Tuesday, August 30, 2011

ඇනිවසරිය..


දුටුව මුල් දින ඔබ 
සිනා මල් පිපුනා මුවග
හිටියත් වෙන අය එමට
හිත ගියේ මට නුඹට 

නෙක දසුන් මවන්නේ 
මියුරු ගී ගයන්නේ
මැසිවිලි නොදෙන්නේ 
ඇස ඔබෙන් ඉවතට නොයන්නේ 

යන එන හැම තැනම 
ආවා පසුපසින් මා සමගින
දුන්නා සහය හැමවිට
ඉගෙනුමට සහ විනෝදයට 

වසරක් පුරාවට
දුක සතුට බෙදාගත්
තනියට ලඟින් උන් 
නුඹයි මගෙ ලැප්ටොප් 

Sunday, August 28, 2011

පන්සිල් පද පහ ටැපලිලා :o

අද මූණු පොතේ අපේ යාලුවෝ කට්ටියක් කරපු කතා බහක් දැකල මට හිතුනා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න. ශෙලාන් සහෝදරයා තමයි මේ කතා බහට අදාල පොටෝ එක මූණු පොතට අප්ලෝඩ් කරලා තිබුනේ. මේ කතාව අපේ රටේ මාධ්‍යවේදියෙකුට පන්සිල් පද පහ වැරදුන සිද්ධියක් ගැන. මුලින්ම මේ පොටෝ එක බැලුව නම් හොඳයි කියල හිතෙනවා. එතකොට ඔයාලටත් තේරෙයි මං මේ කියන්නේ මොකක් ගැනද කියල.

ඔයාල මොකද මේ සීන් එක ගැන කියන්නේ?
අත් වැරදීම් වෙන්න පුළුවන්, ඒත් මේවයෙ proof  බලන අයවත් නැද්ද? මමත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානකොට වෙන කාට හරි කියල චෙක් කොරවල තමයි දාන්නෙ.
හැබැයි නිසංස කියන විදියට දැන් ස්කොල වලට ළමයි දාගන්න ගියාම ඇත්තටම පලවෙනි සිල් පදේ කැඩෙන තත්වයක් එන්නත් බැරි නෑලු. හී හී.....

Sunday, August 21, 2011

ක්‍රිකට් සහ අපි

මැච් එකට පෙර දිනය:
මචං හෙට මැච් එකක් තියෙනවද? කීයටද? 

ඔය වගේ ප්‍රශ්න කෝටියකුත් තව එකක්,
විද්වත් කතා බහ  ඇහෙනවා හැම තැනම.
මීට පෙර තතු විත්ති විශ්ලේෂණ කරයි 

මේ ground එක මුලින් බැට් කරන්නට හොඳයි
අපේ දඟ පන්දුවට  ෂුවර් එකට විකට් යයි
පොන්ටින් ව කැඩුවොතින් මැච් එකම ගොඩ තමයි
මේ පාර පැරදුනොත් ranking පහල යයි

match එකට පැයකට කලින්:


කොල්ලො විස්සක් විතර ඇවිත් කාමරෙ පුරා 
පිරෙනවා ඇඳන් උඩ මේස උඩ හැමතැනම
කව්ද අද මැච් එකට ගහන එකොලොස්දෙනා 
හපොයි අර ඩයල් එක අදත් ඉන්නව නේද?

