතයේ පසුබිමට සෙට් කරලා වීඩියෝවක් විදියට ගීතය මූණු පොතේ පල කරා. මේ ගීතය දැකපු මගේ විශ්ව විද්‍යාල සගයෙක් වෙන කසුන් දිල්හාර, එයාගේ මල්ලිගේ බ්ලොග් එකේ සින්දුව ගැන පෝස්ට් එකක් දාමු කියලා යෝජනාවක් ඉදිරිපත් කරේ. ඒ මල්ලි තමයි තරිඳු පමල්. ඉතින් ඔය විදියට මගේ සින්දුව ගැන පෝස්ට් එකක් පල වෙනවා පමල්ගේ සිතුවිලි  බ්ලොග් අඩවියෙ. මේ පෝස්ට් එකට ලැබුන ඉහල ප්‍රතිචාර ( දැනටත් පමල්ගේ සිතුවිලි වැඩියෙන්ම කියවූ පෝස්ට් එක විදියට රැඳිලා තියෙන්නෙ මගේ "මිතුරනේ" ගීතය ගැන පළවූ පෝස්ට් එක.) තමයි මාව බ්ලොග් අවකාශයට තල්ලු වෙන්න ප්‍රධානම හේතුව.

 "ඇයි බැරි මටම කියලා බ්ලොග් එකක් හදන්න." ඔහොම හිතපු මම පටන් ගන්නවා මගේම කියලා බ්ලොග් එකක් මීට වසරකට උඩදී. එදා තමයි මගේ ස්වරය වුන AUDiOnline බ්ලොග් අවකාශය තුල රැව් දෙන්න පටන් ගන්නේ. ඒ සඳහා මට උදව් දෙන්නේ නිසංස දිලුෂාන්. බ්ලොග් එකේ දාන්න ඕන ගැජමැටික් ටික සෙට් කරලා දීලා මගේ මුල්ම කාලෙ පෝස්ට් වල proof reading එහෙමත් කරලා උදව්  දුන්නේ නිසංස. ඒ වගේම පමල් ගේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාලා තිබුණා Dar[K] කියලා නමකින් , මම ස්කොලේ යන කාලෙ drama එකකට කරපු සින්දුවක් ගැන. පස්සේ හොයල බැලුවම ඒ නලින් කාරියවසම් මල්ලි, ඒ හඳුනා ගැනීමත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා නම් කරන්න පුළුවන්. බ්ලොග් අවකාශයේ මිතුරෝ වැනි FB groups වලට මාව සම්බන්ධ කරගෙන සිංහල බ්ලොග්කරුවන් හා එක්වන්න අවස්ථාව උදාකරදුන්නේ නලින් මල්ලි, ඒ වගේම කෞශික් මිලින්ද සහ Audio Lab ආයතනය සමග මගේ සම්බන්ධතා ගොඩ නැගෙන්නේ නලින් මල්ලි හරහා. මට තාමත් මතකයි සිව් රඟ ගීතය වැඩ ආරම්භ කරන්න මමත් සමග Audio Lab ආයතනයට යන්න නලින් මල්ලි ආපු හැටි. 

