Thursday, June 2, 2011

නිකන් ඉන්න බැරි කමට ගැයෙන ගී.

ඉස්සර ඉතින් දැන් වගේ කොම්පියුටර් එහෙම අපේ ගෙවල් වල නැති කාලයක් තිබුණනේ. ඒ කාලේ facebook යන්න වත් Fringe, Stargate, The Big Bang theory වගේ tv series ගොඩ දාන්න වත් විදියක් නැහැනේ. ඉතින් දැන් අහන්න එපා මගෙන් නිවාඩු වෙලාවක් හම්බුනාම මොකද කරේ කියලා. ඒ වෙලාවට පිහිටට හිටියෙ අපේ ගෙදර තියෙන ගිටාර් එක තමයි. මං ඉතින් කාමරේට වෙලා ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් දාගෙන ඉන්නවා. ප්‍රේක්ෂකයන් වෙන්නෙ කාමරේ කණ්ණාඩිය ඇතුලේ හිටපු මං වගේම කොල්ලෙක් විතරයි. හී හී...........

සමහර විට ගෙදර කට්ටිය, අල්ලපු ගෙවල් වල අය අහන් ඉන්නත් ඇති. නැත්නම් "හපොයි මුගේ කන් කරච්චලේ" කියලා හිතෙන් බැන බැන ඉන්නත් ඇති. කොහොම වුනත් දැන්නම් ඒ පුරුද්ද ටිකක් අඩු වෙලා. ඒත් ඉඳල හිටලා හරි සින්දුවක් දෙකක් කියනවා. ලඟදි දවසක් එහෙම සින්දු කිය කියා ඉද්දි හිතුන නිකමට එකක් රෙකොර්ඩ් කරලා බලන්න.ලැප් එකේ recorder එක on කරගෙන ගිටාර් එකත් play කරන ගමන් සින්දුවක් කියලා බැලුව කොහොමද කියලා.
හ්ම්....
නරකම නෑ වගේ වැඩේ. ඔන්න එහෙම රෙකොර්ඩ් කරපු සින්දුවක් අද ඔයාලට අහන්න දානව බ්ලොග් එකේ. මේ සින්දුව මං ගොඩක් ආස සින්දුවක්. කැම්පස් එකේ function එකකටත් කිව්වා එක පාරක්. මුල්ම ගායනය චිත්‍රාල් සෝමපාලගේ. කට්ටිය වැඩියෙන්ම මේක දන්නේ බියර් ඇඩ් එකකට ගියපු නිසා තමයි.අහලම බලන්නකෝ එහෙනම්.

3 comments:

  1. උබත් ඒ පර සිංහල බ්ලොග් අවකාශයේ සුරාවට ප්‍රචාරය දෙන්න පටන් ගත්තද? :-)
    සින්දුව ලස්සනයි මචන්

    ReplyDelete
  2. නියමයි නෙ මචෝ.... තාමත් ඉස්සර වගේමයි නේද?

    ReplyDelete
  3. ඔව් බං!
    පරණ පුරුදු අත අරින්න බෑනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...