Sunday, April 29, 2012

අපි නොදන්න WWW

ඊයේ මගේ ඩොන්ගල් එක මා සතුව නොතිබුන නිසා අන්තර්ජන්ජාලයට පිවිසීමට මගක් නැතුව ලත වෙද්දී ගෙදර තිබෙන රව්ටරය මගේ නෙත ගැටුණි 
සියලුම දෙනා බෙහෙවින් ආදරය කරන ඇස් ඇල් ටි තෑගි වරං ඇඩ් එකේ පෙන්වන ජාතියේ වයිෆයි රව්ටරයක් වූ මෙය ගෙදරට ගෙනවිත් මාස හතරක් පමණ ගතවී තිබුනත් මෙතෙක් කල් මම පාවිච්චි නොකරෙමි.
ඊයේ ප්‍රථම වතාවට පාවිච්චි කරන අතර තුර ස්පීඩ් එක චෙක් කරේ නිකමට වගේය. එක වතාවක ස්පීඩ් එක 0.11Mbps කි. තවත් වතාවක 0.4Mbps කි. තවත් විටක නෙට් යාමටද බැරිය 
මේවා දකින මට තනි ඇහැට ඇඬුණි.

කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය
ටීවී එකේ නම් කියන්නේ වහින වෙලාවටත් WWW දෙන්නේ මොවුන් පමණක් බවය. වහින දවස් වලට වඩා වහින්නේ නැති දවස් ගණන වැඩි බව ඒ වෙලේ මට මතක් වුනි. ඉතින් කලාතුරකින් එන දවසක  ලැබේ යයි කියන වැඩි වාසියක් ගැන හිතේ තියාගෙන දවස් ගානක් ජාලයේ බඩ ගෑ යුතුය. අනිත් දවස් වලට හොඳින් ජාලයේ සැරි සරා වහින වෙලාවට ලැප් එක ඔෆ් කර නිදා ගන්න එක මීට වඩා සැපය. අනෙත් අතට වැස්ස වෙලාවට මා පාවිච්චි කරන 3G රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්පීඩ් එක අඩු වීමක්ද මෙතෙක් අත් දැක නොමැත. 

වහින වෙලාවටත් නෙට් යතහැකි කියා ෆුල් ආතල් එකේ නෙට් එකේ ඉන්න විට වැරදිලාවත් අකුණක් ගැසුවහොත් ඊට වඩා සැපය. මීට වසර දෙකකට පමණ පෙරද අපේ ගෙදර රවුටරයක් තිබුණි 
දිනක් නින්දට යද්දී ෆෝන් කේබලය ගලවන්නට අමතක වූ එදින මධ්‍යම රාත්‍රියේ අතර අකුණක් ගසා රවුටරය අවසන් ගමන් ගියේය. නැවතත් එවන් තත්වයක් ඇති වුවහොත් රවුටරයක් ඇස් ඇල් ටි එකෙන්ම මිලදී ගත හැක. 

8 comments:

  1. ඊයෙ SLT මොනවද update එකක් කරපු නිසාළු connection එක නැතිවුනේ. දැන් මම මේ comment එක ලියන වෙලාවෙ SLT ADSL බින්දුවක් නැහැ. ඩොන්ගනල් එක තියෙන නිසා බේරුනා.

    ReplyDelete
    Replies
    1. මං මේ කියන දවස ඔයා කියන දවසට කලින් දවස මල්ලි
      :)

      Delete
  2. ඩෝංගලේකට මාරු වෙන්න හිත දෙන්නැත්තෙ fup මගුල හින්දා , දවස් දහයෙන් 10 gb ඉවර උනාම ඉතුරු ටික දත්මිටි තමා කන්ට වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ මොනවද බං එච්චර බාන්නේ?

      Delete
  3. පෝස්ට් එක නියමයි

    ReplyDelete
  4. අවුරුද්දට දුන්න තෑගි වරම එකපාරට දැම්මට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. රවුටරේ ඔන් කරල පැයක් තිබ්බත් නෙට් නෑ. විසඳුම හොයගත්තෙ පස්සෙ. 1212 ට කෝල් කරල පාරිභෝගික නිලධාරියෙක් සම්බන්දවෙනකන් මියුසික් එක අහන් ඉන්නකොට ඔන්න කනෙක්ට් වෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...