ලංකාවේ ඉන්න rail fans ලා අතරේ එක විදියට ආදරයට ලක් වෙච්ච එන්ජින් මාදිලියක් තමයි M2 කියන්නෙ. 1954 සිට 1961 දක්වා කාලය තුල කැනඩාවෙන් ආධාර ලෙස අපේ රටට මේ මාදිලියේ එන්ජින් 12ක් ලැබෙනවා. කැනඩාවට කෘත ගුණ සැලකීමක් වශයෙන් මේ එන්ජින් වලට කැනඩාවේ ප්‍රාන්ත වල නම් ලබා දෙනවා. මීට අමතරව පසු කලෙක ලංකාව විසින් තවත් මේ එන්ජින් දෙකක් මිලදී ගන්නවා. ඒ ගාල්ල සහ කන්කසන්තුරේ ලෙස නම් කර ඇති එන්ජින් දෙක. M2D කාණ්ඩයට අයිති මෙම එන්ජින් දෙක ලංකාවට ගෙන එන්නේ සිමෙන්ති සංස්ථාවේ වැඩ සඳහා. නමුත් පසු කාලීනව මේ එන්ජින් දෙකත් මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නවා. මේ එන්ජින් 14 අතරින් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වුන 571 එන්ජිම හැරුන විට අනෙකුත් එන්ජින් 13ම ලංකාව පුරා මගීන් එහා මෙහා රැගෙන යමින් වසර පනහකටත් අධික කාලයක් මහත් සේවයක් ඉටු කරනවා.
Saturday, February 25, 2012
Monday, February 20, 2012
නරියා සහ මිදි වැල Remake සහ තවත් කතා
මම අර කළුපහන සර්ගේ පන්තියේදි අහපු සෞඛ්‍ය පුරුදු ගැන කතාවට චතුමිතු කමෙන්ට් එකක් දාලා තිබුනා මෙන්න මෙහෙම. දැන් කාලේ පොඩි එවුන් ඔහොන්ම ම තමයි.. 2පාරක් නෙවෙයි..60 පාරක් හිතලා තමයි කතා කරන්න ඔනේ.. :D :D
ඒ කමෙන්ට් එකට අදාලව තවත් කතාවක් කියන්නයි අද ලෑස්ති වෙන්නේ.
මේ කියන්න හදන්නේ ඒ වගේ පොඩි ළමයෙක් නරියා මිදි කාපු හැටි ගැන කතාවකින් කියපු විදිය . දවසක් නරියෙක් කැලේ මැදින් ගමනක් යනකොට... මිදි වැලක මිදි පොකුරු පොකුරු හැදිලා තියෙනවා දැකලා මිදි කන්න ආසාවක් ආවලු. මිදි කඩන්න හිතාගෙන කොච්චර උඩ පැන්නත් මිදි කඩන්න බැරි වුනාලු. ඒ තරම් උඩක තමයි මිදි පොකුරු තිබිලා තියෙන්නේ. ඉතින් මේ නරියා කරන්න දෙයක් නැති කමට වට පිට බල බල ඉන්නකොට තව නරියෙක් කැලේ මැදින් මිදි වැල පැත්තට එනවා දැක්කලු..
ඒ නරියට කතා කරලා මිදි කන්න ආසාවෙන් ඉන්න නරියා මෙහෙම කීවලු. "අනේ යාලුවේ පොඩ්ඩක් මේ පැත්තට එනවද" කියලා, ඉතින් ඒ දෙවෙනි නරියා එතනට ගියාම පලවෙනි නරියා උගේ පිටේ නැගලා මිදි කඩාගෙන කෑවලු.
මේකත් ඒ විදියෙම කතාවක්, දවසක් පොඩි ළමයෙක් ඉඳන් අම්ම එක්ක කියනවලු මෙහෙම,
"මං සිංහයාට බය නෑ......
මං එළුවට බයයි...."
මං එළුවට බයයි...."
පොඩි කමට කියන කතානේ නේද? යමක් කමක් තේරෙන වයසක්ද, සිංහයා එළුවට වඩා කොච්චර දරුණුද?
සමහර විට ළමයගේ අම්මටත් එහෙම හිතෙන්න ඇති.
සමහර විට ළමයගේ අම්මටත් එහෙම හිතෙන්න ඇති.
ඒ එක්කම ආපහු ළමයා කියනවලු මෙහෙම.
"සිංහයෝ ඉන්නේ කූඩුවෙනේ."