මෙකි නොකී සියලුම අයගේ උදව් ඇතිව Testing testing testing one two three පෝස්ට් එකෙන් ආරම්භ වුන බ්ලොග් එකට අදට අවුරුද්දක්  සපිරෙනවා. මේ වසර ඇතුලත පෝස්ට් 50 ක් ,views 13000 ක් සහ followers ලා  81 ක් මගේ බ්ලොග් එකට එකතු වෙලා තියෙනවා.අනිත් බ්ලොග් එක්ක සංසන්දනය කරනවා නම් මහා ලොකුවට සමරන්න තරම් දෙයක් ඒ ඉලක්කම් වලින් කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් උණහපුලු අම්මට තමන්ගේ පැටව් ලස්සනයි වගේ, මගේ බ්ලොග් එක මට වටිනා නිසා දැනෙන්නේ ලොකු සතුටක්. පහුගිය වසර ගැන කෙටියෙන් කිව්වොත් පහුගිය වසරේ වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් ලැබුන වැඩියෙන්ම බලපු පෝස්ට් අතර ඉදිරියෙන්ම සිටින්නේ සිව් රඟ ගීතය සඳහා ලියපු පෝස්ට් එක. ඒ වගේම මම අම්බලන්ගොඩයෙක්මිමම TV එකේ චිත්‍රපටියක් බැලූවෙමි  කියන පෝස්ට් වලටත් හොඳ ප්‍රතිචාර ලැබී තියෙනවා. ඒ වගේම කිසිම දිනක නොහිතපු ආකාරයේ ඇත් දැකීම වලට මුහුණ  දෙන්නත් ඒවා ඔබ සමග බෙදා හදාගන්නත් මේ වසර තුලදී හැකි වුණා. කඩුගන්නාව හයික් එක සහ CSE talent show නර්තනය මේ අතර නම් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. සින්දු වලට ඉඩක් වෙන් කරන්න කියලා හිතාගෙන පටන් ගත්ත බ්ලොග් එකෙන් හිතේ හැංගිලා තිබුණ කවි කාරකමකුත් මටත් නොදැනීම අද වෙනකොට එලියට ඇවිත්. බ්ලොග් එක නිසාම මගේ ලිවීමේ හැකියාවත් වර්ධනය වෙලා කියලා මට හිතෙනවා.  පසුගිය වසර ගොඩක් සතුටු දායක දේවල් සිදු වුණ, ගොඩක් හොඳ අලුත් යාලුවෝ පිරිසක් මුණ ගැහුණ  වසරක් කියලා මට දැනෙනවා. බ්ලොග් එක පටන් ගද්දි සරසවි  ශිෂ්‍යයෙක් වුණ මම අද වෙනකොට රැකියාවක නිරත වෙන්නෙක් වීමත් මේ කාලයේ සිදු වුණ පරිවර්තනයක්. ඒකත් මගේ ජිවිතේ බලාපොරොත්තු ඉටු කරගන්න ලොකු රුකුලක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මගේ වැඩ වලට හැමදාම සහයෝගය දීපු ශයංග මලයත් අද වෙද්දි බ්ලොග් අවකාශයට පිවිසිලා. මටත් වඩා, අනෙකුත්  බ්ලොග් කරුවන් සමග සුහදව කටයුතු කරන්නෙක් බවට පත් වෙලා.


අද ඉඳන් ආරම්භ වන අවුරුද්දේදී පහුගිය වසරටත් වඩා සාර්ථක විදියට මගේ බ්ලොග් එක සහ සංගීත ජීවිතය ඉදිරියට රැගෙන යාම තමයි මගේ ප්‍රාර්ථනය. වසරක් පුරාවට රැව් දුන් මගේ ස්වරය තවත් ප්‍රභලව මුළු සිරිලක පුරාම ඇසෙන ආකාරයට කටයුතු කරන්න හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න නම් දිගු ගමනක්  යන්න වෙන බව මම දන්නවා.මොකද රැකියාවත් රැකෙන විදියට යා යුතු ගමනක් නිසා.  ඒ ගමනට මම සූදානම් . AUDiOnline බලන සියලුම දෙනා ඒ ගමන සඳහා මට දිරි දේවි කියලා මම හිතනවා.   එහෙනම් අදට මම ඔබෙන් සමු ගන්නවා. අද අතීත ආවර්ජනයක් කරත් ඊළඟ පෝස්ට් එකේ ඉඳන් සුපුරුදු විදියේ පෝස්ට් වලින් මම ඔබ හමුවට ඒවි. මගේ සංගීත වැඩ වලට සහයෝගයක් වශයෙන් page එකක් පවත්වාගෙන යාමේ අදහසක් තියෙනවා. මෙතනින් ගිහින් ඒකටත් පොඩි ලයික් එකක් දාගෙන යන්න කියලා කාරුණිකව ඉල්ලනවා.  සියලුම දෙනාට සුභ දවසක් ප්‍රර්ථනා කරනවා. 