තේරීම් කමිටුවට දෙස් දෙවොල් කෝටියයි
මෙයා නැති team එකක් හදනු බැරි ඇයි අසයි
පොඩි උන්ට චාන්ස් ඒක දෙන්නේම නැති හැඩයි 
මෙහෙම ගියොතින් ක්‍රිකට් නැති වෙනවා සහතිකයි 

පටන් ගන්නත් කලින් කොල්ලොන්ගෙ හිත රිදෙයි
ඒත් නෑ යන්නෙ නම් හැර දමා team එක 
අවසාන පන්දුවත් යවා අවසන් තුරුම 
සටන වෙත හිත යොමා සීරුවෙන් බලන්නෙමු

 මැච් එක ආරම්භ  වී පැය පහකට පමණ පසු:

ක්‍රිකට් එපා වෙන තැනට වැඩ සිදු වෙලා නේද?
අපේ සිංහයො රැළට කුමක් සිදු වී ඇත්ද?
නිවා tv කබල ඇදෙයි එක එකා තම
කාමරය වෙතට වැඩ ආරම්භ කරන්නට

නිකමට වගේ යනවා cricinfo දිහාවට
ඉන්දියා එංගලන්තයෙ තරඟ වදිනවා 
අමර කෑමක්  කන්නෙ ඇඩ්රසුත් නැති වෙන්න
ලෝක ශූරයො දන ගහයි සුද්දා ඉදිරිපිට

සේවාග් අවුට් වී තඩි බින්දු ගෙඩියකට
තාම නෑ 300 ගහල මැච් තුනකටම
සුද්දො ටික නෙලනවා උන්ගේ බෝලර්ස් ලාට
3ක් දිනු සුද්දන්ට  ඉතුරු එක කජ්ජක්ද  

මාර ආතල් අපිට මේ සීන් දකින විට
අපේ දුක නිවී යයි සතුට ඇත ඉතිරෙන්න
අපේ උන් දිනන්නෙම නැති නිසා තියෙන දුක
නැති වෙනවා ඉන්දියා කන විදිය දැක්කාම 

ඉන්දියාවේ උනුත් මේ විදියටම ඇති 
කන්ගරුන් දිනන විට උන්ට ඇති මාර ජොලි
කමක් නෑ තව මැච් එකක් තියෙනවා නේද
ඒකවත් ගහමු අපි කන්ගරුන් කුඩු වෙන්න 

Monday, August 15, 2011

CGR එක කලාකාමී වූ වගයි.....

අද උදේ මම කැම්පස් එන්න කියල හිතාගෙන නැග්ගා රුහුණු කුමාරියට අම්බලන්ගොඩින්. 
මොරටුවේ රුහුණ නවත්තන්නෙ නැති නිසා කළුතරින් බැස්සා. කළුතරින් තියෙනවා මොරටුවේ නවත්තන කෝච්චියක්. ඒක මං යද්දි flatform  එකට අරන් තිබුනෙ නෑ. යාර්ඩ් එකට ගිහින් කෝච්චියට නැග්ගා විතරයි, මට දැනුනේ නිකන් දේවාලෙකට ගියා වගේ. නැත්නම් මහනුවර යුගයේ නිෂ්පාදනය කරපු කෝච්චි පෙට්ටියකට නැග්ගා වගේ. දොර ඉස්සරහම ටොයිලට් එකක්. ඒකෙ දොර නියම කලාකාමී ස්වරූපයකට  නිර්මාණය කරලා තිබුනේ. වැඩිය සෙනගත් හිටියේ නැති නිසා මං ඉක්මන් කරලා ගත්තා පුළුවන් විදියට පොටෝ කෑල්ලක්.

Thursday, August 11, 2011

එක්තරා රැයක්


රාත්‍රිය එළඹිලා දෑස නිදි බර වෙලා
සැතපෙන්න කාලයයි තනි යහන මට සුවයි
ඇස් වසාගතිමි මා ඇරයුම් කරමි නුඹට
නිදි දෙව් දුවේ එන්න මා සොයා මා සොයා

සිහින ලොව සැරි සරන අතර තුර මා යසට
තව කෙනෙක් වෙර දරයි බිඳින්නට ම‍ගෙ නින්ද
අවසර නැතත් ඇයට මා අසල දැවටෙන්න
මද සුලඟෙ දැවටිලා එනවා ඈ මා වෙතට

සවනතට ලංව ඈ රහස් කොඳුරන විටක
නිදි දෙව් දුවද මා හැර දමා යයි දුරට
මගේ ගත සලිත වී යයි ඇගේ පහස ලැබ
සිතේ තෙරපෙන හැඟුම තවත් බෑ ඉවසන්න

හිතුනි මට කෑ ගසා කියන්නට මුළු ලොවට
ඇසෙන ලෙස මේ ලෙසින්
                     |
                     |
                     |
                     |
                     |
                   \  /
                    \/
මොන මගුලක් ද මේ?
නිදා ගන්න දෙන්නෙවත් නෑ..


