රුහුණු, ගාලු, සාගරිකා, රජරට ලෙස නම් දරුවෝ
හැමදා හිමිදිරි උදයේ අපව කොළඹ අරන් ගියෝ
සවස් කලට නැවතත් අප ගමට ගෙනත් ඇරලූවෝ
පා පුවරුවෙ වාඩි වුනත් සැප අසුනක සුව දැනුණා
එන්න ටිකක් පමා වුනත් නැහැ අපි වූයේ තරහා
පමා වෙලා ආවත් බස් එකට කලින් කොළඹ ගියා
ඔබ ආවේ නැති දවසට මගතොට අපි දුක් වින්දා
ගමන් කරන තාලය අප සැමගේ නෙත සිත පිනුවා
අපේ උපන්දින සමරන්නට අපි හා එක්වූවා
ඕප දූප , විහිලු තහළු නිබඳ අසාගෙන සිටියා
දැන් ටික දවසක ඉඳලා වෙනසක් දක්නට ලැබුණා
කුමාරියෝ අපේ ගමට නොඑනා බව සැලවූවා
තරහා වෙන්න කරුණ කිමද අනේ අපට වෙන්න සමා
එදා වගේම ආපසු එනවද හොඳ හැටි හිනැහීලා
ගල් මුල් පය පැටලි පැටලි යනෙන ගමන දුක හින්දා
කුමරියො යන එන මග හදනව මල් පාවඩ එලලා
වැඩ නිම වූ පසු නැවතත් එනවලු කුමරියො සැවොමා
එදින උදා වනතුරු අපි බලා හිඳිමු නෙත් දල්වා
සාගරිකාටවත් රුහුනු කුමාරිටවත් සමුද්‍රදේවියටවත් අපිව දලා එයාගෙ ගමන යන්න බෑ
ReplyDeleteඒ වගේම තමය් අපටත්..
ඒක ඇත්ත , එදිනෙදා රස්සාවට යන මිනිස්සුන්ගෙ දවසෙන් පැය හතරක් විතර ගෙවෙන්නෙ කෝච්චියේ. ඉතින් කොහොමද කෝච්චිය නැතුව ඉන්නේ.
ReplyDeleteඒ තරමට අපේ ජිවිත වල කොටස්කාරයෙක් වෙලා කෝච්චිය.
ඒකනෙ බං. අත පය දිගඇරලා සැපට පැය දෙකට දෙකහමාරට කොළඹ ගිහිපු ආපු අපිට දැන් පැය තුනහමාරක් හතරක් බස් එකේ හිරවෙලා කරච්චල් අහගෙන යනකොට සසර කළකිරෙනවා. කුමාරිලා ආයෙ ඉක්මනටම එනවනම් හොඳයි.
ReplyDeleteaththatama sira kawi pela
ReplyDelete