Monday, October 24, 2011

Anti-හකා

ඊයේ ගොඩාක් අය බලාපොරොත්තු වුන විදියටම නවසීලන්තය ශූරතාවට හිමි කම් කීමත් සමගම රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමා වුනා. මං හිතනවා හැමෝම වගේ අවසන් මහා තරඟය බලන්න ඇති කියලා. මේ තරඟය ගැන විචාර ඕන තරම් වෙලා ඇති. ESPN scrum සයිට් එක පැත්තේ ගියා නම් ගොඩක් දේවල් කියවන්න පුළුවන් රග්බි ගැන. ඒ නිසා රග්බි පාපන්දු ගැන ලාවට දන්නා මම ඒ ගැන විචාරයක්  කරන එකේ තේරුමක් නම් නැහැ. ඒත් ඊයේ මැච් එක  බලද්දි විශේෂ දෙයක් මම දැක්ක නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නයි ලෑස්තිය. සුපුරුදු පරිදි තරඟයට කලින් නවසීලන්තය හකා නර්තනය ඉදිරිපත් කරද්දි ප්‍රංශය ඒ සඳහා දැක්වූව ප්‍රතිචාරය ඔයාලට මතකද?

Tuesday, October 18, 2011

මියැසි , The Final Year Project

මෙච්චර කල් කරපු ෆන් වැඩ ගැන බ්ලොග් එකේ පෝස්ට් දාපු මම academic පැත්තෙ දෙයක් ගැනත් ඔයාලට කියන්න ඕන කියලා හිතුවා. මොකද නැත්නම් කට්ටිය හිතයි මම කැම්පස් එකේ සින්දු කිය කියා ඉන්න එක විතරයි කියලා කරන්නෙ.ඒ නිසා අපේ Final Year Project එක ගැන විස්තරයක් කියන්න තමයි මම අද ඔන්න ලෑස්ති වෙන්නේ. මීට අවරුද්දකට විතර කලින් පටන් ගත්ත Project එක දැන් නම් demonstration , viva සේරම තියල ඉවරයි. මේ ටිකේම අපි මේ Project එක විවිධ තරඟ වලට , ප්‍රදර්ශන වලට අරන් යන එක තමයි කරන්නෙ. ඒ නිසා හිතුනා බ්ලොග් අවකාශයෙත් Project එක ගැන පොඩි ඇඩ් එකක් දාන්න කාලෙ හරි කියලා.

Saturday, October 15, 2011

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව II

ඔන්න මං කියපු පින්තූර කතාවේ දෙවැනි කොටස. මීට කලින් මං මේ සවාරිය ගැන ලියපු පෝස්ට් ටික බලන්න මේ ලින්ක් වලට යන්න...

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...


කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I




අපේ ගමනෙදි දකින්න ලැබුන තවත් වැදගත් තැනක් තමයි sensation rock කියන ස්ථානය.
මෙතන කඳු බෑවුම පැත්ත සම්පූර්ණයෙන් පේනවා කිසිම බාධාවකින්  තොරව. 
කියල නිම කරන්න බැරි ලස්සනක්. 

Thursday, October 13, 2011

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I

මේ දිග හැරෙන්නේ අපේ කඩුගන්නාව-කඩිගමුව හයික් එකේ පින්තුර කතාවයි...... 
අපි කඩුගන්නාවට වෙනකන් එක්කගෙන ගිය පොඩි මැණිකේ දුම්රිය කොටුවෙන් පිටත් වෙන්න සුදානමින් එදා දුම්රිය අරන් ගියේ M6 පන්තියේ 792 එන්ජිම. 

උදේ පාන්දර කෝච්චි පිස්සො එක්ක 5.55 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වුන පොඩි මැණිකේ කඩුගන්නාව දිහාවට ඇදෙන්න ගත්තා.

කඩුගන්නාවෙන් අපිව බස්සල පොඩි මැණිකේ එයාගෙ සුපුරුදු ගමන බදුල්ලට යන්න පිටත් වුණා.

Monday, October 10, 2011

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...

කලින් පෝස්ට් එකක මගේ කෝච්චි පිස්සුව ගැන ඔයාල එක්ක කිව්වා මතක ඇති. ඉතින් ඒකෙ කියපු විදියටම හයික් එකක් යන්න සඳරුවන් කුඩාහෙට්ටි ආරාධනාවක් කරලා තිබුණා. මේ දවස් වල අපේ පැත්තේ කෝච්චි යන්නෙ නෑනේ. පාර හදන්න ගලවල තියෙන්නෙ. වෙනදට නම් අඩුම ගානේ ගෙදර ඉන්නකොට කෝච්චියක සද්දයක් හරි ඇහෙනවා. දැන් ඒකත් නැති නිසා ටිකක් විතර සාංකාවෙන් තමයි හිටියේ. ඒ දුකට පොඩි කවි පේලියකුත් ලියල දැම්මා, ඒක මෙතනින් කියවල බලන්න කලින් දැකපු නැති අය ඉන්නවා නම්.. ඉතින් කාලෙකින් දැකපු නැති M6, M5, W3 යාළුවො ටිකයි කවදාවත් ඇහැට දැකලා නොතිබුන කෝච්චි පිස්සන්ගෙ ගෘප් එකේ යාලුවන්වයි  බලලා එන්න කියල හිතන් මමත් සහභාගී වුණා මේ චාරිකාවට. 

Wednesday, October 5, 2011

උපන්දින සටහන....

කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරි වුණා...
කොහෙද අර ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ වගේ තමයි. පහුගිය ටිකේ මූණු පොතේ වත් වැඩි වෙලා ඉන්න ලැබුනේ නෑ තිබ්බ වැඩ රාජකාරි වල හැටියට. වැඩ කිව්වේ ඉතින් project එක අරගෙන එහෙ මෙහෙ දුවන එකයි music practice  යන එක තමයි වැඩියත්ම.

ඊයේ මගේ උපන්දිනේලුනේ....
 ඉතින් රෑ 12 ඉඳන් ෆෝන් එකට වැඩ ගොඩයි. මූණු පොතට ඇවිත් බැලුවම මගේ තාප්පෙ කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් කුරුටු ගාලා ගිහිල්ලා. තාප්පෙ පිරිලා සුභ පැතුම් වලින්.
තාමත් ඒ සුභපැතුම් වලට reply කරනවා මම. :D
අවුරුද්දකින් මම වයසට ගියපු නිසා පොඩි දුකකුත් නැතුව නෙමෙයි. ඒත් මෙච්චර යාලුවෝ තොගේකට මාව මතක් වෙනවා නේද කියල හිතුනම ගොඩාක් සතුටුයි.
ඉතින් ඒ හැම යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි....
ඔන්න එහෙනම් මේ රසම රස කේක් ගෙඩිය ඔයාල හැමෝම වෙනුවෙන්...
හැමෝම රණ්ඩු නොවී බෙදාගෙන කන්න ඕන හොඳ ළමයි වගේ...

Related Posts Plugin for WordPress, Blogger...