Monday, February 7, 2011

Testing.. Testing.. Testing one two three.. Checked!

පුංචි කාලේ කියන්නේ හරිම සුන්දර කාලයක්. ඒ කාලෙට නොයෙකුත් අදහස් එනවා ඔලුවට. මට මතකයි ලොකු වුනාම මං කව්රු වෙන්නද ආස කියල ඇහුවම මුලින්ම දීපු උත්තරේ Engine driver කෙනෙක් වෙනවා කියන එක.බරක් පතලක් නොතේරෙන පුංචි හිත් වලට එන අදහස් වලට සීමාවක් නෑ . කාලයක් යද්දි ඒ දේවල් අපිටම අමතක වෙලා යනවා. ඒත් සමහර අදහස් අමතක වෙන්නෙම නැති තරම් .ටික ටික වැඩි දියුණු වෙලා මේ හීන අන්තිමට පිස්සුවක් වෙලා තමයි  නතර වෙන්නෙ. මටත් තිබ්බා ඒ විදියේ පිස්සුවක්. ඒක තමයි සංගීත පිස්සුව. ප්‍රසිද්ද ගායකයෙක් වෙන හැටි, යාලුවෝ එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් කරන හැටි , තමයි ඔලුවෙ වැඩ කරේ.




සංගීත පිස්සුව නිසා කරපු වැඩ නම් අනන්තයි. ඒවා මතක් වෙද්දි තාමත් සතුටක් දැනෙනවා හිතට. ඇබැද්දි නොවුනම නෙමෙයි. teachers ලාගෙන් බැනුම් අහල punishment කාල වත් මේ උණ සනීප වුනේ නැහැ. Campus ආවට පස්සේ තිබ්බ වැඩ කන්ද දැක්කම උණ ටිකක් අඩු වුණා.Assignment, Course work, mid sem, end sem අස්සේ මොන සින්දුද නේද ? ඒත් දැන් හිතෙනවා මොනවා හරි දෙයක් කරන්න කලේ හරි කියලා. කවුරුම හරි ඇතිනේ මගේ සින්දු වලට ආසා වෙන අය. ඉතින් මං හිතුව වැඩේ පටන් ගන්න ඒ අය වෙනුවෙන්.

සින්දු ලිව්වා කියමුකෝ,ඒවාට melody දාලා කිව්වා  කියමුකෝ . ඒත් කව්ද ඕවා අහන්නේ? ස්කොලේදී නම් science day, prefect day වැහි වැහැල. මමත් ඉතින් කොහොම හරි සින්දුවක් දාගන්නවා program 1 අස්සට.function එකට ආපු ළමයි ටිකයි teachers ලා ටිකයි   සින්දුව කැත වුනත් වෙන කරන්න දෙයක් නැති  කමට අහන් ඉන්නවනේ. :D
ඒත් නරකක් නම් වුනේ නැහැ.
 ශිහාන් ට තරම් ප්‍රතිචාර නැතත් වැඩේ හොඳයි කියලා අහගන්න එකම ඇතිනේ නේද ?
හික්!
දැන් ඉතින් ඒ chance නැහැනේ. බැරිම තැන දැම්මා Facebook. කට්ටිය සින්දුව අහල දීපු ප්‍රතිචාර හොඳයි. ඒ නිසා හිතුව blog එකක් පටන් ගන්න. මගේ අලුත් නිර්මාණ , අදහස් ඔයාලගේ අදහස් උදහස් හැම දේම බෙදා ගන්න මේක හොඳ තැනක් වේවි කියලා මං හිතනවා.
ඒ වගේම මගේ වැඩ වලට මට සහයෝගය දෙන අය ගැනත් ඔයාලට මේ හරහා දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් අද ඉඳන් නිවාඩු වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්න අමතක කරන්න එපා. කියවන්න, comment දාන්න
ඒක මගේ ගමනට ලොකු හයියක් වේවි, අනිවාර්යයෙන්ම... 

