
දැන් කාලේ පොඩි එවුන් ඔහොන්ම ම තමයි.. 2පාරක් නෙවෙයි..60 පාරක් හිතලා තමයි කතා කරන්න ඔනේ.. :D :D
ඒ කමෙන්ට් එකට අදාලව තවත් කතාවක් කියන්නයි අද ලෑස්ති වෙන්නේ.
මේ කියන්න හදන්නේ ඒ වගේ පොඩි ළමයෙක් නරියා මිදි කාපු හැටි ගැන කතාවකින් කියපු විදිය . දවසක් නරියෙක් කැලේ මැදින් ගමනක් යනකොට... මිදි වැලක මිදි පොකුරු පොකුරු හැදිලා තියෙනවා දැකලා මිදි කන්න ආසාවක් ආවලු. මිදි කඩන්න හිතාගෙන කොච්චර උඩ පැන්නත් මිදි කඩන්න බැරි වුනාලු. ඒ තරම් උඩක තමයි මිදි පොකුරු තිබිලා තියෙන්නේ. ඉතින් මේ නරියා කරන්න දෙයක් නැති කමට වට පිට බල බල ඉන්නකොට තව නරියෙක් කැලේ මැදින් මිදි වැල පැත්තට එනවා දැක්කලු..
ඒ නරියට කතා කරලා මිදි කන්න ආසාවෙන් ඉන්න නරියා මෙහෙම කීවලු. "අනේ යාලුවේ පොඩ්ඩක් මේ පැත්තට එනවද" කියලා, ඉතින් ඒ දෙවෙනි නරියා එතනට ගියාම පලවෙනි නරියා උගේ පිටේ නැගලා මිදි කඩාගෙන කෑවලු.
මේකත් ඒ විදියෙම කතාවක්, දවසක් පොඩි ළමයෙක් ඉඳන් අම්ම එක්ක කියනවලු මෙහෙම,
"මං සිංහයාට බය නෑ......
මං එළුවට බයයි...."
මං එළුවට බයයි...."
පොඩි කමට කියන කතානේ නේද? යමක් කමක් තේරෙන වයසක්ද, සිංහයා එළුවට වඩා කොච්චර දරුණුද?
සමහර විට ළමයගේ අම්මටත් එහෙම හිතෙන්න ඇති.
සමහර විට ළමයගේ අම්මටත් එහෙම හිතෙන්න ඇති.
ඒ එක්කම ආපහු ළමයා කියනවලු මෙහෙම.
"සිංහයෝ ඉන්නේ කූඩුවෙනේ."
ඇත්ත තමයි, සිංහයා කූඩුවේ ඉන්නකන් අපි බය වෙන්නේ මොකටද නේද? එළුවා නම් ඔය අපි යන එනකොට පාරවල් වලත් ඉන්නවනේ , ඉතින් අනින්නත් ඉඩ තියෙනවා. බලං ගියාම පොඩි අයට අපි හැමෝටම වඩා මොලේ තියෙනවා නේද?
"සිංහයෝ ඉන්නේ කූඩුවෙනේ."
ඇත්ත තමයි, සිංහයා කූඩුවේ ඉන්නකන් අපි බය වෙන්නේ මොකටද නේද? එළුවා නම් ඔය අපි යන එනකොට පාරවල් වලත් ඉන්නවනේ , ඉතින් අනින්නත් ඉඩ තියෙනවා. බලං ගියාම පොඩි අයට අපි හැමෝටම වඩා මොලේ තියෙනවා නේද?
දැන් ඉන්න පොඩි එකාලත් එක්ක කතා කරන්න බෑ.
ReplyDeleteපොඩි තාත්තලා ඉන්නේ !
දැං ඉන්න පොඩි උන් එක්ක කථා කරන්න බෑ....
ReplyDeleteඅපි මේ දවස්වල ප්රශ්න වලට උත්තර දෙනව. අහන කොලොප්පම් ප්රශ්න දෙපරක් අහන කොට උත්තර දෙන්න ඕනෙ. නැත්නම් ඊලග පාර මැක්ස් වොලියුම් දාල අහනව
ReplyDelete