Saturday, December 24, 2011

මම TV එකේ චිත්‍රපටියක් බැලුවෙමි


එකෝමත් එක රටක රබර් වගේ ඇදෙන්න පුළුවන් මනුස්සයෙකුයි පේන්නෙ නැතුව ඉන්න පුළුවන් ගෑණු ලමයෙකුයි හිටියා....
මේ දෙන්නා ආදරෙන් වෙලිලා හිටියේ..... 
මේ ගෑණු ළමයට වහා ගිනි ඇවිලෙන සුළු මල්ලි කෙනෙකුත් හිටියා..... 
තව මෙයාලට හොඳ යාලුවෙක් හිටියා හිපෝ කෙනෙක් වගේ

මේ අතරේ ලෝකෙම ගිලින්න බලාගෙන නපුරු සතෙක් එනවා. 
Surfing board එකක් උඩ වැඩ පෙන්නන ඩයල් එකකුත් මේ නපුරාගේ හෙල්ප් එකට එනවා.

කොහොම කොහොම හරි දිවි පරදුවට තියල මේ සෙට් එක සටන් කරනවා ලෝකෙම බේරගන්න.
ගෑණු ළමයා මැරෙන්නත් යනවා. 
ඒ අස්සේ අන්තිමට අර surfing board කාරයගෙත් උදව් අරන් නපුරාව එලවනවා. 

අන්තිමට  ලෝකෙම බේරෙනවා. 
යන්තම්, මැරෙන්න ගිහින් අනූ නමෙන් බේරුණ අර ගෑණු ළමයා සිහිය ආවට පස්සෙ මුලින්ම තමන්ගෙ මල්ලිව දැක්ක ගමන් වැළඳ  ගන්නවා.
ඊට පස්සේ කොටු කොටු වගයක් පේන්න ගත්තා....


_(&$*@_@$*$@%#!#3131(!!!!


ශික් විතරක්.....
අක්කට තමන්ගෙ මල්ලිව බදාගන්නවත් දෙන්නෙ නැති හැටි මුන් 
ඒකටත් දානවනේ කොටු කොටු 

7 comments:

  1. සිරාවටම. :-P
    හපොයි සංස්කෘතිය!!

    ReplyDelete
  2. ඒකෙන් අපේ චින්තනය වැරදි පැත්තට යොමු කරන්න හදපු වෑයමක්.

    ReplyDelete
  3. ඔතන කොටු නොදා තිබුනනම් කව්රැවත් තුට්ටුවකට ගනන් ගන්න එකක් නෑ! දැන් ඉතින් කී දෙනෙක් කන බත් පත පැත්තක තියල ඔය ගැන හිතන්න ඇද්ද????? අන්තිමට මොකද වෙලා තියෙන්නෙ?????

    ReplyDelete
  4. @නඳුන්:නෑ මචං
    මේ ෆිල්ම් එකේ අන්තිම තැන
    හැකියාවන් මාරු වෙන ප්‍රස්නේ ඉවරයි


    @MANUHARA:වෙන මොකක්ද ඉතින් , මේ ෆිල්ම් එක පෙන්නපු චැනල් එකේ උන් කොයි වගේද කියල හිතාගන්න පුළුවන්

    ReplyDelete
  5. චැනල් එක නම සිරස වෙන්න ඇති. යටින් දැම්මේ නැද්ද රජයේ නියෝග පරිදි කොටු දානවා කියලා?? :D

    ReplyDelete
  6. නැ මචා ඔතන කෙල්ල නැගිටින්නේ ඇඳුම් නැතුව එකයි කොටු දාන්නේ

    ReplyDelete
  7. http://www.youtube.com/watch?v=kIJWmqB6zVo&feature=player_detailpage



    මෙන්න මේ සීන් එකෙන් පස්සේ තමයි මචං මල්ලි ඇවිත් කෙල්ලව බදා ගන්නේ
    මට හිතාගන්න බ කොහොමද ඇඳුම් නැති වුනේ කියලා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...