Thursday, December 8, 2011

ලාබයි ඇපල්.......

මම සාමාන්‍ය පෙළ විභාගෙට ලක ලෑස්ති වෙන කාලෙදි සංගීත පන්තියකට ගියා. කළුපහන සර් කියලා හැමෝම ආමන්ත්‍රණය කරන හැමෝගෙම ආදරය දිනාගත්තු බොහොම හොඳ සර් කෙනෙක් තමයි මේ පන්තිය මෙහෙයුවේ.
පන්තියෙ උගන්වන ගමන් කම්මැලි කම යන්නත් එක්ක රස කතාවක් එහෙම කියන සිරිතක් සර්ට තිබුණා. දැන් ඉතින් ඒ සේරම කතා නම් මතක නෑ, පන්ති ගිහිල්ලත් අවුරුදු අටක් වෙනවනේ. ඒත් කතා දෙක තුනක් තාමත් හොඳට මතකයි. අද කියන්න යන්නේ ඒ විදියට මම අහපු කතාවක්.


එක දවසක් පාසලක ගුරුවරයෙක් පංතියෙ උගන්වමින් ඉන්න අතරතුරදී පන්තියේ ළමයි කෑම කාලා සර්ට අහු වුනාලු.
එසේ මෙසේ කෑමකුත් නෙමෙයි මුන් ටික කාලා තියෙන්නේ. ඇපල් වගයක් කාලා තියෙන්නෙ.
මේක දැකල හොඳටම කේන්ති ගියපු ගුරුතුමා ඇපල් කාපු ළමයි ටික පන්තිය ඉස්සරහට අරගෙන දැන් හොඳටම දෙහි කපනවලු.
ආපහු ජීවිතේට ඇපල් කන්න හිතෙන්නෙ  නැති තරමට එපා වෙන්නම බනිනවලු සෙට් එකටම. 
කොල්ලො ටිකත් මේ දේශනාව අහගෙන ඉන්නවා වගේ කර බාගෙන  ඉන්නවලු පන්තිය ඉස්සරහට වෙලා. මේ  වගේ අත්දැකීම් තියෙන අය දන්නවා ඇතිනේ. හබරල කොලයක් උඩට වතුර වැටුනා වගේ තමයි ඔය වෙලාවට. සර් කියන කිසිම දෙයක් ඔලුවේ රැදෙන්නේ නෑ 

මේ කොල්ලො සෙට් එක අතරේ හිටපු කටකාර කොල්ලෙක් කට කහනවටද කොහෙද මෙහෙම ඇහුවලු සර්ගෙන්...
"සර්, සර්ටත් ඇපල් කෑල්ලක් දෙන්නද?" 

මේක අහපු ගමන් සර්ගේ කේන්තිය ඩබල් ට්‍රිබල් වෙලා මෙහෙම කිව්වලු

"ඇපල්???
මට ඔහෙලගෙ ඇපල් ඕන නෑ 
අපේ මස්සිනා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ , මිනිහ මට එහෙන් එවනවා ලොකු ඇපල්, ලොකු වැඩි කමට දුසිමට හයයි අල්ලන්නේ"
හික් හික්!
මෙතනින් පස්සෙ මොකද වුනේ කියා නම් කළුපහන සර් අපිට කීවේ නැත 

6 comments:

  1. etha kota dusin bageta apal 3i da danne ne neeeeda...hee heee.. :P

    ReplyDelete
  2. බලාගෙන ගියාම සර්ලෑ ඇපල් තමා ගනන්ම.

    ReplyDelete
  3. ඒකත් නරකමෙ නෑ.ඒ ඇපල් සෑහෙන ලොකු ඇති මයෙ හිතේ.

    ReplyDelete
  4. @Shayanga:නෑ නෑ දුසිම් බාගෙට දෙකයිලු අල්ලන්නේ
    ඔස්ට්‍රලියාවේ ඇපල් ඕන තරම් තියෙන නිසා දුසිමක් ගත්තම දෙකක් නිකන් දෙනවලු
    එහෙම තමයි දුසිමට හයක් සෙට් වෙන්නේ
    :D

    ReplyDelete
  5. ahaaa ehemada...... ehe wena mukuth wadipura nedda danne ne needa ayyaaaa... :p

    ReplyDelete
  6. කළුපහන සර්ගේ හොඳම කියමන තමයි; "මගේ පන්තියට ආපු ළමයෙක් Aඑකක් නොගෙන ඉන්න සෑහෙන්න මහන්සිවෙන්න ඕනේ" කියන එක. :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...