Tuesday, October 18, 2011

මියැසි , The Final Year Project

මෙච්චර කල් කරපු ෆන් වැඩ ගැන බ්ලොග් එකේ පෝස්ට් දාපු මම academic පැත්තෙ දෙයක් ගැනත් ඔයාලට කියන්න ඕන කියලා හිතුවා. මොකද නැත්නම් කට්ටිය හිතයි මම කැම්පස් එකේ සින්දු කිය කියා ඉන්න එක විතරයි කියලා කරන්නෙ.ඒ නිසා අපේ Final Year Project එක ගැන විස්තරයක් කියන්න තමයි මම අද ඔන්න ලෑස්ති වෙන්නේ. මීට අවරුද්දකට විතර කලින් පටන් ගත්ත Project එක දැන් නම් demonstration , viva සේරම තියල ඉවරයි. මේ ටිකේම අපි මේ Project එක විවිධ තරඟ වලට , ප්‍රදර්ශන වලට අරන් යන එක තමයි කරන්නෙ. ඒ නිසා හිතුනා බ්ලොග් අවකාශයෙත් Project එක ගැන පොඩි ඇඩ් එකක් දාන්න කාලෙ හරි කියලා.

Music Field එකට අදාල මාතෘකාවක් යටතේ තමයි අපි මේ research project එක කරේ. දැන් ඉතින් කියන්න එපා මම computer engineering කරන්න ගිහින් ඒ අස්සෙත් music සක්කයක් ගහලා කියලා. මේක මම ප්ලෑන් කරලා කරපු වැඩක් නම් නෙමෙයි ඔන්න. බොහොම අහම්බෙන් සිද්ධ වුන දෙයක්. අපි හතර දෙනෙක් (හසිත, නජ්ලා, තිලංක, මම) සෙට් වෙලා project එක කරන්න ගෘප් එකක් හදාගත්තට පස්සෙ මුලින්ම ටොපික් එකක් නැතුව හිටියේ. ටික දවසක් project idea එකක් හොය හොය ඉද්දි අපිට උගන්වන ශහානි වීරවර්ණ ආචාර්යතුමිය යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුන මෙන්න මේ වගේ. Automatic Music Transcriber එකක් නිර්මාණය කිරීම තමයි ඒ යෝජනාව. අපේ කණ්ඩායමේ නායකයා හසිත මේ යෝජනාව බාර අරගෙන තිබුනා කොහොම හරි . 


ඉස්සර වෙලාම අපි බලමුකෝ මේ Automatic Music Transcriber එකක් කියන්නෙ මොකක්ද කියලා.හිතන්නකො ඔයාලා ආස සින්දුවක audio track එකක් ඔයාලා ගාව තියෙනවා,  ඒක සංගීත භාණ්ඩයක වාදනය කරලා බලන්න කැමතියි. නමුත් ඒකෙ ස්වර ප්‍රස්ථාරය ඔයාලට හොයා ගන්න විදියක් නෑ කියලා, අන්න ඒ වගේ වෙලාවක audio track එක input එක විදියට  දීලා output එක විදියට ස්වර ප්‍රස්ථාරය  ගන්න පුළුවන් software එකක් තියේ නම් කොච්චර වටිනවද? 

අපේ research එක වුනෙත් ඒ විදියේ software එකක් කොහොමද  නිර්මාණය කරන්නෙ කියන එකයි. සංගීතය මුලික වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන් monophonic, polyphonic විදියට.
monophonic යනුවෙන් අදහස් කරන්නෙ ඕනෑම වෙලාවක එක ස්වරයක් පමණක් ඇහෙන සංගීත ඛණ්ඩ
polyphonic යනු එක ස්වරයකට වඩා එකම වෙලවේදී ඇහෙන සංගීත ඛණ්ඩ



polyphonic සංකීර්ණ වැඩි නිසා අපි පළමුවෙන් තෝරාගත්තේ monophonic music. අපි ප්‍රථමයෙන්ම monophonic music piece එකක් සාර්ථකව ස්වර වලට වෙන් කරන්න පුළුවන් විදියෙ software එකක් ගොඩනැගුවා. ​input එක විදියට WAVE file එකක් තමයි ලබාදෙන්න ඕන.මෙහි output එක විදියට ස්වර ප්‍රස්ථාරය ලබාදෙන අතරේ ඒ ස්වර ප්‍රස්ථාරයට අදාල midi file එකක් නිර්මාණය වෙනවා. අවශ්‍ය කෙනෙකුට ලබාදීපු original file එක සහ midi file එක වාදනය කර සංසන්දනය කිරීමෙන් නිවැරදිතාව ගැන වැටහීමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙම ස්වර ප්‍රස්ථාරය image එකක් විදියට save  කරගැනීමට හෝ printout එකක් වශයෙන් ලබාගන්නත් හැකියාව තියෙනවා 