ඇත්ත තමයි, සිංහයා කූඩුවේ ඉන්නකන් අපි බය වෙන්නේ මොකටද නේද? එළුවා නම් ඔය අපි යන එනකොට පාරවල් වලත් ඉන්නවනේ , ඉතින් අනින්නත් ඉඩ තියෙනවා. බලං ගියාම පොඩි අයට අපි හැමෝටම වඩා මොලේ තියෙනවා නේද?
"සිංහයෝ ඉන්නේ කූඩුවෙනේ."
ඇත්ත තමයි, සිංහයා කූඩුවේ ඉන්නකන් අපි බය වෙන්නේ මොකටද නේද? එළුවා නම් ඔය අපි යන එනකොට පාරවල් වලත් ඉන්නවනේ , ඉතින් අනින්නත් ඉඩ තියෙනවා. බලං ගියාම පොඩි අයට අපි හැමෝටම වඩා මොලේ තියෙනවා නේද?
Tuesday, February 7, 2012
මගේ ස්වරය පුරා වසරක් රැව් දුන් වගයි
2010 වසරේ අග භාගය .... දන්න කාලෙ ඉඳන් ජිවිතේ වගේ දැනිච්ච සංගීතය ටිකෙන් ටික මගෙන් ඇත් වෙලා යනවා වගේ දැනුන කාලයක්. ඒ නිසා කිසිම වැඩක් ගන්නේ නැතුව පැත්තක දාලා තියෙන, 2009 වසරේදී පමණ විශ්ව විද්‍යාලයේදී නිර්මාණය කරපු ගීතයක් පොඩි වීඩියෝ එකක් කරලා මූණු පොතට වත් දාන්න ඕන කියලා හිතාගත්තා. වීඩියෝ එකක් කරන්න පුළුවන් කියලා හිතෙන හැමෝගෙන්ම වගේ ඇහුවත් මොකක් හෝ හේතුවක් නිසා ඒ වැඩේ දවසින් දවස කල් යද්දී ශයංග මලයට කියලා අපේම පින්තූර පේලියක් ගීතයේ පසුබිමට සෙට් කරලා වීඩියෝවක් විදියට ගීතය මූණු පොතේ පල කරා. මේ ගීතය දැකපු මගේ විශ්ව විද්‍යාල සගයෙක් වෙන කසුන් දිල්හාර, එයාගේ මල්ලිගේ බ්ලොග් එකේ සින්දුව ගැන පෝස්ට් එකක් දාමු කියලා යෝජනාවක් ඉදිරිපත් කරේ. ඒ මල්ලි තමයි තරිඳු පමල්. ඉතින් ඔය විදියට මගේ සින්දුව ගැන පෝස්ට් එකක් පල වෙනවා පමල්ගේ සිතුවිලි බ්ලොග් අඩවියෙ. මේ පෝස්ට් එකට ලැබුන ඉහල ප්‍රතිචාර ( දැනටත් පමල්ගේ සිතුවිලි වැඩියෙන්ම කියවූ පෝස්ට් එක විදියට රැඳිලා තියෙන්නෙ මගේ "මිතුරනේ" ගීතය ගැන පළවූ පෝස්ට් එක.) තමයි මාව බ්ලොග් අවකාශයට තල්ලු වෙන්න ප්‍රධානම හේතුව.
Sunday, January 15, 2012
පුවතක්: ධෝනිට සිව්වන ටෙස්ට් තරඟය තහනම් - Rajini Kanth to the rescue!
ඕවර් රේට් එක අඩුවෙන්
බෝල් කල නිසා
සිව්වෙනි ටෙස්ට් මැච් එක
තහනම් කරලලු ධෝනිට
මෙන්න නියම අවස්ථාව
රජිනි කාන්ත් ටීම් එකට
ගමු හිස්තැන පුරවන්නට
ධෝනි නැති නිසා ඇති වෙන
රජිනි කාන්ත් බැට් කරද්දි
ලීව් කරත් හයක් තමයි
බෝල් කරොත් එක බෝලෙට
හැට් ට්‍රික් එක යනවාමයි
මෙහෙම කරොත් පුළුවන් වෙයි
කැන්ගරුවන් නවත්තන්න
හතරට බින්දුව විදියට
පරදින එක නවත්තන්න
මේ පොටෝ එකේ තියෙන්නෙ මං ලියපු කවියෙ chess version එක. ඒකත් බැලුවට කමක් නෑ ඉතින්..
