Monday, October 24, 2011

Anti-හකා

ඊයේ ගොඩාක් අය බලාපොරොත්තු වුන විදියටම නවසීලන්තය ශූරතාවට හිමි කම් කීමත් සමගම රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමා වුනා. මං හිතනවා හැමෝම වගේ අවසන් මහා තරඟය බලන්න ඇති කියලා. මේ තරඟය ගැන විචාර ඕන තරම් වෙලා ඇති. ESPN scrum සයිට් එක පැත්තේ ගියා නම් ගොඩක් දේවල් කියවන්න පුළුවන් රග්බි ගැන. ඒ නිසා රග්බි පාපන්දු ගැන ලාවට දන්නා මම ඒ ගැන විචාරයක්  කරන එකේ තේරුමක් නම් නැහැ. ඒත් ඊයේ මැච් එක  බලද්දි විශේෂ දෙයක් මම දැක්ක නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි ලෑස්තිය. සුපුරුදු පරිදි තරඟයට කලින් නවසීලන්තය හකා නර්තනය ඉදිරිපත් කරද්දි ප්‍රංශය ඒ සඳහා දැක්වූව ප්‍රතිචාරය ඔයාලට මතකද?




සාමාන්‍යයෙන් ප්‍රතිවාදී පිල හකා නර්තනය සිදු වන වෙලාවට පේලියක් සැදිලා ඈතින් ඉඳන් ඒ දෙස බලන් ඉන්නවා වුනත් ඊයේ තරඟයේදී ප්‍රංශ පිල ඒ සඳහා වෙනස් ප්‍රතිචාරයක් දැක්වූවා. නායකයා පෙරටු කරගෙන V අකුරක හැඩයට සිටගත් ප්‍රංශ කණ්ඩායම ක්‍රමයෙන් නවසිලන්ත පිල දෙසට පැමිණීමෙන් තමයි ප්‍රතිචාර දැක්වුවේ. ඒ අවස්ථාවේ විස්තර විචාරයේ කියවුනා ප්‍රංශ කණ්ඩායම එක එක විදියේ ප්‍රතිචාර දක්වලා තියෙනවා කියලා හකා නර්තනයට. 2007 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේදී විවිධ පාට වලින් සමන්විත ටී ෂර්ට් ඇඳගෙන හකා එකට මුහුණ දුන්නා කියලා කියනවා ඇහුන නිසා මට නිකමට හිතුනා You tube එකේ සර්ච් පාරක් දාලා බලන්න

මේ තියෙන්නේ මට හම්බුන වීඩියෝ එක 

ඊට පස්සෙ බැලුවම මට හම්බුනා විවිධ කණ්ඩායම් හකා එකට ප්‍රතිචාර දක්වපු අවස්ථා කීපයක්. 
මේ අයර්ලන්තය දක්වපු ප්‍රතිචාරයක් 

නවසීලන්තයට අමතරව ටොංගා, සැමෝවා, ෆිජි කියන රටවල් හකා නර්තනය ඉදිරිපත් කරනවා තරඟයකට පෙරදි. කොහොම ඇත්ද මේ වගේ රටවල් දෙකක් මැච් එකකදි සෙට් වුනොත්?
මේ වීඩියෝ එක ඒ වගේ අවස්ථාවක්. 

මේ pacific nations තරඟාවලියේදී   නවසීලන්ත මාඕරි කණ්ඩායම ටොංගා කණ්ඩායම සමග තරඟ වදින අවස්ථාවක්. මේ මාඕරි කණ්ඩායම විශේෂ කණ්ඩායමක්. මේ කණ්ඩායමට එක් වීමට පුළුවන් මාඕරි සම්භවයක්  තියෙන ක්‍රීඩකයන්ට පමණයි.


මේවාට අමතරව සමහර කණ්ඩායම් හකා නැටුම ඉදිරිපත් කරන අවස්ථාවන් වල එය මග ඇරීමට warm up drills වල යෙදුන බවත් කියවෙනවා. මේක නම් මම හොයාගත්තේ wikipedia වලින්. තවත් අවස්ථාවන් වල ප්‍රතිවාදී පිලට සහය දක්වන්න ආපු ප්‍රේක්ෂකයන් හකා එකේ හඬ යටපත් වන ආකාරයට ගීත ගායනා කරපු අවස්ථාත් ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා කියලයි කියන්නෙ. 
මේ මොනදේ බැලුවත් අන්තිමට කියන්න ඕන නවසීලන්ත  හකා එක තරම් වෙන කිසිම දෙයක් හරි යන්නෙ නෑ කියලා.  අනිත් රග්බි කණ්ඩායම් මොන දේ කරත් නවසිලන්ත හකා එකක  තියෙන ජවය අනිත් කිසිම දේක නැහැ කියලයි මට නම් හිතෙන්නෙ 


2 comments:

  1. හක හක හකා. හකා කියන්නේ මරු නැටුමක් නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...