ඉන්පසුව user ට හැකියාව තිබෙනවා මෙම midi file එකට විවිධ වෙනස් කම් කිරීමට. software එක විසින් ලබාදෙන ස්වර ප්‍රස්ථාරයේ වැරදි තිබේ යයි කියා හැඟෙනවා නම් ස්වරයක සංඛ්‍යාතය වෙනස් කිරීම, ස්වරයක් වාදනය වන කාලය වෙනස් කිරීම , transpose කිරීම වැනි කාර්යයන් මේ මගින් ඉටු කරන්න පුළුවන්. 



මෙම අදියරෙන් පසුව අපි අවධානය යොමු කළේ instrument classification යන අංශයට.ලබාදෙන සංගීත ඛණ්ඩය වාදනය කර ඇති සංගීත භාණ්ඩය හඳුනා ගැනීම තමයි මෙහිදී අපේ අරමුණ වුනේ. එක එක සංගීත භාණ්ඩයෙන් එකම ස්වරය වාදනය වීමේදී වුවත් නිකුත් වන තරංගයේ හැඩය එකිනෙකට වෙනස්. ගිටාරයකින් නිකුත් වන හඬ පියානෝවකින් නිකුත් වන හඬට වඩා වෙනස් වෙන්න මේ හේතුව බලපානවා . සංගීතයේදී මෙම ලක්ෂණය හඳුන්වන්නේ ධ්වනි ගුණය යනුවෙන්, අපි සංගීත භාණ්ඩය හඳුනා ගැනීමට භාවිත කලෙත් මේ තරංග වල හැඩය. එක එක තරංගයේ හැඩය විශ්ලේෂණය කිරීමෙන් තමයි අපි අදාල සංගීත භාණ්ඩය   හඳුනා ගන්නේ. මේ සඳහා අපි Neural Network  එකක් භාවිතා කරනවා.


ඔය කිව්වේ අපේ  project එක ගැන පොඩි විස්තරයක්.අපි මේ Project එක තරඟ කීපයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවායින් ලබාගත්ත  ජයග්‍රහණ  කීපයක් තමයි පහතින් දක්වලා තියෙන්නෙ.
 ICTer 2011: International Conference on Advances in ICT for Emerging Regions, conference එක සඳහා පෝස්ටර් ඉදිරිපත් කිරීමක් සඳහා සුදුසුකම් ලැබීම 
ශ්‍රී  ලංකා ඉංජිනේරු ආයතනය(IESL) මගින් සංවිධානය  කරන ලද Undergraduate Inventor of the Year 2011 (UIY 2011) තරඟයේ දෙවන ස්ථානය
 NBQSA 2011(National Best Quality ICT Awards 2011)  තරඟයේ විශේෂ ඇගයීම් සහතිකය 
Miyaesi: Leveraging Java Sound Programming Interface for Automatic Music Transcription යන මාතෘකාව සහිතව අපි ඉදිරිපත් කරන ලද research paper එකක් International Conference on Software and Computing Technology (ICSCT 2011)  හිදී වාචික ඉදිරිපත් කිරීමක් (oral presentation)  සහ publish කිරීම සඳහා සුදුසුකම් ලබලා තියෙනවා. දෙසැම්බර් මාසයේදී මෙම conference  එකට සහභාගී වීමට අප කණ්ඩායම සිංගප්පුරුව බලා යාමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


විශ්ව විද්‍යාලයෙන් project එක සඳහා ලබා දී තිබෙන කාල සීමාව අවසන් වුනත් ඉදිරියටත් මේ සඳහා වැඩි දියුණු කිරීම් එකතු කිරීම තමයි අපේ අරමුණ. අපේ  project එකේ ක්‍රියාකාරීත්වය කෝමද කියලා බලන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවා නම් ...

4 comments:

  1. ela kollo,man ubalage IESL presentation ekai, poster ekai baluwa. eth dan tamai hari idea ekak awe.maxaaa project ekak.ubala aniwa IESL 1st place win karanna ona.ara pera. battery project eka new inventer ekak nemei.karapan digatama. :)

    ReplyDelete
  2. ජය වේවා!!!........ඔබලාට

    ReplyDelete
  3. congratulations kattiyatama!!! :) hondata karala thiyenawa. uparimai.. :)

    ReplyDelete
  4. අයියා මරේ මරු....ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මේක මාකට් කරන්න...මම හරිම ආසයි මේක පාවිච්චි කරලා බලන්න....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...