19 comments:

  1. 13000ක් නෙමේ 13500කට අධික සංඛ්‍යාවක්. :-P
    මාව tag කරලා නෑ. :-(
    මේ බ්ලොග් එකෙන් වසරක් පුරා කිසි දිනෙක මට මඩ නොගැසීම පිළිබඳ මාගේ ප්‍රණාමය!! :-D

    ReplyDelete
    Replies
    1. ඔන්න ටැග් කරා
      කාටවත් මඩ ප්‍රහාර එල්ල කල නොහැකි වන සේ වසරක් පුරාවට නිකැළැල් ජීවිතයක් ගෙන ගිය ඔබ තුමාට මගේ ප්‍රණාමය! :D

      Delete
    2. මඩක් නොවැදුනු එක ගැන හිතේ අමාරුවෙන් ඉන්න බව පේනවා..! :P

      Delete
    3. අසංක අය්යේ ඔන්න රජ වැඩකට ඉගියක් දීල! අද හෙටම උත්තර දෙන්න වෙයි!
      නිකැළැල් බ්ලොග් එකට මාගේ උත්තමාචාරය!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මඟුලක් කථාකරනවා!

      Delete
  2. අවුරුද්දක් නොදැවී ඉදියාට සුභ පැතුම් මචං... තව අවුරුද්දක් ඔහොමම ගහමු.. ඒ අවුරුද්දට පෝස්ට් 100ක් ලියමු,....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩි මෑන්!

      Delete
  3. සුබ පැතුම් අයිය ! ඉදිරියටත් සහයෝගය

    ReplyDelete
  4. සුභ පැතුම් මචෝ... දිගටම ලියන්න

    ReplyDelete
  5. මගෙනුත් ඔබේ ස්වරයට සුබ පැතුම් !!!
    දිගටම ස්වරය රැව් දේවා කියලා පතනවා !!

    ReplyDelete
  6. වැඩේ එළ මචන්... දිගටම ලියන්න....

    ReplyDelete
  7. ඉතින් අය්යේ ඉස්සරහටත් තවත් වැඩි වැඩියෙන් ලියන්න ඒ වගේම ලස්සන සිංදු හදන්න ඉඩ ප්‍රස්තාව ලැබේවා. ඒ වගේම හුගාක් ස්තූතියි මාවත් වැඩ වලට එකතු කරගත්තට. ඉතින් ගොඩක් දිගු ගමනකට ආසිරි. අන්තිමට කියන්න තියෙන්නෙ අම්බලන්ගොඩයන් සියල්ලෝටම ජය වේවා කියල තමා.

    ReplyDelete
  8. අනිවා අසංක අය්යේ ...මගේම සහෝදරයෙක් වගේ ඉන්න ඔයාට වෙනද වගේම ඉස්සරහටත් ඕනෑම දෙකට ෆුල් සප් එක දෙනවා ......

    ReplyDelete
  9. ඔයා ගැන පුදුම ආඩම්බරක් දැනෙනවා අය්යේ..හරිම සන්තෝසයි ඔයා ගැන...දිගටම ලියන්න...
    මගෙන් උණුසුම් සුබ පැතුම්........!!!!!!!!

    ReplyDelete
  10. බ්ලොග් එක නම් අයියේ මල් හතයි. මේ වගේ සිරාවටම සිරා වැඩ දිගටම කර ගෙන යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
  11. මෙච්චර කල් මේ බ්ලොග් එක මගඇරුනේ කොහොමද මන්දා ? සංගීතයට බර බ්ලොග් වලට ඉතින් මමත් නිකන්ම ඇදිලා යනවනේ. ඒත් මේ බ්ලොග් එක කලින් නොදැක්ක එක ගැන නම් කණගාටුයි...

    කොහොම වුනත් අවුරුද්දක් සපුරන මේ මොහොතේ තවත් අවුරුදු 10 ක් ලියන්න ශක්තිය ලැබේවා කියලා සුභ පතන්නම් සහෝ... ජයවේවා !!!

    ReplyDelete
  12. අග ඉඳල මුලට ආයෙම කියවන් යන ගමන්. හප්පේ තව පනහක් තියෙනව කිව්ව?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...