Sunday, March 18, 2012

මේ දවස් වල විත්ති.

අද නම්  කවියක්  වත් , කතාවක්  වත්   නෙමෙයි  ඔන්න  කියන්න  යන්නේ, විශේෂ පුවත් නිවේදන කීපයක් කියලා කිව්වොත් තමයි හරියටම හරි.

අපි රට වටේම ඉන්න කෝච්චි පිස්සො එකතු වෙලා හැමදාම  වෙලාවක් කලාවක් නැතුව මුණ ගැහෙන රේල් හන්දිය මෙච්චර කාලෙකට මූණු පොතට සීමා වෙලා තිබුනේ. පහුගිය දවස් වල අපි සෙට් එක රේල් හන්දිය මූණු පොතෙන් බ්ලොග් අවකාශයට ගෙන ඒමට පොඩි උත්සහයක් දරුවා. ඒ උත්සාහයේ ප්‍රතිපලය තමයි රේල් හන්දිය බ්ලොග් අඩවිය.  
මේ දවස් වල මගේ අලුත් ගීතයක වැඩ කටයුතු හිමීට කරගෙන යනවා. මේ ගීතයත් නිසල් ගන්ගොඩගේ, කෞශික් මිලින්ද  ප්‍රමුඛ Audio Lab ආයතනය සමග තමයි කරන්නේ. , ඉස්සරහට ඔයාලට ඒක අහන්න ලැබේවි. 

ඒ වගේම තමයි මාස හයකට වැඩි කාලයක් අලුත්වැඩියා කටයුතු වලට වසා දමා තිබුණු ගාල්ල අලුත්ගම දුම්රිය මාර්ගය නැවත හෙට සිට දුම්රිය ගමන් ආරම්භ වෙනවා. අද තමයි පරීක්ෂණ ධාවනය පැවැත්වුනේ. අද මම ගීත පටිගත කිරීමකට සහභාගී වුන නිසා ගෙදර ගිටියේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව දැක බලා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී ගියා, ඒත් අපේ රේල් හන්දියේ විදුර සහෝදරයා මේ ගමනට සහභාගී වුණා. ඒ නිකම්ම නිකන් නරඹන්නෙක් වශයෙන් නෙමෙයි. දුම්රියේ කාලය සහ වේගය මැනීමේ කාර්යය ඉටු කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුවට සහයෝගයක් වෙමින් තමා ඔහු මේ ගමනට සහභාගී වුනේ, අපි හැමෝටම සතුටුයි විදුරට මේ ලැබුන අනගි අවස්ථාව ගැන. මේ ලින්කුවෙන් ගිහින් වැඩි විස්තර බලා ගන්න පුළුවන් හැමෝටම. 


එහෙනම් ඔන්න අදට පුවත් එපමණයි,  ආයෙත් දවසක මුණ ගැහෙමු. ජයවේවා! 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...