Thursday, June 30, 2011

Printouts Without Computers!

ඊයේ දහය දොළහ ලෙක්චර් එක ඉවර වෙලා අපි කන්න යන්න සෙට් වුණා. කට්ටියකට ආපහු හවස එකට ලෙක්චර් එකක්. ඒකෙ බාර දෙන්න assignment එකකුත් තිබුන නිසා යාලුවෝ ටික කෑම ගන්න කලින් ගියා  printout ගන්න කඩේකට. මමත් ඉතින් හදිස්සියක් නැති නිසා එයාලත් එක්කම ගියා කඩේ ඇතුලට. අපි ගිහින් කිව්වම අපිට printout ගන්න ඕන කියල , පැත්තක on කරලා තිබුන computer එකක් පෙන්නුවා අපිට. අපේ කස්ටියත් ඒකෙ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ගහල ඕන කරන image එක printout එක ගත්තා. හැබැයි landscape වලට formatting හදල ගන්න ගිහින් දෙතුන් පාරක් වැරදුණා වැඩේ. අන්තිමට දන්න සෙල්ලම් සේරම දාලා කොහොම හරි වැඩේ කර ගත්තා කියමුකෝ. ඊට පස්සේ තමයි මතක් වුනේ cover page එකකුත් ඕනෙ නේද කියල. පටස් ගාලා MS word open කරගෙන cover page එකකුත් හදල ප්‍රින්ට් කර ගත්තා.  

Sunday, June 26, 2011

ගුරුන්ටත් අකුරු වරදී: Doppler Effect


අද මම ඔයාලට කියන්න හදන්නෙ ස්කොලේ අකුරු කරන කාලේ අපේ සර් කෙනෙක් අපිට කියපු කතාවක්. අද ගෙදර ඉඳන් හොස්ටල් එකට එද්දි කටුබැද්ද හන්දියෙ පාර මාරු වෙන්න ඉන්නකොට color lights දැකලා තමයි මේක මතක් වුනේ. මට මතක විදියට මේක කිව්වේ අපේ combined maths කරපු විජේපාල  සර්. හැබැයි මේක physics පැත්තට තමා බර. ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ. තේරෙන්නෙම නෑ වගේ නම් කුචි කවාගෙන වත් හිනාවෙන්නකෝ. 
දවසක් physics විශාරද මහාචාර්යවරයෙක් තමන්ගේ වාහනය පදවාගෙන යද්දී වර්ණ සංඥා සහිත හන්දියකට ආවා. රතු එළිය වැටිලා තියෙද්දී වාහනේ ඉස්සරහට අරන් ගිහින් පොලිසියට අහු වුනා. දඩයක් කාලා හරි පොලිස් මාමාට අත යටින් ගානක් දීල හරි අපි නම් shape වෙනවනෙ ඔය වගේ වෙලාවට. ඒත් අපේ මහාචාර්යතුමා නම් කොහෙත්ම සැලෙන්නේ නැතිලු. දැන් වැරැද්ද පිළිගන්නෙම නැතිලු කරපු. පොලිස් අන්කල් ටත් හොඳටම පුෂ්පය එලියට ඇවිත්ලු තිබුණෙ.
"සර් මේක දඩයක් කාලා බේරගන්න ලෑස්ති නැත්නම් මං උසාවි දානවා. උසාවි ගිහින් බේර ගන්න" කියල කිව්වලු.
මහාචාර්යතුමත් කිව්වලු "හරි, ප්‍රස්නයක් නෑ අපි උසාවියේදී බලාගමු" කියලා.

Saturday, June 18, 2011

මල් වෙඩි @ New Ho(s)tel


මං කට්ටියට මඩ ගහනවා කියලා සෑහෙන්න චෝදනා එනවා. අනේ මන්ද ඉතින් මං නමක් ගමක් වත් සඳහන් නොකර කියපු කතා නිසා කට්ටියගෙ හිත රිදිලා වගේ. මං නම නැතුව දැම්මම සමහරු තොප්පිය ඔලුවේ දාගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒවට  මං මක් කොරන්නද?
ඒ නිසා ඔන්න කට්ටියගෙ හිත හැදෙන්නත් එක්ක මට වුණ වැඩක් ගැන කියන්නයි යන්නෙ අද.
මේක වුනේ අපේ හොස්ටල් එකේ(new ho(s)tel) ඉද්දි. අපේ කාමරේ බැල්කනි එක තමා හොස්ටල් එකේ තියෙන අවට සිරි නරඹන්න හොඳම තැන. World Trade Center එක ඇතුලු කොළඹ නගරය , බොල්ගොඩ ගඟ ආදී සියලුම දේ මේ බැල්කනි එකට පේනවා. 

Thursday, June 2, 2011

නිකන් ඉන්න බැරි කමට ගැයෙන ගී.

ඉස්සර ඉතින් දැන් වගේ කොම්පියුටර් එහෙම අපේ ගෙවල් වල නැති කාලයක් තිබුණනේ. ඒ කාලේ facebook යන්න වත් Fringe, Stargate, The Big Bang theory වගේ tv series ගොඩ දාන්න වත් විදියක් නැහැනේ. ඉතින් දැන් අහන්න එපා මගෙන් නිවාඩු වෙලාවක් හම්බුනාම මොකද කරේ කියලා. ඒ වෙලාවට පිහිටට හිටියෙ අපේ ගෙදර තියෙන ගිටාර් එක තමයි. මං ඉතින් කාමරේට වෙලා ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් දාගෙන ඉන්නවා. ප්‍රේක්ෂකයන් වෙන්නෙ කාමරේ කණ්ණාඩිය ඇතුලේ හිටපු මං වගේම කොල්ලෙක් විතරයි. හී හී...........
Related Posts Plugin for WordPress, Blogger...