Tuesday, August 2, 2011

අපි නොදන්න Dancing


බ්ලොග් එක පටන් අරන් දැන් මාස හයක් වෙන්න ඇවිත්. මං ඔයාලට ඇහෙන්න සින්දු කිව්වා. කතා කිව්වා. සින්දු වගේ කතා, කතා වගේ සින්දු..
අද වෙනස්ම දෙයක් දෙන්නයි ලෑස්තිය.
මේක මගේ FB friends ලට නම් අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් බ්ලොග් එකෙත් දාන්න ඕනෙ කියල හිතුන.
මේකයි කතාව.
මාව ස්කොලේ කාලෙ ඉඳන්ම රෙජිස්ටර්  වෙලා තිබුනෙ සින්දු කියන්නයි ගිටාර් ගහන්නයි තමයි. ස්කොලේදී මොන function එක තිබ්බත් ඒකෙ සින්දු කියන වැඩ කටයුතු ටික බාර සෙට් එකට මගේ නමත් වැටෙනවා නිකන්ම වගේ.
මුලින්ම ස්කොලේ සංගීත අංගයකට stage නැගලා දැන් අවුරුදු එකොළහක් වෙනවා. ඒ අපි සමස්ත ලංකා සංගීත තරඟ වලට මුලින්ම සහභාගි වුන අවුරුද්ද. ඊට කලින් ඔය ස්කොලේ රැස්වීම් වල එහෙම සින්දු කියපුව අත ඇරලා තමයි ඔය ගාන හැදු‍වෙ හොඳේ. එදා ඉඳන් ඉතින් මමයි ගිටාර් එකයි කියන්නෙ ස්කෝලෙ අයට "cow boy සහ අශ්වයා" ගානටම හුරු පුරුදු දර්ශනයක් තමයි.

දැන් කැම්පස් ආවට පස්සෙත් ඔය "සංගීත" ලේබලය මගෙන් අයින් වුනේ නෑ කියල ඔයාලට තේරෙන්න ඇති   මගේ කලින් පොස්ට් වලින්. කොටින්ම අපේ බැච් එකේ කොල්ලෙක් මගේ නම්බර් එක උගේ ෆෝන් එකේ සේව් කරගත්තෙ  "Guitar -Uni " කියලා. තාමත් එහෙමද මන්දා.
 ඒත් මෙච්චර කාලෙකට ගොඩක් අය නොදන්නා දෙයක් තිබුන. ඒ තමයි මම dancing වලට ගොඩක් ආසයි කියන කාරණේ...
ඇත්තම කිව්වොත් මම ඉස්සෙල්ලම ස්කෝලෙ නියෝජනය  කරන්න තරඟෙකට කියල සහභාගී වුනේ නැටුම් තරඟෙකට. ඒත් පස්සෙ කාලෙක දිගටම සංගීතය විෂයක් විදියට හදාරපු නිසා මට ඒ පැත්තට අවදානයක් දෙන්න බැරි වුණා. ඒත් ඉතින් අර හිතේ තිබුන ආසාව  නම් නැති වුනේ නෑ. කිසිම ශාස්ත්‍රීය   දැනුමක් නැති වුනත් කැම්පස් එකේ night වලයි අපේ get together වලයි dJ එකට නටන්න ගියේ ඒ ආසාව පිරි මහ ගන්න.

මේ පාර 10 කණ්ඩායමේ නංගිලා මල්ලිලාට අපේ department එකෙන් තියපු welcome එකේදී (VibeZ 2011) එක තරඟයක් තිබුනේ කණ්ඩායමේ සේරම එකතු වෙලා dance එකක් කරන්න.හැම team එකටම සින්දුව ගානෙ දීලා තිබුණා. 
පට්ටම Tamil සින්දුවක් අපේ team එකට හම්බ වෙලා තිබුනේ. ඇඟ දෙකට කැඩෙනකන් නටන්න පුළුවන් ඒකට. කෝම හරි ඒ වෙලාවේ අපි කස්ටිය එකතු වෙලා හදාගෙන කරපු dance එකෙන් අපි පලවෙනි තැනත් ගත්තා.
ඔහොම ඉන්න අත‍රෙ පහුගිය දාක අපේ Flares de flairs talent show එකේදි මෙච්චර කල් කාටවත් නොපෙනෙන්න නටපු මගේ නැටුම් හැමෝටම පේන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා.
bachana e haseeno ගීතයට තමයි අපි නැටුම ඉදිරිපත් කරේ...
හි හි...
තාම නම් කිසි අවුලක් වුනේ නැහැ හැබැයි
තක්කාලි කුණු බිත්තර ප්‍රහාර  වලින් තොරව පාරේ බැහැල යනවා දැනටත්.

