Monday, March 12, 2012

පරිගණක ඉන්ජිනේරුවෙකුගේ ප්‍රථම onsite ත්‍රාසජනක අත්දැකීම


සරසවි දිවිය නිම වුනි සිව් වසක් ගෙවී
ඒ සැනෙකින්ම රැකියාවට යන්න වුණි 
ආතල් සෙට් එකක් සිටි ටීම් එකට වැටි 
ෆුල් සොමියේම ජොබ් එක කරගෙන සිටිමි

පලවෙනි මහලෙ ඉන්නේ වැඩ කරන විට
ලන්ච් රූම් එක තිබේ තුන්වන මහල මත 
උදේ හවස තේ බොන්නට යයි එකට
දවල් කෑම කන්නෙත් අපි හැම එකට 

අමුතුම  සෙල්ලමක්  මේ අය අතරෙ ඇති 
දුවගෙන ගොසින් ලිෆ්ට් එකෙ දොර වසාගනී
අන්තිමටම එන අය මග දමා යති 
ලන්ච් රූම් එකට පඩි පෙළ නැග යන්න වෙති 


වෙනදා වගෙම තේ බොන මොහොතත් ආවා
කට්ටිය එක එකා ලිෆ්ට් එක වෙත  ඇදුනා
මමත් කර හිටි වැඩය මදකට නවතා
මග් එක අරන් ලිෆ්ට් එක වෙත පිය මැන්නා

ලිෆ්ට් එක ලඟට යනවිට ඇතුලේ ඉඳලා 
යන්නට වෙනවා වීදුරු දොරක් පහු කරලා 
එදා මට පෙනුනි දොර තිබුනේ ඇරලා 
ලිෆ්ට් එක වෙත යන්න මට නැත කිසි බාධා 

ලිෆ්ට් එකෙ දොර වැසෙන බව ඈතට පෙනුනි 
මාහට පඩි පෙලේ යන්නට වෙයි සිතුනි
කකුල් දෙකට වැඳ ආරම්භය ගතිමි
ලිෆ්ට් එක ලඟට මම දැන් වෙඩි වගේ දුවමි

සලන් බලන් සද්දයකුත් මට ඇසුනා
නළලත් මගෙ කොහේ හරි වදිනවා දැනුනා
මග් එක කෑලි පොඩිවී බිම වැටි තිබුණා 
දවල්  තරු පොකුරු මට හැමතැන  පෙනුණා



ඇරලා තිබුනෙ එක පලුවයි වීදුරු දොරේ
වහලා තිබුණු පලුවෙනි මම ගොස් ඇත්තේ
රිදෙන එකත් ඉවසතෑකි ඔලුව මගේ
වුන ලැජ්ජාව කොහොමද ඉවසන් ඉන්නේ

8 comments:

  1. hane ayyooooooooooooooooo....ayyata mukuth awulak ne neeeda..... patta patapata ...,,,kamak ne kamak ne dan oluwa wadila hari ra mannan gathiya tikak adu wunoth hodai.. :P :P

    ReplyDelete
  2. චික් විළි ලැජ්ජාවේ බෑ....

    ReplyDelete
  3. කවදද මලේ මේ සිද්දිය නුබට උනේ
    මා නැති දිනක නේදෝ එය සිදු උයේ
    -----
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

    ReplyDelete
  4. මොනව උනත් අපිට ඇඩ් කරන්න නොතිය ඇත්තම කතව කියල තියෙනව. :D

    ReplyDelete
  5. වුනු විලිලැජ්ජාව ගෙන පාඩමට මලේ....
    දුවන්නන් වාලෙ දුව ගෙන නොයන් මලේ,,,,
    අතපය හිත හික්මවා එහි වැඩ කරනු මැනේ.....
    එතකොට ඔවන් ලැජ්ජා යලි නොවේ මලේ

    ReplyDelete
  6. ජීවක චන්දිමApril 10, 2012 at 2:55 PM

    හප්පා..... රෙදි නැතෝ........ අපි නම් ඔයාව දන්නෙ නෑ හොඳේ....

    ReplyDelete
  7. ඔෆිස් එකේ ආතල්ම කාලෙ. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...