Sunday, June 24, 2012

රඟහලේදී


වේදිකාවේ ගැයෙන මිහිරි 
ගීත ඇසුමට සිතත් රිසි වී 
ගියෙමි රඟහල වෙතට සතුටෙන්
හිඳ ගතිමි අසුනකට බරවී 

එකින් එක ගී ගැයෙද්දී 
ඉන්න බෑ සංගීතය ඇසි
ගී අසන්නට ආ බවත් 
ඒ වෙලේ අමතක වී යති  

මගේ හඬ අවදි කෙරුවෙමි 
ගයමි දැහැනට සම වැදී
අවට සිටිවුන් මා දෙස බලා 
ඔරවන හැටිත් මා දුටුවෙමි 

කිසි කෙනෙකු නොඅසන මගේ ගී
ඔබ රස විඳින බව මම දනී
කව්රු රැව්වත් ඔබ සිනාසී 
මගේ ගී අසමින් හිඳී

පසු පෙලින් ඇවිදන් ගොසින් 
වේදිකාවට ගොඩ වැඩි 
දෙනෝදාහක් සෙනග අබිමුව 
ගයන සිහිනය දකිනෙමි

මගේ සිහිනය සැබෑ වන
දිනේදී ඔබ එනවද 
අද වගේ පසු පෙළක හිඳ නොව 
ඉදිරි පෙළ හිඳ අසන්නට  

9 comments:

  1. ඉස්සරහම ඉඳලා මූනට කෙල වීසි උනොත් ? මම ඕනෙ නම් එන්නම් වයලින් එක ගහන්න... හික්!!!!

    ReplyDelete
  2. අර කිව්වත් වගේ ඉස්සරහටම එනඩ බෑ.
    බෙල්ල කඩාගෙන බලන්න එපැයි. ඒ නිසා පසු පෙලට එන්නම් !

    ReplyDelete
  3. එනවා එනවා අයියා..අනිවා එනවා ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සල්ලි ගෙවා උන් එන්නේ වේදිකාවේ ඉන්න කෙනාගේ ගී අහන්න නොවැ. ඉතින් අනාරාධිත අත්වැල් ගායනයක් කරන්න ගියාම ඔරවන එක පුදුමයක් නොවේ. ඊළඟ පාර ප්‍රේක්ෂකාගාරයේ වෙනුවට වේදිකාවේ සිට ගී කියන්න. කවුරුත් ඔරවන එකක් නෑ.

    ReplyDelete
  6. Replies
    1. සත්තකින්ම...

      Delete
    2. මේ උත්තරෙ දීල තියෙන්නෙ හිනාවෙන්.
      "අමාරුයි තමයි. කොහොම හරි අහන් ඉන්නම්"

      Delete
  7. ඒ කාලේ ඕන තරම් වේදිකාවේ ගී ගැයුව නැත්ද අසංක අයිය. දැන් ‍අනිත් පැත්ත. පට්ට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...