11 comments:

  1. "සින්දුවක් දාගන්නවා program 1 අස්සට" අනේ මේ. අපි වැඳලා වැඳලා සින්දුවක් දම්මවගන්නවා program 1 අස්සට. අපිට මතක නෑ කියලද හිතන්නේ?

    BTW: බ්ලොග් එක ලියන්න ගත්ත එක හොඳයි. සින්දුවක් ගැන් post එකක් දැම්මාම twitter advertising පාරක් හෙම දෙන්නනමි.

    ReplyDelete
  2. සිංදුම විතරක් ලියන්නත් එපා.

    ReplyDelete
  3. එල එල දිගටම ලියමු අයියා ! බ්ලොග් සින්ඩිකේටර් එකකට දැම්මා නම් තවත් ලේසි වෙනවා බ්ලොග් එක කියවන්න කට්ටියට.
    සුබ පැතුම්

    http://syndi.lankeeya.lk/blogform.php

    ReplyDelete
  4. අහ් අසංක සහෝදරයා. බ්ලොග් කෙරුවාවට බැහැල වගේ. එළ එළ ලියමු ලියමු. ජය වේවා...

    ReplyDelete
  5. එල එල අසංක... බ්ලොග් එක කියවනකොට මටත් මගෙ පොඩිකාලෙ මතක් වෙනවා.... ඒ අතීතය නම් මාර සුන්දරයි නේද.....? රෑ එලිවෙනකල් practice කරපු හෑටි.... දවස් ගණන් සින්දු program කරපු හෑටි.... කොල්ලොත් එක්ක එකතුවෙලා ඉස්කෝලෙ, පිට ඉස්කෝලවල කලර්ස් පෙන්නන්න, මගුල් ගෙවල් වල සින්දු කියපු හෑටි.... sound operator ලත් එක්ක ගහ ගනිපු හෑටි... senior අයියලාට ගොට්ට අල්ලපු හෑටි මතක් වෙනකොට දැනෙන්නෙ පුදුම සන්තෝසයක්....

    උඹගෙ සින්දුව නියමයි... පස්සෙ සෙට්වුන වෙලවක මම හොඳ කොමෙන්ට් එකක් දෙන්නම්... ඉතින් මේ සින්දුවෙන් විතරක් නවතින්නෙ නැතුව, තව තවත් හොඳ සින්දු කරන්න. දැන් නම් ඉතින් උඹෙ අතීතෙ ගැන ඕපා දුප දැන ගන්න මම නිතරම මේ පැත්තෙ එවි...

    ReplyDelete
  6. ela macho... digatama karapan......
    good luck

    ReplyDelete
  7. ඔන්න උබ නියම වැඩක් පටන් අරන් තියෙන්නේ. එල එල. සින්දු වලට විතරක් නැතිව ආගිය කතාත් බ්ලොග් එකේ දාපන්.
    Good luck for all your future endeavors machan

    ReplyDelete
  8. එල එල මට මහලොකු සංගීත දැනුමක් නැති උනත්, අසංක අයියගේ සින්දු ලස්සනයි ක්යන 1නම් තෙරෙනවා, මමත් ඔයාගේ සින්දුව කිහිප දෙනෙකුටම අහන්න සැලැස්සුවා ඒ හැමෝම කියන්නේ ඔයාට Album 1ක් හෝ Music Video 1ක් කරන්න කියාලා...........
    ඔයාගේ ගමනට මගෙන් සුබ පැතුම්!!!!!
    ඕන වෙලේක පුලුවන් උපරිම Support 1ක් අපි දෙන්නම්...........

    ReplyDelete
  9. මගේ සුබ පැතුම් මචන්. තවත් මේ වගේ නිර්මාණ දිගටම කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  10. @kavinda:ආගිය කතා නම් දාන්න පුළුවන් මචං. එත් ඕව දාල මට ගුටි කන්න වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  11. අග සිට මුලටම ආයෙත් කියවා පාසල් කාලයටත් කැම්පස් කාලයටත් නැවත ගොස් ආවෙමි :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...