Monday, August 15, 2011

CGR එක කලාකාමී වූ වගයි.....

අද උදේ මම කැම්පස් එන්න කියල හිතාගෙන නැග්ගා රුහුණු කුමාරියට අම්බලන්ගොඩින්. 
මොරටුවේ රුහුණ නවත්තන්නෙ නැති නිසා කළුතරින් බැස්සා. කළුතරින් තියෙනවා මොරටුවේ නවත්තන කෝච්චියක්. ඒක මං යද්දි flatform  එකට අරන් තිබුනෙ නෑ. යාර්ඩ් එකට ගිහින් කෝච්චියට නැග්ගා විතරයි, මට දැනුනේ නිකන් දේවාලෙකට ගියා වගේ. නැත්නම් මහනුවර යුගයේ නිෂ්පාදනය කරපු කෝච්චි පෙට්ටියකට නැග්ගා වගේ. දොර ඉස්සරහම ටොයිලට් එකක්. ඒකෙ දොර නියම කලාකාමී ස්වරූපයකට  නිර්මාණය කරලා තිබුනේ. වැඩිය සෙනගත් හිටියේ නැති නිසා මං ඉක්මන් කරලා ගත්තා පුළුවන් විදියට පොටෝ කෑල්ලක්.
මේක බලලා කියන්නකෝ ඔයාල කවද හරි දැකල තියේද කියල මේ වගේ දොරක් ලංකාවෙ කෝච්චි පෙට්ටියක? සුසිත සහෝදරයා නම් කියනවා මීටත් වඩා ලස්සන දොරක් තියෙනවා කියලා.


පොටෝ එකේ quality එක නම් මදි තමයි. W200i එකකින් ගත්ත නිසා වෙන්න ඇති හොඳේ.
මෙච්චර කාලෙකට කෝච්චි වල නම් ගිහින් තියෙනවා ඕන තරම්. එක එක ජාතියේ color codes  දැකලත් තියෙනවා. රතු, රතු කොළ, නිල් කහ, රතු නිල්, තැඹිලි , කහ,.....
තව ලයිෆ්බෝයි ,  සිග්නල්, aviva ඇඩ් පේන්ට් කරපු කෝච්චිත්  දැකලා තියෙනවා.
ඒත් මේ වගේ ටොයිලට් දොරක් නම් මං ජීවිතේට දැකලා නැත. බලන්න අපේ දුම්රිය සේවය කොයි තරම් කලාකාමී වෙලාද කියලා.
මට මැවිලා පේනවා. කෝමද එන්ජින්  වලටත් මල් වැල්, පලා පෙති මෝස්‌තර වගේ දාල paint කරලා ගත්ත නම්. අර පකිස්තානෙ බස් වගේ තියේවි. ඔන්න පකිස්තානෙ බස් එකක පොටෝ එකකුත් දානවා කට්ටියට බලාගන්න. මේක නම් ගත්තේ මම නෙමෙයි හොඳද.....

ආහ්! තව දෙයක් කියන්න හිතුණා. ලංකාවේ තියෙන කෝච්චි වලට පාට තීරණය වෙන්නෙ ඒ කාලෙ බලේ ඉන්න පක්ෂය අනුවලු.
UNP කා‍ලෙ ගෙනාපුවා කොළ, රතු.
ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ ආණ්ඩු කාලෙ ආපුවා නිල්  ,සුදු සහ කහ පාට.
අර තැඹිලි පාට කෝච්චියට විතරයි ඒ theory එක අදාල වෙන්නෙ නැත්තේ. 

9 comments:

  1. ටොයිලට් 1කෙ ඇතුලේ එහෙම ෆොටො ගැහුවේ නෑ නේද ??

    ReplyDelete
  2. මොරටුව හරිය සෙට් වෙනකොට දම්වල අදින්න තිබ්බනේ. එතකොට කෝච්චිය නවත්ත ගන්න තිබ්බා. නියම කෝච්චියක් නේ.

    දොර දැක්කම ලැට් එකට යන්න හිතෙනවා. දවසක් අපේ එහෙක් ඔහොම ටොයිලැට් එක දැකලා කිව්වා "ටොයිලැට් එක නම් මරු !!! බිම බත් දාන් කන්න පුලුවන් !!!!" කියලා. ඉතින් අපි උගේ දවල් බත් එක දුන්න ලැටි එකේ ඉදගෙනම කාපිය කියලා !!!!

    ReplyDelete
  3. ඕක ඇතුලත් මේ වගේම තියනවද දන්නේ නෑ......:P

    ReplyDelete
  4. @මධුරංග :
    හික්!
    රුහුණේ ඉන්න සෙනගේ හැටියට දම්වැල අදින්න තියා දම්වැලක් පේන්නෙවත් නෑනේ.
    අනික කෝච්චිය මග නවත්තල දහස් ගානකින් කන්න හම්බෙනකොට කෝමද දැනෙන සනීපෙ.
    ලැට් එකේ ඉඳන් බත් කනවට වඩා අමාරුයි ගුටි කන එක.

    @ශයංග : ඕනෙම දේක පිටින් කෝම පාට ගාල තිබ්බත් ඇතුල එක වගේ තමයි මල්ලි.

    ReplyDelete
  5. ඔව් බං මම දැකපු එක ඔයිට ලස්සනයි වගේ. කෝ මේ අසිතයා පොටෝ එක දැම්මෙ නෑනෙ තාම.

    ReplyDelete
  6. අඩේ වැසිකිලිය ලියල තියෙන ෆොන්ට් එකත් මහනුවර යුගයේ එකක් වගේ..

    ReplyDelete
  7. @Kavinda: ඔව් බං. මේක රජ කාලෙ එකක්ම තමයි...

    ReplyDelete
  8. හෙහ් හේ මරුනේ....

    ReplyDelete
  9. අර iifa ආපු කාලෙ පටන්ගත්ත ඔය කියනව වගේ තොරණ වගේ කෝච්චියක් ක‍ටුනායක ඉඳල කොළඹට... ලඟක් වෙනකන් ඒක දැක්ක..කෝච්චිය යන්ව විතරයි,සෙනඟ නෑ. ටිකට් එක පට්ට ගනන් ඒකෙ. තාම යන්වද දන්නෙ නෑ.ලංකාවෙ ඔහොම ඒව ටික කාලයයි නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...