මේ පින්තූරේ ඉන්නේ මමත් එක්ක නැටුමට සහභාගී වුණා අනිත් යාලුවෝ දෙන්නා..

level 1 එකේ චාමික මල්ලි සහ අපේ බැච් එකේ අකිල සහෝදරයා.
අකිල තමයි මගේ නැටුම් ගුරුවරයා. එයාට පින් සිද්ද වෙන්න තමයි මේ විදියට හරි යන්තම් අත පය හොලවගන්න පුළුවන් වුනේ. talent show එකේදී තව dance එකක් ඉදිරිපත් කරාට දැනට ඒක බ්ලොග් එකේ දාන්න හැකියාව නැහැ. පස්සෙ වෙලාවක පුළුවන් වුනොත් ඒකත් දාන්නම්කෝ...
ආයිත් පාරක් මේ වගේ chance එකක් හම්බ වුනොත් අනිවාර්යයෙන්ම dance කරනවා. අපි බලමුකෝ ඉස්සරහට.
එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එක බලලා comments දේවි කියල හිතනවා. 

මට මේ dance එකට අවස්ථාව ලබා දුන්න හැමෝටමත්, නැටුම උගන්නපු අකිල සහෝදරයාටත්, චාමික මල්ලිටත් , මේක වීඩියෝ කරලා You Tube දාපු  සුජිත් අයියටත්, නැටුම බලලා වචනෙකින් හරි ප්‍රතිචාර දක්වපු හැමෝටමත්  බොහොම ස්තූතියි. 



10 comments:

  1. සහෝදරයා මොරටු කැම්පස් එකේ ද ?
    ලෙවල් ගැන කියන්නේ මොරටු කට්ටිය නේ !!!! ඒකයි එහෙම ඇහුවේ !!!

    ReplyDelete
  2. @මධුරංග:
    ඔව් සහෝදරයා
    මං මොරටුවෙ. පරිගණක ඉංජිනේරු විද්‍යාව තමයි කරන්නේ.

    ReplyDelete
  3. පැක්ටිස් කරන්න වේලාවක් ලැබිලා නෑ වගේ.. එත් ඔයා හොදට කළා මල්ලී.. :)

    ReplyDelete
  4. @චතුමිතු : ඔව් ඔව්
    වරු දෙකක් විතර තමයි ප්‍රැක්ටිස් කරේ.
    තැන්කූ කමෙන්ටුවට.....

    @නදී :තැන්කූ තැන්කූ!!!

    ReplyDelete
  5. අමතක නොවන අත්දැකීමක්. අසංක ගේ සැඟවුණු දක්ෂතාවක් මතුකර ගැනීමට හැකි වුනු එක ගැන මට සතුටුයි. චාමික මල්ලි නැගී එන තරුවක්.

    ReplyDelete
  6. මහත එක්කෙනා හොදට ඩාන්ස් කරනව.
    එතකොට ඔයා කවුද මෙතනින්?

    ReplyDelete
  7. @නදී:මම තමයි වම් පැත්තෙ කොනේම ඉන්නේ

    @අකිල: උඹ නිසා තමයි මේ සේරම. ඇත්තටම එහෙම සැගවුණු දක්ෂතාවක් තිබුනද මචන්?
    හික් හික්

    ReplyDelete
  8. අපි ඔයාට අම්බලන්ගොඩ ඩාන්සින් ස්ටාර් කියල දාන්න ඉන්නෙ. කමක් නැහැනේ?

    ReplyDelete
  9. woooow mechchara lassanata ape asanka aiyata dance karranna puluwan kyala htuwe nane lassanai aiye

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...