අම්මේ......., මදුරු කොයිල් ගෙනාපුවා නැද්ද?
මේ මදුරු‍වො කනවා...

Sunday, August 7, 2011

රටක් කැළඹූ නර්තන විලාසය!


පසුගියදා අසංක විසින් ඉදිරිපත් කල නර්තන අංගය හේතුවෙන් මුළු රටම මහත් කැළඹීමකට පත් වී ඇති බව AUDiOnline වෙත වාර්තා වෙනවා. මෙතෙක් කලක් දියුණුවෙන් දියුණුවට පත් වුනු ශ්‍රී ලාංකීය නර්තන ක්ෂේත්‍රයට වැදුන මරු පහරක් ලෙස නර්තන ක්ෂේත්‍රයේ විචාරකයන් මේ සිදුවීම පෙන්වා දෙනවා.
(මීට පෙර මෙම සිදුවීම නොදුටු අය ඇත්නම් මෙම ලින්කුව මගින් දැක බලා ගත හැක.)

මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට විරෝධය  දැක්වීම සඳහා පසුගිය දිනක නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී විසි පහක් පමණ වූ අධික ජනකායකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වුණා. විරෝධතා කරුවන් අදහස්  දක්වමින් මෙවැනි සිදුවීම් වහාම නතර කල යුතු බව ප්‍රකාශ කල සිටි අතර නැටුම් සංගායනාවක් කිරීමට කාලය එළඹ ඇති බව පෙන්වා දෙනවා.

Tuesday, August 2, 2011

අපි නොදන්න Dancing


බ්ලොග් එක පටන් අරන් දැන් මාස හයක් වෙන්න ඇවිත්. මං ඔයාලට ඇහෙන්න සින්දු කිව්වා. කතා කිව්වා. සින්දු වගේ කතා, කතා වගේ සින්දු..
අද වෙනස්ම දෙයක් දෙන්නයි ලෑස්තිය.
මේක මගේ FB friends ලට නම් අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් බ්ලොග් එකෙත් දාන්න ඕනෙ කියල හිතුන.
මේකයි කතාව.
මාව ස්කොලේ කාලෙ ඉඳන්ම රෙජිස්ටර්  වෙලා තිබුනෙ සින්දු කියන්නයි ගිටාර් ගහන්නයි තමයි. ස්කොලේදී මොන function එක තිබ්බත් ඒකෙ සින්දු කියන වැඩ කටයුතු ටික බාර සෙට් එකට මගේ නමත් වැටෙනවා නිකන්ම වගේ.
මුලින්ම ස්කොලේ සංගීත අංගයකට stage නැගලා දැන් අවුරුදු එකොළහක් වෙනවා. ඒ අපි සමස්ත ලංකා සංගීත තරඟ වලට මුලින්ම සහභාගි වුන අවුරුද්ද. ඊට කලින් ඔය ස්කොලේ රැස්වීම් වල එහෙම සින්දු කියපුව අත ඇරලා තමයි ඔය ගාන හැදු‍වෙ හොඳේ. එදා ඉඳන් ඉතින් මමයි ගිටාර් එකයි කියන්නෙ ස්කෝලෙ අයට "cow boy සහ අශ්වයා" ගානටම හුරු පුරුදු දර්ශනයක් තමයි.
Related Posts Plugin for WordPress, Blogger...