ප.ලි.:ඔන්න යන්තම් දඟලල දඟලල 50 වෙනි පෝස්ට් එකත් දැම්ම කෝම හරි. මෙතෙක් කල් බ්ලොග් එක එක්ක හිටපු අය වගේම අලුත් අයත් ඉස්සරහට බ්ලොග් එක වටේ එකතු වෙයි කියල තමයි මගේ ප්‍රාර්ථනය!
Thursday, January 12, 2012
හොඳ සෞඛ්‍ය පුරුදු!
අදත් ඔන්න කියන්න යන්නෙ කළුපහන සර් පන්තියේදී අපි එක්ක කියපු කතාවක්. මුල්ම කතාව කියෙව්වේ නැති අය ඉන්නවා නම් මෙතනින් බලන්න පුළුවන් ඒකත්
ඔන්න එකෝමත් එක කාලෙක පුංචි කොලු පැංචෙක් හිටියලු, අපි මෙයාට දාමුකෝ නමක්....
චාමර හොඳයි වගේ...
හරි!
ඔන්න දැන් චාමර හැමදාම වගේ පුරුදු විදියට ස්කොලෙ ගියාලු....
එදා සෞඛ්‍ය පීරියඩ් එකක් තිබුනලු..
සෞඛ්‍ය උගන්නන ටීචරුත් ඇවිල්ලා පාඩම පටන් ගත්තලු. එදා තිබ්බ පාඩම....
හොඳ සෞඛ්‍ය පුරුදු ගැන.(ගම්පෙරලිය හෙම නෙමෙයි හොඳද.....?)
ටීචර් දැන් ඔන්න හොඳ සෞඛ්‍ය පුරුදු සෙට් එකක් කියාගෙන යනවලු.
දවසට දෙපාරක් දත් මැදීම
නියපොතු කොටට කපා පිරිසිඳුව තබා ගැනීම
කෑමට පෙර සබන් යොදා අත් සේදීම
වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සේදීම
පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම
පලතුරු, පලා වර්ග කෑමට පෙර ගලා යන ජලයෙන් සේදීම
ඔන්න එතකොටම අපේ චාමර අත උස්සලා ටිචර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ලෑස්තිය.
ටීචර් මේක දැකලා චාමරට කිව්වලු ප්‍රශ්නෙ අහන්න කියලා.
"ටීචර් වැසිකිලි ගියාට පස්සේ අත විතරක් හේදුවම ඇතිද?" කියලා චාමර කොලුවා ඇහුවලු...
Saturday, December 31, 2011
Saturday, December 24, 2011
මම TV එකේ චිත්‍රපටියක් බැලුවෙමි
මේ දෙන්නා ආදරෙන් වෙලිලා හිටියේ.....
මේ ගෑණු ළමයට වහා ගිනි ඇවිලෙන සුළු මල්ලි කෙනෙකුත් හිටියා.....
තව මෙයාලට හොඳ යාලුවෙක් හිටියා හිපෝ කෙනෙක් වගේ
මේ අතරේ ලෝකෙම ගිලින්න බලාගෙන නපුරු සතෙක් එනවා.
Surfing board එකක් උඩ වැඩ පෙන්නන ඩයල් එකකුත් මේ නපුරාගේ හෙල්ප් එකට එනවා.
කොහොම කොහොම හරි දිවි පරදුවට තියල මේ සෙට් එක සටන් කරනවා ලෝකෙම බේරගන්න.
ගෑණු ළමයා මැරෙන්නත් යනවා.
ඒ අස්සේ අන්තිමට අර surfing board කාරයගෙත් උදව් අරන් නපුරාව එලවනවා.
අන්තිමට ලෝකෙම බේරෙනවා.
යන්තම්, මැරෙන්න ගිහින් අනූ නමෙන් බේරුණ අර ගෑණු ළමයා සිහිය ආවට පස්සෙ මුලින්ම තමන්ගෙ මල්ලිව දැක්ක ගමන් වැළඳ ගන්නවා.
ඊට පස්සේ කොටු කොටු වගයක් පේන්න ගත්තා....
_(&$*@_@$*$@%#!#3131(!!!!
ශික් විතරක්.....
අක්කට තමන්ගෙ මල්ලිව බදාගන්නවත් දෙන්නෙ නැති හැටි මුන්
ඒකටත් දානවනේ කොටු කොටු
Subscribe to:
Posts (Atom)




